Kumara Siriwardene

Kumara Siriwardene

Showing all 11 results

Show:

සැඟවුණු සංකේතය

Highlights:

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

භූතාවේශය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

සම්භවය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

නිරය

Highlights:

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

ශිව – වායුපුත්‍රවරුන්ගේ ශපථය

Highlights:

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?

ඩ වින්චි කේතය

Highlights:

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

ශිව – මෙලුහාවේ අමරණීයයෝ

Highlights:

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැණි ප‍්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

ශිව – නාගයන්ගේ රහස

Highlights:

නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු  ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

සමුදුරු සංහාරය

Highlights:

සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා  යෙදුනු වීර චාරිකාවක් පිළිබද මහා කවි හෝමර් පැවසු කතාවකි. ලියඩ් සහ ඔඩිසි ග්‍රීක මහා කාව්‍ය වෙයි.කතුවරයා මහා කවි හෝමර් ය.ඉලියඩ් හි ත්‍රෝජපුර සංග්‍රාමයේ අවසන් වසරේ සති කිහිපයක් පමණක් විස්තර වෙයි.එහි ප්‍රධාන චරිතය අකිලීස් පසමිතුරු ප්‍රබලයා හෙක්ටර් මරාදැමීමෙන් අනතුරුව සංග්‍රාම බිමේ සිදුවන කිසිවක් ඉලියඩ් වෙතින් විස්තර වන්නේ නැත. එහි දිගුව වන ඔඩිසි හි ප්‍රධාන චරිතය රණශූර යුලිසීස් ය. සංග්‍රාමය අවසන් වූ ආකාරය ඔඩිසි හි විස්තර කරන්නේ යුලිසීස් වන අතර හෙතෙම සිය රටවූ ඉතාකාවට පැමිණෙන්නේ සංග්‍රාමය නිම වී වසර දහයකට පසුය.සමුදුර හරහා ඔහු කළ වීර චාරිකාව ඔඩිසි – සමුදුරු සංහාරය වෙතින් විස්තර වෙයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping