Rani Senarathna Rajapaksha

Rani Senarathna Rajapaksha

Showing all 9 results

Show:

ලිහිණියකුගේ ප්‍රයාමය

Highlights:

ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.

වනයෙහි උපන්

Highlights:

ගීත ගෝවින්ද උපන්නේ මහ වන මැදයි; කුඩා කාලයේ හැදුණේ වැඩුණේ මහ වන මැදයි. වනයේ මහ රජවරුන් වැනි මහා වනස්පති, ගංගා, ගිරි කුළු මතින් රූරා බස්නා ජල ධාරා, රාත්‍රියෙහි අශනි පහරින් ඒකාලෝක වන මහා වර්ෂා, තුරඟාගේ දිවියාගේ මුවාගේ නාගයාගේ ගමනෙහි කදිම ලාලිත්‍ය‍ය, “පියාපත් බර පමණක් ඇතිව පියාසර කරන” පක්ෂීන්, රෑන් රෑන් එල්ලෙන සුන්දර මල් පොකුරු

යුරි ගගාරින් : තරු මගට පිවිසුනේමි

Highlights:

1961 අප්‍රියේල් 12 දින ඔහු ඉතිහාසය පිටු අතරට සිය නම එක් කලේ සෝවියට් දේශයේ කීර්තිමත් පුරවැසියකු ලෙස ලොව නියෝජනය කල ඔහු මියෙනතුරුම කොමියුනිස්ට්වාදියකු ලෙස මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කැප වුවේය’ ප්‍රථම අභ්‍යවකාශ චාරිකාවක් සමග ලොව පුරා ඇගැයුමට හා උපහාරයට ලක් වූ ඔහු සිය දේශය තුල ඉහලම සම්මානයෙන් එනම් ‘සෝවියට් සංගමයේ විරය’ සම්මානයෙන් පිද්ම් ලැබිය.

අසිරි සිරිනි 5

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

අසිරි සිරිනි 7

Highlights:

“පිළිකාවක් එක්ක සටන් කරන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක ඒ ගමන ඉවසීමෙන් යන්න – ඔබේ ප්‍රතිකර්ම අවසන් වුනාම කොන්දේ ආපහු තිබුනා වගේම ලස්සනට හැදෙනවා. සිරුරත් ආපසු තිබුනා වගේම යථා තත්වයට පත්වෙනවා. කරන්න බැරි දෙයක් වගේ මුලින් පෙනුනත් ඔබට ඇත්තෙන්ම ඒ සටන ජයගන්න පුළුවන්. මම එක කළා . ඔබත් උත්සාහය අතාරින්න එපා.

ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි

Highlights:

නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්‍රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’

කළු සරප පැටියා

Highlights:

නඩිෆා මොෙහාමඩිගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය’ දස හැවිරිදි පිරිමි දරුවෙකු සිටියදී ඔහු ඒඩන් නගරයේදී ‘විදි දරුවෙකු ‘ ලෙස කාලය ගත කල අයෙකි. ඔහුට ජිවිතයේ සැම දෙයක්ම අහිමි වෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජීවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගේන් ෙවන්ව ගිය තම පියාව සොයා ගැනීමට යැමයි. ඔහු මේ ගමන ඇරබුයේ පා ගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද , ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දිරඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යට පැමිණීමට සමත් වේ.

ගින්දර පලදනාව

Highlights:

ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙකු හා කෙටිකථා කරුවෙකු වන නැතනියෙල් හොෙතා්ුන්ගේ නිර්මන්වලියෙහි අග්‍ර කෘතිය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතීන් අතරින් එකක් ලෙසද ඉහල සම්භාවනාවට පාත්‍ර වැන්නකි’ 1850 වසරේදී රචිත ගින්දර පලදනාව 1642- 1649 දක්වා වූ කාල වකවානුව කෙන් කර ගනිමින් රචිත ෙඵතිහාසික කතා තේමාවකින් යුතු නවකතාවකි’ අවනීතිය පාපය හා හෘද සාක්ෂිය ප්‍රබලත්වය මෙම නවකතාවේ ප්‍රමුඛ කතා තේමාවයි’ ස්ත්‍රීයක ප්‍රධාන චරිතය ලෙස ගෙන එකී තේමාව සක්ජ්ජාවට බදුන් කල ලොව ප්‍රථම නවකතාව ලෙසද මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වෙයි’

රත් වරලෙති ලිය

Highlights:

ළිං කනින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සදහා එක්තරා ගිම්හාන ස්රිතුවේදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවරිදි ජෙමි ඔහුට වඩා වයසින් දෙගුණයකට වඩා වැඩිමහල්’රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැදෙයි’ ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්දි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ජ්ස්ථානයට ළගා වෙයි’ පියවරුන් සහා පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සහිතයය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ කාව්‍ය සාහිත්‍යය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණිය ගද්‍ය කාව්‍යයකි’ නොබෙල් සාහිත්‍ය ත්‍යගලාබි තුරකී ලේකක ඔරහ්න් පමුක්ගේ’ නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාව මෙයයි’

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping