Thushari Abeysekare

Thushari Abeysekare

Showing all 7 results

Show:

ස්නේහයේ දාසි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ආදරයට සීමාවක් නැත. ජාති, කුල, ආගම් භේද නැත. දුප්පත්, පොහොසත්, උස්මිටි භේද නැත. කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම් මේ නවකතාව පුරා විහිද යයි. ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර ඒ ආදරණීය සිතුවිලි සරලව නවකතාවක් තුළට මෙසේ කැටිකොට ඔබ අතට පත් කරයි.

ලාබයි ඇපල්

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි.

දහස්පෙති

Highlights:

වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

සිහින දූවිලි

Highlights:

විදේශිකයන්ගේ ආගමනය නිසාවෙන් ගරා වැටුණු දකුණේ සංස්කෘතියත්, ඒ නිසාවෙන්ම සිදුවුණු මිශ්‍ර ජාතික දරුවන්ගේ පැතිරීමත් හා යම් යම් සමාජ තලයන්හිදී මානසිකව සිදුවන ඒ දරුවන්ගේ පිරිහීමත්, ලිංගික අපචාර හා ගෘහස්ථ වද හිංසාවලට ලක්වන මුහුදු බඩ දරුවන්ගේ ඉරණම පිළිබිඹු කිරීමත් අරබයා සාධාරණයක් ඉටුකිරීම පිණිස ප්‍රවීණ නවකතා කාරියක වන තුෂාරි අබේසේකර විසින් මේ කෘතිය ලියනු ලැබ තිබේ.

සුදු කපුරු පෙති

Highlights:

2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.

තනි මිනිසා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් ගුණසේන සමාගම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම නවකතාව ‘තනි මිනිසා’ වේ. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරණ ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය.

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart