Gayan Chanuka Vidanapathirana

Gayan Chanuka Vidanapathirana

Showing all 12 results

Show:

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

Highlights:

“එකල්හි නර්මදා නාරජු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ දණින් වැටි ඇදිලි බැද ගෙණ “ස්වාමිනි, අපට වන්දනා කිරිමට කුමන හෝ වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා යාච්ඤ කළේය.

අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

Highlights:
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්‍යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.

සැරියුත් මහ රහතන් වහන්සේ

Highlights:
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්‍රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.

උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

Highlights:
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය වනාහි අප මහා ශාන්ති නායක ශක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකා නමයි. එසේ ම සෘද්ධිමත් භික්ෂූණීන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. මෙහි අතුලත් වන්නේ එතුමියගේ ජීවිත කථාව හා සම්බන්ධ තවත් කථා පුවතය.

අංගුලිමාල මහ රහතන් වහන්සේ

Highlights:
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ

Highlights:
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ

Highlights:
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

ඛේමා මහ රහත් තෙරණිය

Highlights:

ඛේමා මහ රහත් තෙරණිය

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Highlights:

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.

බක්කුල මහ රහතන් වහන්සේ

Highlights:

“…..පසුව සිව්වණක් පිරිස එක්ව බක්කුල මහ රහතන් වහන්සේ ගේ ශේෂ වු අස්ථි ධාතු නිදන් ගත කර සැවත් නුවර ස්තූපය ‘බක්කුල මහ සෑය’ යනුවෙන් ප්‍රකට විය. බොහො දෙවියෝද මනුෂ්‍යයො ද බක්කුල මහ රහතන් වහන්සෙගෙ අස්ථි ධාතු නිදන් ගත කර තැනු එම ස්තූපය වන්දනා කර සිත පහදවා ගෙණ දෙව් මිනිස් සැප සම්පත් උදා කර ගත්හ.”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping