Kapila Gamini Jayasinghe

Kapila Gamini Jayasinghe

Showing all 16 results

Show:

පාඩු, අලාභ වන්දි නීතිය

Highlights:

මෙම ග්‍රන්ථ‍ය මගින් පාඩු, අලාභ වන්දි නීතියට අදාළ පහත දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා විනිශ්චිත නඩු තින්දු 249 ක් ඇසුරින් සරල සිංහලයෙන් විග්‍රහ කෙරෙන පරිච්ඡේද 20 ක් සංගෘහිතකර ඇත. එසේම මාතෘකා අනුව වර්ගීකරණය කරන ලද 2022 අප්‍රේල් මස දක්වා යාවත්කාලීන කළ විනිශ්චිත නඩු තීන්දු නාමාවලියක්ද මෙහි අන්තර්ගත වේ.

උගස් නඩුකර

Highlights:

ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.

සිවිල් අභියාචන නඩුකර

Highlights:

පරිච්ඡේද 18 ක්පුරා විහිදෙන ආකාරයට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් විනිශ්චිත නඩු තීන්දු සිංහලයෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා දෙකෙන්ම අන්තර්ගත කොට සිවිල් අභියාචන නඩු වලදී වැදගත් වන නීති ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සිවිල් අභියාචන නඩුකර ග්‍රන්ථ‍ය රචනා කර ඇත.

තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීම | සිවිල් නඩුවල පියවර – 3

Highlights:

සිවිල් නඩුවක නඩු තීන්දුව ප්‍රකාශකිරීම, එම තීන්දු ප්‍රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.

අන්තිම කැමති පත්‍ර නීතිය

Highlights:

අන්තිම කැමතිපත්‍රක තිබිය යුතු අනිවාර්ය අංග, අන්තිම කැමතිපත්‍ර වර්ගීකරණය, හවුල් අන්තිම කැමතිපත්‍රවල විශේෂතා, අන්තිම කැමතිපත්‍රක නීතිමය වලංගුභාවය, ඒවා අවලංගු කළ හැකි ආකාරය, අන්තිම කැමතිපත්‍රක නැති වුවහොත් බලපාන නීති තත්ත්වය, අන්තිම කැමතිපත්‍රක් ඔප්පු කරවා ගැනීමට අධිකරණයක් වෙත යාමේ කාර්ය පටිපාටිය, මියගිය අයෙක් නාමිකයකු පත් කළවිට එය අන්තිම කැමති පත්‍ර නීතියට බලපාන හැටි, රජයේ ඉඩමකට අන්තිම කැමතිපත්‍රයක් ලිවිය හැකිද, අන්තිම කැමතිපත්‍ර වලට සම්බන්ධ වැරදි මොනවාද යනාදී වැදගත් කරුණු මෙම කෘතියේ අන්තර්ගතවේ.

නිහැඬියාවේ ගීතය

Highlights:

ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.

සිවිල් නඩුවල විසඳිය යුතු ප්‍රශ්න

Highlights:

සිවිල් නඩුවල අතිශයින්ම වැදගත් අංගයක් වන විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳ පරිච්ඡේද දාහතරකින් යුතු සිංහලයෙන් ලියැවුණු මෙම ග්‍රන්ථයෙහි විනිශ්චිත නඩු තීන්දු හා සියලු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් සරල සිංහලයෙන් විග්‍රහ කර ඇත.

මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.

රක්ෂණ නීතිය

Highlights:

අවිනිශ්චිත ජීවිතයේ කවර මොහොතක අනතුරකට හෝ රෝගයකට ගොදුරු විය හැකි බැවින් රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ නිසා රක්ෂණ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නීතිඥවරුන්ට, නීති සිසුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයින්ටත් එකසේ වැදගත් වේ. ‘රක්ෂණ නීතිය’ ග්‍රන්ථය සම්පාදනය වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමටයි.

මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.

වාරණ සහ තහනම් ආඥා

Highlights:

කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.

BUY EBOOK VERSION

බූදල් නඩු තීන්දු

Highlights:

බුදල් නඩු කාර්ය පටිපාටියට අදාළ ව සිංහලෙන් නීති ග්‍රන්ථ කිහිපයක් පළවී තිබුණත් බූදල් නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ප්‍රායෝගික තත්වයන් අරබයා අංග සම්පූර්ණ නඩු තීන්දු සංග්‍රහයක අඩුව නීති සාහිත්‍යය තුළ තිබුණි. මේ අඩුව පිරිමසමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.

BUY EBOOK VERSION

ප්‍රතිශෝධන අධිකරණ බලය

Highlights:

නීතිය සම්බන්ධයෙන් ඇති ප්‍රතිශෝධන අධිකරණ බලය පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි. නීතිවේදීන්ට, නීතිය හදාරන සිසු සිසුවියන්ට ඉතා වැදගත්ය. පසුගිය වසරේ අගභාගය දක්වා ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව අසන ලද සියලුම පොහේ නඩුවල තීන්දු මෙහි ඇතුළත් වේ.

BUY EBOOK VERSION

අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර

Highlights:

නිශ්චල දේපළ අයිතිය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර පිළිබඳ මේ කෘතිය ලියා තිබේ. පරිච්ඡේද 13 කින් සමන්විත මේ කෘතිය නිශ්චල දේපල අයිතිය සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු මෙයින් සාකච්ඡා කෙරේ.

BUY EBOOK VERSION

බැංකුව, ගනුදෙනුකරුවා සහ නීතිය

Highlights:

බැංකුව හා ගනුදෙනුකරුවා අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ සිංහලෙන් ගැඹුරු විමර්ශනයක යෙදුණු කෘතියක් නොමැති බැවින් එම අඩුව සපුරාලමින් මෙය සම්පාදනය වී තිබේ. සිංහල හා ඉංග්‍රීසි බසින් අධිකරණ කටයුතුවල නිරතවන නීතිfවිදීන්ටත්, නීති සිසුන්ටත් නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටත්, බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සම්පාදනය වී ඇති බව කිව යුතුය.

BUY EBOOK VERSION

විවාහ නඩුකර

Highlights:

විවාහය සම්බන්ධ නීති, විවාහයක් විසුරුවා හැරීමට ඇති අවස්ථා, එවැනි අවස්ථාවක දේපල බෙදන ආකාරය, නඩත්තු ගෙවීම් වැනි විවාහයක් සම්බන්ධව සියලු නීතිමය පාර්ශ්වයන් ආවරණය කරමින් ලියැවුණු ග්‍රන්ථයකි. විවාහ සම්බන්ධව 2014 තරම් මෑත කාලය දක්වා වූ නඩු තීන්දු පිළිබඳව තොරතුරු ද මෙහි අන්තර්ගත වේ. නීති ශිෂ්‍යයන්ට, නීතිවේදීන්ට, සහ නීතිය පිළිබඳව පර්යේෂණ කරන පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය පාඨක ජනතාවට ද වටහාගත හැකි සරල සුගම බස්වහරකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.

BUY EBOOK VERSION

මාර්ග අයිතිය

Highlights:

මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping