New Arrival

රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය

Highlights:

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.

අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්‍රසිද්ධියේ විවාහ වෙති.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අජුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් පව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

පියෙකුගේ කතාවක්

Highlights:

ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.

ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.

Think Straight: Change Your Thoughts, Change Your Life

Highlights:

“Think Straight” reveals the recipe for taking control of your mind, so you can improve your life, career, relationships, business. The Mind is the most powerful tool on earth. Change the way you think.

What It Takes To Be Free

Highlights:

“Liberty is slow fruit. It is never cheap; it is made difficult because freedom is the accomplishment and perfectness of man.”— Ralph Waldo Emerson

This book is for people who also believe personal freedom is the most important thing in life. In our free world, we can do what want, spend time with people we like, and have a career that gives us joy. And yet, we don’t use our freedom. Why is that?The problem is that we’re held captive by ourselves. On a deeper level, we all strive for the same To be free. It’s in our nature.Every human has the desire and the need to be free. What It Takes To Be Free will lead you on the path to personal freedom. It’s a highly practical guide that’s based on timeless wisdom and personal experience.You’re the ruler of your own kingdom. You can do anything you want, spend time with people you like, and have a career that you love. If you’re willing to do what it takes, you will be free to do those things.

Blue Ocean Strategy

Highlights:

In this perennial bestseller, embraced by organizations and industries worldwide, globally preeminent management thinkers W. Chan Kim and Renée Mauborgne challenge everything you thought you knew about the requirements for strategic success. Recognized as one of the most iconic and impactful strategy books ever written, BLUE OCEAN STRATEGY, now updated with fresh content from the authors, argues that cutthroat competition results in nothing but a bloody red ocean of rivals fighting over a shrinking profit pool. Based on a study of 150 strategic moves (spanning more than 100 years across 30 industries), the authors argue that lasting success comes not from battling competitors but from creating “blue oceans”—untapped new market spaces ripe for growth.

BLUE OCEAN STRATEGY presents a systematic approach to making the competition irrelevant and outlines principles and tools any organization can use to create and capture their own blue oceans. This expanded edition includes:

  • A new preface by the authors: Help! My Ocean Is Turning Red
  • Updates on all cases and examples in the book, bringing their stories up to the present time
  • Two new chapters and an expanded third one—Alignment, Renewal, and Red Ocean Traps—that address the most pressing questions readers have asked over the past 10 years

1000+ Little Things Happy Successful People Do Differently

Highlights:

Millions of readers turn to Marc and Angel Chernoff for fresh, intimate insights for a fulfilled life. In this pithy and empowering guide, they collect the very best advice they’ve discovered, on topics that include overcoming setbacks, letting go of what’s holding us back, nurturing relationships, finding time for self-care, and cultivating passion in order to achieve our wildest dreams.

Topics include:

  • 10 Mistakes Unhappy People Make
  • 28 Ways to Stop Complicating Your Life
  • 12 Tough Truths That Help You Grow
  • 12 Amazingly Achievable Things to Do Today
  • 10 Timeless Lessons for a Life Well-Lived

A perfect gift for a loved one or ourselves, this deceptively simple book is a touchstone to return to for a boost of motivation and inspiration.

1000+ Little Habits of Happy, Successful Relationships

Highlights:

Millions of readers turn to Marc and Angel Chernoff for fresh and relevant insights for living their best lives. In their newest guide, they share hard-won secrets for strengthening our connection to the loved ones who matter most. With their signature combination of common sense and uncommon wisdom, they bring together ideas for fostering intimacy and trust, expressing our needs, showing gratitude, and more. Topics include:

  • 10 things happy couples do differently
  • 10 powerful truths every parent should read
  • 7 things to remember about toxic family members
  • 20 powerful mantras to stop the drama in your life
  • 9 mindful ways to remain calm when others are angry

An inspiring touchstone to read with a partner, with a friend, or solo, this simple yet powerful book offers an instant insight for anyone seeking to better understand and nurture the bonds that bring us together and make our lives whole.

කුමාරයා

Highlights:

පාලකයා උගුල් තේරුම් ගැනීමට නරියෙක් ද වෘකයන් පලවා හැරීමට සිංහයෙක් ද විය යුතුය. පාලකයන්ට සේම පාලිතයන්ට ද, දේශපාලනය පිළිබඳ හැඳින ගැනීමටත්, හැදෑරීමටත් සුදුසු ම පොතක් සේ ලොව පුරා පිළිගැනෙන නිකොලෝ මැකියාවෙල්ලි (Niccolo Machiavelli) විසින් රචිත THE PRINCE කෘතියෙහි සිංහල පරිවර්තනයයි මේ.

විශ්මජනක සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 21

Highlights:

ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?

කොඳුරන දුපතේ දවසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20

Highlights:

කොඳුරන දූපත නොයෙක් අබිරහස් සිදුවීම් වලින් පිරුණු ගුප්ත තැනක් බවට කටකතා පැතිරී තිබුණා. ඒ කතා ඇත්තක් ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට හොර රහසේ ම කොඳුරන දූපතට ඇතුළු වුණා. දූපතේ පොළොව යට පිහිටි රහස් උමගක්..! පැරණි පිළිම සමූහයක්..! මේ අපූරු සොයාගැනීම් වලින් ළමුන් පුදුමයටත් සතුටටත් පත් වුණා..! මේ අතර ම තවත් පිරිසක් කොඳුරන දූපතේ සැරිසරමින් කුමක් හෝ රහස් කටයුත්තකට අර අදින බව පෙනෙනනට තිබුණා..! ඔවුන් ගේ අරමුණ කුමක් ද? ඔවුන්ගෙන් සමන්ට යම් කිසි කරදරයක් සිදු වෙයි ද?

ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18

Highlights:

ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව ‌යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.

හිම යායක සැඟවුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 17

Highlights:

හිම යායකින් වැසී ගිය පාළු කඳුකරය හරිම අපූරු දසුනක්..! ඒත් හිටි හැටියේ ම ඒ පළාතේ පොළොව යටින් නැගෙන අබිරහස් දෙදරුම් හඬ කුමක් ද? කඳුකරය සිසාරා පැතිරි යන වර්ණවත් මීදුම ඇති වන්නේ කොහොම ද? ළමුන් පුදුමයට පත් වුණා..! කඳු පාමුල හුදෙකලාව පිහිටි නිවසේ ගුප්ත බව ළමුන් ව තව තවත් කුතුහලයට පත් කළා. හිමෙන් වැසුණු මේ අපූරු පළාතේ සැඟ වී ඇති රහස් එකින් එක අනාවරණය කර ගන්නට ළමුන්ට හැකි වෙයි.

නටඹුන් අතරේ වැළලුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 15

Highlights:

මිනිසුන් අත හැර දමා ගොස් වල් බිහි වූ පිටිසර බද පාළු නිවසක්..! මහ රෑ අඳුරේ පාළු නිවසේ සැරිසරන්නේ කව්ද? හදිසියේ ම එක් දිනක් මහ රෑ පාළු නිවස අවට අඳුරු ගස් අතරීන් අත්භූත වර්ණවත් එළි අහසේ එහා මෙහා පාවෙන්නට පටන් ගත්තා..! මේ ගුප්ත සිදුවීම් වලින් ළමුන් කලබලයට පත් වුණා. නොපෙනෙන බලවේග වලින් ළමුන්ට යම් අනතුරක් සිදු සිදුවීම් අනාවරණය කර වෙයි ද? මේ අබිරහස් සිදුවීම් අනාවරණය කර ගන්නට ඔවුන්ට හැකි වෙයි ද.

අබිරහසින් පිරි සැණකෙළියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 14

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දාහතරවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

මීදුම් තැන්නේ රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 13

Highlights:

මීදුම් තැන්නේ ගුප්ත කාලගුණය ගැන නොයෙක් කට කතා පැතිර තිබුණා..! මැදියම් රැයේ දී මීදුම් තැන්නේ සිට අහසට විහිදෙන අබිරහස් එළියක්..! ඒ එළිය වටා ඉහළ අහසේ අඳුරේම සැරිසරන අත්භූත ගුවන් යානයක්..! ගුවන් යානයෙන් බිමට හෙළූ මලු වල ඇත්තේ මොනවාද? ළමුන් මේ අබිරහස් සිදුවීම් ගැන විපරම් කරන්නට පටන් ගත්තා. ඒත් මීදුමින් වැසී ගිය පාළු පරිසරයේ නොසිතූ විරූ ලෙස ඔවුන් අතරමං වුණා. ළමුන්ට මීදුම් තැන්නෙන් පිට වී එන්නට මග සොයා ගන්නට හැකි වෙයි ද? මේ අත්භූත සිදුවීම් වල සුලමුල කුමක් ද?

කුණාටු රැයේ අබිරහස් එළියක්..!

Highlights:

” මට ඊයේ රෑ කියන්න අමතක වුණා. ” ජුලියන් කිව්වා. ‘අපි මුහුදු කොල්ලකාරයින්ගේ රහස් පාරෙන් ඇවිත් මඩුවෙන් එළියට චීන කොට ගවනර් ඒ ළඟම තැනක හැංගිලා බලාගෙන හිටියා. එයා බලාගෙන ඉන්න ඇත්තේ අර මිනිස්සු දෙන්නා ඒ පාරෙන්ම ඇවිත් එයාට හොර බඩු ගෙනත් දෙනකල් වෙන්න ඕනේ.”

“ගවනර් මුලින්ම ඒ මිනිස්සු දෙන්නා කියලා අපිට රැවටිලා” ‘මම මෙහේ…!’ කිව්වා. ඒ වෙලාවේ අපි එයා ගැන සැක හිතුවේ නෑ. අපි පෙනේන්රුත්ලන් මහත්මයා එක්ක කුස්සියට වෙලා කතා කර කර ඉන්න අතරේ මඩුවේ ලෑලි පියන උඩින් දාලා තිබුණු ගෝනි අයින් කරලා අර.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දොලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

පාළු මැදුරේ සිරකරුවෙක්

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ එකලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

හවුස්මේඩ්

Highlights:

මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

ලිට්ල් ඩාලින්ස්

Highlights:

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

Highlights:

යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි.

එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping