ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි

Showing all 2 results

Show:

WAENISIYE BANDARA – වැනීසියේ බණ්ඩාර

Highlights:

”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක… උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

මගේ චිකාගෝ හදවත

Highlights:

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.

ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping