Premachandra Alwis

Premachandra Alwis

Showing all 7 results

Show:

ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්

Highlights:

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

ලක් බිමේ තවත් යුගයක්

Highlights:

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.

වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.

ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ  ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්‍රශස්ත ය.

මෙම කෘතිය ලංකාවේ ‌ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්‍රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.

-තිලකරත්න කුරුවිටබණ්ඩාර

සුදු වැද්දා

Highlights:

“අර අසරණ තරුණිය නාලිනිට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම ඇය රැක බලා ගන්නම් “මඳ වෙලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඩහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” “බොහෝම ස්තුතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ “

කුමාරයා

Highlights:

නිකොලොයි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලී “කුමාරයා” ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා” දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ “ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා” දෙස බැලු විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනෙකු අනුගමනය කරන ක්‍රියාමාර්ගය විනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේයැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචනවලටත් දෝෂාරෝපණවලටත් පදනම් වුවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයන්ටම පමණක් ගැලපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ. එසේ වුවද “කුමාරයා” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ඡාවට භාජනය වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම ශ්‍රේෂ්ට කෘතිවලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද “කුමාරයා” පත් වීය යන්න තවත් විචාරකයන්ගේ මතයයි

වනගත ලංකා

Highlights:

WILD CEYLONA නම් කෘතියේ සිංහල පරිවර්තනයයි “වනගත ලංකා”. වනයත්, වැදිජනයා ගැනත් ආර් එල් ස්පිට්ල් අතින් ලියැවුණු පළමුවන ග්‍රන්ථය මෙයයි. ඔහු මෙම කෘතිය හරහා වනයේ විසිතුරු බවත් වැදි ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් පිළිබඳ කරුණු කාරණා ඔහු මැනවින් ඉදිරිපත් කරයි.

වන වැදුණු දොස්තර

Highlights:

Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness  ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”

ලක් බිමේ සත් වසක්

Highlights:

මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping