Martin Wickramasinghe

Lama Hewage Don Martin Wickramasinghe commonly Martin Wickramasinghe, MBE (Sinhala: මාර්ටින් වික්‍රමසිංහ) (29 May 1890 – 23 July 1976) was a Sri Lankan author. His books have been translated into several languages. Martin Wickramasinghe is often acclaimed as the father of modern Sinhala literature.

Honors and Awards

  • Appointed Member of the Radio Broadcasting Commission – 1953
  • Appointed Member of the Order of the British Empire, by Her Majesty Queen Elizabeth II in person – 1954
  • Award for the best news paper article for the year “The fall of the Brahmin Class” – 1956
  • The novel “Viragaya” wins the Don Pedric Award for the best novel of the year – 1957
  • Awarded a Honorary PhD by the Vidyodaya University – 1960
  • Awarded a DLitt by the University of Ceylon – 1963
  • UNESCO Award for his book “The Rise of the Soviet Land” – 1964
  • Awarded a DLitt by Vidyalankara University −1964
  • Awarded a DLitt by the University of Ceylon, Colombo – 1970
  • Receives the first Presidential Award for Literature – 1974

කතා අහුර

Highlights:

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්‌’ ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

බිල්ල සහ අපූරු මුහුණ

Highlights:

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.

හඳ සාක්කි කීම

Highlights:

1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා,  තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.

පව්කාරයාට ගල් ගැසීම

Highlights:

1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල්‌ ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.

වහල්ලු

Highlights:

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.

ගැහැනියක් සහ තවත් කෙටි කතා

Highlights:

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය. “මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය.”

ගම්පෙරළිය

Highlights:

ගම්පෙරළිය විවිධ මට්ටමි වලින්‌ රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ ගැබ්වුණු උසස්‌ ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන්‌ සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන්‌ ගත්‌ පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස්‌ කලා කෘතියක්‌ බවට පත්වූවා පමණක්‌ නොව, සිංහල නවකතාව එතෙක්‌ පැවති අසංස්කෘතික මට්ටමෙන්‌ ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින්‌ පමණක්‌ නොව නවකතා ශිල්පය අතින්‌ ද සිංහල නවකතාවේ වැදගත්‌ සන්ධිස්ථානයක්‌ ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.

බව තරණය

Highlights:

සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරීසි භාෂාවලින් ලියූ බව බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරින් ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම් වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදුරදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නකුට උගත හැකිය.

යුගාන්තය

Highlights:

අපේ උසස්‌ සමාජයේ ජීවිතය චිත්‍රපටයකින්‌ මෙන්‌ වික්‍රමසිංහ මහතා යුගාන්නයෙන්‌ පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත්‌ අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම්‌ වස්තු කොට ගෙනය. ඒ සිද්ධීන්‌ සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන්‌ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන්‌ කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක්‌ හා අපූර්ව රසයක්‌ ඇති චමන්කාර ජනක කථාන්නරයකි.

විරාගය

Highlights:

ඇතුළු හදටම අරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බනීට දුරින් සිට ඔහු ආලය කෙළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපොච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි. විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි. 1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන්‌ බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන්‌ භාෂා වලින්‌ ද පළ වී ඇත.

කලියුගය

Highlights:

ග්‍රාමීය ජීවිතයත්‌ ඉංගිරිසි අනුකාරක වෙස්‌ ගත්‌ නාගරික ජීවිතයත්‌ සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත්‌ යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්‌, නන්දා, ඇලන්‌ යන චරිතයන්‌ මගින්‌ සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

කරුවල ගෙදර

Highlights:

කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතු හාමි ගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. රතු හාමිගේ’ චරිතය මහා ප්‍රතිභාවයෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.

මිරිඟුව

Highlights:

මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන්‌ වඩාම හොඳ නිර්මාණය මිරිඟුවයි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක්‌ වීය. කුරැඳුවත්තේ උසස්‌ පවුලක ඉතාම උගත්‌ විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස්‌ පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක්‌ දැනගන්ට ලැබීම එයින්‌ එක්‌ අරමුණයි. මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන්‌ ලත්‌ අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික්‌ අරමුණයි. ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින්‌ ඔවුන්ගේ පීවිත විගඩමක්‌ ලෙස මම නිරෑපණය නොකෙළෙමි. ඔවුන්ගේ උසස්‌ උදාර ගති මෙන්‌ මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන්‌ හෙළි කරන්ට වෑයම් කෙළෙමි.

සෝමා

Highlights:

මාර්ටින්‌ වික්‍රමසිංහ විසින්‌ ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකථාව වන ලීලා රචනා කොට අවුරැදු අටකට පසුව එනම්‌ 1922 දීය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින්‌ සෝමා, සමකාලීන කතා කලාවට නෑකම්‌ කියයි. එසේ වුව ද 20 වැනි සියවසේ මුල්‌ භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.

ලීලා

Highlights:

ලීලා නවකතාවට පසුබිම්‌ වී ඇත්තේ විචාරයෙන්‌ තොරව බටහිර පමණක්‌ නොව පෙරදිග ද පාරම්පරික අදහස්‌ හා සිරිත්‌ විරිත්‌ අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස්‌ ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත්‌ ඒ පිළිබඳව කෙරෙන විවේචනයන්‌ අදට ද වලංගු වේ. ලීලා කොතෙක්‌ දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්‌ කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත්‌ වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින්‌ වික්‍රමසිංහ විසිනි.

අයිරාංගිනි

Highlights:

මාර්ටින්‌ වික්‍රමසිංහ විසින්‌ ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන්‌ තරමක්‌ මිදී ඇති මේ නවකතාව බේදවාචකයකින්‌ අවසන්‌ වෙයි. 20 වැනි සියවසේ මුල්‌ භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත්‌ විරිත්‌ හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක්‌ මේ නවකථාව තුළ දැක්ක හැකිය.

රෝහිණී

Highlights:

පාසල්‌ කියවීම්‌ පොතක්‌ වශයෙන්‌ ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන්‌ විසින්‌ සම්භාවිත රෝහිණී නවකථාව පළමුවරට මුද්‍රණය වූයේ 1929 දිය. එවක පටන්‌ සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින්‌ ජනප්‍රිය වූ රෝහිණී, දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකමි ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත්‌ සිංහලයෙන්‌ ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක්‌ හැටියටත්‌ සැලකේ.

ශීතා

Highlights:

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිඹිබු කෙරෙන අද්භූත කතා සම්ප්‍රදායට අයත් වූවකි. එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණු අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.

අපේ ගම

Highlights:

දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම්‌ පැතුම්‌ වස්තු කොට ගත්‌ අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම්‌ විසින්‌ ගස් කොළන්‌, ඇල දොල, ගංගා හා ගැමියන්‌ ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන්‌ නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන්‌ ළමා පාඨකයන්‌ අතර බෙහෙවින්‌ ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.

මඩොල් දූව

Highlights:

අඩ සියවසකට අධික කාලයක්‌ මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත්‌ මඩොල්‌ දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත්‌ සැකැස්මකින්‌ හා නව සිත්තම්වලින්‌ සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක්‌ පිටපත්‌ දශ ලක්ෂයකට වැඩියෙන්‌ අලෙවි වී ඇති මඩොල්‌ දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන්‌ වැඩිපුරම කියවන පොත ලෙස සැලැකේ. රුසියන්‌, රුමේනියන්‌, චීන, බල්ගේරියන්‌, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන්‌ ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල්‌ දූව, එම රටවල ද බෙහෙවින්‌ ජනප්‍රිය නවකථාවකි.

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping