Swarna Pusthaka

Swarna Pusthaka

Showing all 53 results

Show:

පහනක අඳුර

Highlights:

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.

අකාල අහස

Highlights:

“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”

ඔසඳ

“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”

කාසිම්

කුඹලා මැටි පදම්කළ හැටි

Highlights:

ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි

කරුනෙ

Highlights:

“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”

මුන්නක්කරේ සංසාරේ

Highlights:
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.

දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.

වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.

ඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.

කුර හඬෙකි වියැකෙන

Highlights:
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.

ගිරිජා

Highlights:
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Highlights:

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින
මහා කවියා වයෝවෘධ ය ;
බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම
දුබල ය.
බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක
ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ
පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක
ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ
ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්
චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක
ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.
ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු
මත්පැනට ඇබ්බැහි වේ.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්
නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.
කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.
ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා
කථිකාචාර්යවරියක විසින්
කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.
තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර
කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට
ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික
හැසිරීමට රුකුල් දුන්නී ද?

ප්‍රේමාක්ෂර

Highlights:
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

DUO – ඩුඕ

Highlights:

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.

විසඹසර

Highlights:
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

කැන්ඩි මහල්

Highlights:

මේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි’ ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි’ මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව’ මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි’ මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි’ මේ කොලොබ” යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

මලබාර් නෑයෝ

Highlights:

නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .

මන්දාරම් උයන

Highlights:

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.

වීනස්ගේ උපත

Highlights:

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.

ස්වප්න

Highlights:

දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.

පුලිඟු

Highlights:

මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…

මා 

Highlights:

ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.

ගුම්

Highlights:

ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.

මියුරු හඬ

Highlights:

බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ

පොල් මට්ටා

Highlights:

“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද

නිෂ්ක්‍රාන්තිය

Highlights:

මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.

රුදු රොන් සුනු

Highlights:

ඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.

පන්හිද

Highlights:

මයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ

තී හා තා

Highlights:

තී හා තා අසීමිත බැදීමක් පිලිබද කතාන්දරයකි . ආදරයක මටසිලු බව සේම රළු පරළු බවද එක්තැන් කල අමුතු නවකතාවකි.

නිම්නාගේ ඉතිහාසය

Highlights:

නිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .

රතු ඉරි අඳින අත 

Highlights:

මාරක කතා ,හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපෂනරිය අකයන අංග වේගයෙන් දිවෙන ක්‍රියාදාමවලින් යුතු නවකතාවක් සදන්නට එකලස කරන රතු ඉරි අදින අත සරල කලකමිත්වය සහා මතුපිට සංස්කෘතික බාවයෙන් තුනී ආවරණය යටින් ඇති සමකාලින ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිධිදමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබද අනුවේදනීය චිතරයක් ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

කුමර කොබෙයි

Highlights:

නිහඩ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය සැගවී සිටින සිය පෙම්වතා ,කලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය.

අතකින් අම්මා ය අතකින් මෙරමා ය

Highlights:

එක්තරා දිනක කුණාටුවකට හසුව , කුඩුව සිදී ගසාගෙන ආ ගිරා පොතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැණු ළමයි දෙදෙනෙකු අරාමයට ගොඩ වැදෙනවා.මේ ළමුන් දෙදෙනා , පසු කලෙක , අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගත් දිගේ දෙඅකාරයකින් තම අතීතය සොයාගෙන යනවා.

බලන් පුර සිරි නෙත් වසා 

Highlights:

එත් මචං මං උබට එකක් කියන්න ඕන යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි.

දෙගොඩවාරම

Highlights:

ගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?

මධුර මන්තර

Highlights:

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.

බාණ කුසුම්

Highlights:

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.

සිදුරු පත්තර

Highlights:

රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.

භේරුණ්ඩ කැදැල්ල

Highlights:

නිත්‍යා යක්ක්ෂ බැල්මෙන් ම දෙස සිටියාය හැම විට ම ඈගේ සිත තුල ජිවිත වූ මදන යකින්නිය මැ දෙස බලමින් අගමැලි කඩනු මම අත් දකිමින් සිටියෙමි.

මැස්සා

Highlights:

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,

ආරාමදාස

Highlights:

ඉතිහාසය ගොඩනැගීමටත් ඊට යටත්වීමටත් එකක් නොව , හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලි දෙකකි . මේ දෙමගින් කුමක් ඔස්සේ ගමන් කල යුතු දැයි කෙරෙන ,

කදඅරනි

Highlights:

අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.

ජිවිතයේ ඔයිල් පැල්ලම

Highlights:

උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..

කොමල මාණවක

Highlights:

දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.

මුක්ති

Highlights:

මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.

කන්ද උඩ ගින්දර

4.8 ★
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

පේත

Highlights:

සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.

අව පෑලවිය

Highlights:

ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.

තැප්පා සේම ගිනි

Highlights:

තැප්පා සේම ගිනි

වණ්ණ දාසි

Highlights:

ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.

ස්වයංජාත

Highlights:

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?

චක්‍ර

Highlights:

විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.

සන්තිපරං

Highlights:

බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.

අදිසි නදිය

Highlights:

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

ධරණී

Highlights:

” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “

සක්කාරං

Highlights:

මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping