Buddhism

Buddhism

(Showing 121 – 180 products of 213 products)

Show:

සිසිලියේ සදහම් සුවඳ

Highlights:

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් සිසිලියේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.

BUY EBOOK VERSION

ප්‍රංශයේ සදහම් සුවඳ

Highlights:

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් ප්‍රංශයේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.

සතර කමටහන් භාවනා විධි

Highlights:

ප්‍රායෝගිකව භාවනාව වැඩීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.

BUY EBOOK VERSION

ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව

Highlights:

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසාර ගැඹුරු දහම් කරුණු සරලව, සුගමව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැවෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.

 

දහම් දැනුමට අත්වැලක්

Highlights:

පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙකුටම වැදගත් වන්නකි.

BUY EBOOK VERSION

ධම්මගවේසි

Highlights:

බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිත කාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ඡා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුළත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ඡා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ‘ධම්මගවේසී’ ධර්ම සංග්‍රහයේ එයි.

BUY EBOOK VERSION

බෞද්ධයාගේ පිං පොත

Highlights:

බුදු දහමට අනුව අපි ඉපදෙමින් මියයමින් සසරේ නොනවතින ගමනක යෙදෙන්නෙමු. අපගේ මතු අත්භවය සැපවත් හෝ දුක්බරවීමට පුළුවන. නමුත් පින් දහම්හි නිරතවීමෙන් මතු අත්භවයේ දුක්ඛිත ස්වභාවයක් ලැබීමට ඇත්නම් එය වළක්වාගත හැකිය. මෙම කෘතිය ඒ සඳහා මග විවර කර දෙයි.

BUY EBOOK VERSION

යොවුන්විය, විවාහය හා බුදු දහම

Highlights:

තරුණ පරපුර ඉළක්කකොට ලියැවී ඇති මෙම කෘතිය බුදු දහම අනුව ජීවිතය හැඩගස්වා ගන්නා අන්දම විස්තර කරයි. විශේෂයෙන් සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීම පිළිබඳව බුදු දහමේ අඩංගු කරුණු මෙයින් සරලව පහදා දෙයි. මනසින් හා සිරුරින් සෞඛ්‍ය සම්පන්න පරපුරක් සමාජයට දායාද කිරීම මෙහි අවසන් අරමුණ වී තිබේ.

BUY EBOOK VERSION

ධම්මපද ප්‍රදීපය

Highlights:

බෞද්ධයන්ගේ දහම් අත්පොත ලෙසත්, බුදු දහමේ සාරය ලෙසත් ප්‍රකට, ‘ධම්ම පදය’ ඇසුරින් සම්පාදනය කරන ලද මෙම කෘතියෙහි ධම්ම පදයේ ගාථා, ඒවායේ නිදාන කතා ආදිය පුළුල්ව විස්තරකොට තිබේ. ධර්මදේශනා සිදුකිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත්වන මෙය, ධම්ම පදය පිළිබඳ සැළකිල්ලක් දක්වන, ඒ පිළිබඳ අධ්‍යයන සිදුකරන සියල්ලන්ටම ප්‍රයෝජනවත්වන කෘතියකි.

වන්දනා ගාථා සහ දොළොස් පොහොය

Highlights:

වසරකට පොහොය දොලොසකි. පොහොය දොලොස පිළිබඳ කරුණු අවශ්‍ය වන්නේ උවැසි උවැසියන්ට ය. එබැවින් මේ කෘතිය එම පොහොය පිළිබඳ විස්තර මෙන්ම සිල්සමාදන් වීමේදී මෙන්ම වෙනත් බුද්ධ වන්දනා අවස්ථාවන්හි දී භාවිතයට ගත හැකි වන්දනා ගාථාවන් ද හඳුන්වා දෙයි.

BUY EBOOK VERSION

තිසරණ වන්දනා ගාථා

Highlights:

බුද්ධ වන්දනාවේ දී එය මානසික සහ චාරිත්‍රානුකූල වශයෙන් පරිපූර්ණ වන්නේ අවශ්‍ය වන වතාවත් නිවැරදිව අනුගමනය කිරීමෙනි. බෞද්ධයන්ට වුව ද ඇතැම් විට බුද්ධ වන්දනාවකට අදාළ ගාථා පිළිබඳ අවබෝධයක් නොමැත. ඇතැම් විට ඒවා පිළිවෙලක් නොමැත. ‘තිසරණ වන්දනා ගාථා’ කෘතිය ඒ සඳහා ඔබට මග පෙන්වයි. තැන තැන රැගෙන යා හැකි පහසු ප්‍රමාණයකින් ද මුද්‍රණය කොට තිබේ.

BUY EBOOK VERSION

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 1

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

BUY EBOOK VERSION

සමථ භාවනා විධි

Highlights:

නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහා ද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත්, සම සතළිස් කර්මස්ථාන සහ ඒවා තෝරා ගැනීම පිළිබඳ සියලු විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.

ආනාපානසති භාවනා විධි

Highlights:

දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංසවලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ, ඒකාග්‍රතාවයි. ඒ නිසා දාන සීලා දී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

Highlights:

බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්‍රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.

පංච තන්ත්‍රය

Highlights:

මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ඉන්දියාවේ විසූ විෂ්ණු ෂර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ්‍රයෙන් මෙය සකස් වී ඇත.

BUY EBOOK VERSION

සෙත් පිරිත්

Highlights:

සෙත් ශාන්තිය පතා භාවිත වන සෙත් පිරිත් සියල්ලම ඇතුළත, පහසුවෙන් භාවිත කළ හැකි සේ කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය වූ කෘතියකි.

සුභාෂිතය

Highlights:

‘සුභාෂිතය‘ යන්නෙහි වචනාර්ථය ‘මනා ලෙස ප්‍රකාශ කරන දෙය’ යන්න ය. මේ කෘතිය පුරා ප්‍රකාශ වන්නේ ප්‍රශස්ත උපදේශාවලියකි. මේ උපදේශ සමූහය යහපත් සමාජ පැවැත්මක් උදෙසා වන පොදු ව්‍යවස්ථා පද්ධතියකි. එබැවින් කතුවරයා මෙය ‘නීති ශත’ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. ‘සුභාෂිතය’ යන ග්‍රන්ථ නාමය කතුවරයා විසින් ම යොදන ලද්දක් ද, පසුව යෙදුනක් ද යන්න පැහැදිලි නැත.

BUY EBOOK VERSION

සිතිවිලි සියය

Highlights:

හැම මිනිසාටම සිව්පසය හෙවත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස සහ ලෙඩට බේත් හේත් අවශ්‍ය ය. එහෙත් එපමණකින්ම ජීවිතය අංග සම්පූර්ණ යැයි සිතීම මුලාවකි. ජීවිතයට සරු උපදෙස් මේ සිතිවිලි සියය කාතියෙන් ලබා ගත හැකි ය.

සද්ධර්ම රත්නාවලිය

Highlights:

‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.

වෙස්සන්තර කතාව

Highlights:

වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.

ලෝවැඩ සඟරාව

Highlights:

වීදාගම මෛත්‍රය හිමිපාණන් විසින් රචිත මෙහි ත්‍රිපිටකයෙහි ඇතුළත් වැදගත් ධර්ම කරුණු රැසක් කවිවලින් දක්වා තිබේ. එබැවින් මේ කෘතිය ප්‍රගුණ කිරීමෙන් ත්‍රිපිටකය පිළිබඳව ද යම්තාක් දැනුමක් ලබා ගත හැකි වේ. කවි 140 කින් යුක්ත මෙහි 140 වැනි කවියෙන් මෙය වීදාගම මෛත්‍රය නාහිමිපාණන් විසින් සම්පාදනය කොට ඇති බව කියවේ.

BUY EBOOK VERSION

ලෝකෝපකාරය

Highlights:

උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා

Highlights:

සතිය යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවිම සතිපට්ඨානයයි. සියලු දුක්ඛ දෝමනස්සයන් නසා නුවණ වැඩීමට මෙය ඉවහල් වෙයි. එබැවින් සතිපට්ඨානය වැඩීම සෑම බෞද්ධයකු විසින්ම මනාව වටහාගත යුතු ය. මෙම කෘතිය එයට මහඟු අත්වැලක් සපයයි.

මහ පිරිත් පොත (ඝන බැම්ම)

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

මහ පිරිත් පොත

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

බෞද්ධ නිවස

Highlights:

තමා තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයකු යැයි ප්‍රකාශ කිරීමෙන් පමණක් නියම බෞද්ධයකු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ දහමත් චරිතයත් අප මැනවින් දත යුතුය. නිවසක් බෞද්ධ නිවසක් වන්නේ එවිට ය. මේ කෘතිය සියලු බෞද්ධයන්ට ඒ සඳහා අත්වැල සපයයි.

බුද්ධ ගද්‍ය සහ සකස්කඩය

Highlights:

පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

BUY EBOOK VERSION

බුද්ධ ඇදහිල්ල

Highlights:

සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.

බුදුහාමුදුරුවෝ

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කර දෙයි.

බුදුගුණ අලංකාරය

Highlights:

දහම්ගැට මාලාව, හංස සංදේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්‍රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලින ලද තවත් කෘතියක් ලෙස ‘බුදුගුණ අලංකාරය‘ දකින්නට පුළුවන. බුදු රජාණන් වහන්සේ ගුණ කදම්භයේ සෞන්දර්යාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලගි ය.

පූජාවලිය

Highlights:

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.

පංච මහා වාදය

Highlights:

විදේශීය ආධිපත්‍යය නිසා මෙරට බෞද්ධාගමට ලැබුණේ නොවැදගත් තැනකි. රාජ්‍ය අනුග්‍රහය ක්‍රිස්තියානි ආගමට ලැබුණු බැවින් බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි ආගම වැළඳගත් හ. මීට එරෙහි විවාදාත්මක සටන මෙහි විස්තර වේ.

ධම්මපද විවරණය

Highlights:

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මය, ධම්මපදයේ කැටිකොට ඇත. එහ හැම වගන්තියකින්ම මිනිසාගේ මෙලොව පරලොව සුගතියට ඉවහල් වන කරුණු ඉගැන්වෙයි.

සිංහල ධම්ම පදය

Highlights:

බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අතිශයින් ශ්‍රේෂ්ඨ කෘතිය කි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමට ඉවහල් වන මගපෙන්වීම කි. තවත් අතෙකින් භික්ෂුන් වහන්සේලා ට දම් දෙසුම් උදෙසා තේමා තෝරා ගත හැකි සදහම් ආකරය කි. ධම්මපදයේ හරය විශ්වයටම පොදු ය. අකාලික ය.

BUY EBOOK VERSION

දවස

Highlights:

වර්තමාන ලෝකය විවිධය, විෂමය. එනේම කාර්ය බහුල ය. එවන් සමාජ පසුබිමක ජීවත්වන මිනිසාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ තම ජීවිතය වඩාත් සාර්ඛත කරගැනීමයි. ඒ සාර්ථකත්වය සඳහා මහගු උපදෙස් මෙහි සංගෘහිතයි.

ගුත්තිල කාව්‍යය

Highlights:

ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.

BUY EBOOK VERSION

උම්මග්ග ජාතකය

Highlights:

පන්සියපනස් ජාතක කතා අතර උම්මග්ග ජාතකය යනු දීර්ඝතම ජාතකයයි. දස පාරමිතාවලින් එකක් වන ප්‍රඥා පාරමිතාව මැනවින් විදහා දක්වන මෙහි ඇත්තේ මහෞෂධ පණ්ඩිතයන් සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයයි.

ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොත

Highlights:

ගණදෙවි හෑල්ල වදන් කවි පොත පැරණි සම්භාව්‍ය කෘති දෙකකි. ‍පැදියෙන් සම්පාදිත මෙම අගනා නිර්මාණයන් හි කතුවරු අවිනිශ්චිතය. අධ්‍යාපනයට හා සබැඳි අවස්ථාවන්හිදී නුවණට අධිපති ගණ දෙවියන්ගේ ආශිර්වාදය ගණ දෙවි හෑල්ල ගායනයෙන් බලාපොරොත්තු වේ.

බුදු බව පතා

Highlights:

බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.

BUY EBOOK VERSION

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.

BUY EBOOK VERSION

කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)

Highlights:

කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.

සතිපට්ඨාන භාවනා ක්‍රමය

Highlights:

“මේ පොතෙහි ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයය. මෙය අනිකුත් භාවනා මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම් – බීම්, මලමුත්‍ර පහ කිරීම්, මුව දෙවීම්, අත්- පා දෙවීම්, වතුර නෑම්, කථා කිරීම්, දීම්, ගැනීම්, හැදීම්, පෙරවීම්, ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද චකුෂුරාදි ඉන්දියයන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූද කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූද සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූද ශ්‍රද්ධාදී ගුණ ධර්ම සම්බන්ධ වූද යහපත් වූත් අයපත් වූත් කල්පනා සම්බන්ධ භාවනාවකි. හොදින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියයන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ. ”

උභය ප්‍රාතිමෝක්ෂය

Highlights:

“ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහ සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේය. සෑම වර්ෂයකම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයකදී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදු කෙරේ. එහිදී ශ්වේජින් නිකායේ මාහිමියන් ඇතුලු මධ්‍යම, නවක, සෑම භික්ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේම සාමණේරවරු සතර බණවර කටපාඩම් දිය යුතුය.

කෙලෙස් එක්දහස් පන්සියය

Highlights:

“ කෙලෙස් එක්දහස් පන්සියය යනු බොහෝ විට ධර්ම කථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත්වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයකි. එමෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්න වුන් දුලබ නිසා එයවචන මාත්‍රයක් වී ඇති බැවින් ( කෙලෙස් එක්දහස් පන්සියය ) ඒ ගැන පොතක් කිසිවෙකු විසින් හෝ ලියුවහොත් මැනවැ යන අදහස අප තුල බොහෝ කලක සිට පැවතිණ. කෙලෙස් ගිනි දල්වන, කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහි උනා මිස කෙලෙස් ගිණි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් බිහි නොවුනි. එබැවින් බෞද්ධ ග්‍රන්ථ මාලාවට අඩුවක්ව පවතින මේ කෙලෙස් එක්දහස් පන්සියය නැමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදි.”

ධර්ම විනිශ්චය

Highlights:

“ බුදු දහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපද්දවා බුදු දහම ගැන බෞද්ධයන් කළකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන ප්‍රශ්න බොහෝ ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති කිසියම් සුලු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස අපදවන බොහෝ ප්‍රශ්න ඇත්තේය.  භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ඇති ග්‍රන්ථය කී.

බෞද්ධයාගේ අත්පොත

Highlights:

ආගම සම්බන්ධ කරුණුවල දි බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා කියා කරනු දුටූ අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටින යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.

අභිධර්මතා සංග්‍රහය

Highlights:

අහිධමාර්ථ සංග්‍රහය අහිධර්මය උගන්නවුන් විසින් මුලින්ම ප්‍රගුණකළ කටපාඩම් කළ යුතු පොතක් වශයෙන් සෑම බෞද්ධ රටක්ම පිළිගන්නා පොතකි. එය අත්පොතකි. ලක්දිව අභිධර්ම පාඩම පොත් ලියැවී ඇත්තේද මේ අනුව යමිනි.

පොහොය දිනය

Highlights:

“ උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමට පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භිකෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය ලබාදීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි.සමහර විට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පලකරනවා අසන්නටද ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩ වල දවස මුලුල්ලේම ඔවුන්ගේ වැඩවල යෙදීමට භික්ෂූන් වහන්සේටද ඉඩක් නැත්තේය. එබැවින් මෙය දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහෝදිනය නැමැති ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසදා ගත හැකිය.”

වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Highlights:

“ වඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.”

විනය කර්ම පොත

Highlights:

“විනයකර්ම පිලිබද දත යුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්චේදයකම සදහන් නොවන බැවින් විනය පොත කියවා විනයකර්ම පිලිබද දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සදහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය. එබැවින් විනයකර්ම ගැන පලපුරුදු කම් මද වූද, විනය පොත් භාවිතය මද වූද, භික්ෂූන්ට ඒ ඒ විනයකර්ම කරන සැටි පහසුවෙන් දත හැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදිලෙස කරගත හැකිවන පිණිස මෙම පොත සම්පාදනය කර ඇත.

විදර්ශනා භාවනා ක්‍රමය

Highlights:

කොතරම් වීරියකොට කොතෙක් දුක් ගෙන කලක් භාවනාවෙයි යෙදුනත් ක්‍රමානුකූලව  භාවනා නොකැරුනහොත් එයින් මොලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ.  ඉක්මනින් ඵල දැකීමටනම් භාවනා ක්‍රමය හොදින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාශය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරැණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාර වීමේ අදහසින් විදර්ශනා භාවනා කුමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත

සූවිසි මහ ගුණය

Highlights:

අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක්ද ධර්මරත්නයෙහි අරත්තේය.  සුපටිපන්නො භගවතෝ සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයට සූවිසා මහා ගුණය යන නමම තබා ඇත.

ශාසනාවතරණය

Highlights:

“ සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත්, නැණවත් කුල පුත්‍රයනට ඒ සදහා පිලිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුන්‍ය ක්ෂේත්‍රයක් වශයෙන්ද මහා කාරැළණික වූ භාගවත්, අරහත් සම්ම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවනා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුල ප්‍රත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනෙකුන්  ඔවුන් විසින් පිරිය යුතු ශීලය පිලිබදව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු  ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූද ශාසනෝදයකාමී මහ ස්ථවරයන් වහන්සේලා කිහිප නමක්  සාමණේර ප්‍රතිපදාව විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත.

පුණ්‍යෝපදේශය

Highlights:

දෙවියන්ට පින්දීම සදහා භාවිතා කරන එත්තාවතාච අම්මේහි යන ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සදහා රචිත ගාථාවකි. එසේ හෙයින් ඒ වෙනුවෙන්ද ගාථාවක් පිලියෙල කරන ලදි.  බෞද්ධයෝ රෝග සුව කරගැනීමටත්, ග්‍රහ අපල දුරුකරගැනීමටත් පිරිත භාවිතා කරති.  එසේ හෙයින් ඔවුන්ට ඒව සිදුකර ගතහැකි වනු සදහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලබන ආකාරය ආදිය පිලිබද මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.

පාරමිතා ප්‍රකරණය

Highlights:

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක්සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙක් නිවන් දකින්නේද නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රයම පිළිබද පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

චතුරාර්ය සත්‍යය

Highlights:

නිවන් දැකීම යනු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම වේ. බුද්ධ කාලයෙහි සමහර රහතවන්වහන්සේලාට එක් බණ පදයකින් පවා චතු සත්‍යය අවබෝධ විය. සමහර ස්වාමීන් වහන්සේලාට වසර විස්ස තිහ මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ඊට හේතුව වන්නේ පෙරභවයන් හිදී ගැඹුරු ධර්මයට සිත යොමු නොකිරීමයි. ඔබත් හැකිපමණනින් ගැඹුරු ධර්මය උගෙනීමට උත්සාහ කරන්න.  එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත. .සත්‍යයන්තරමකින්වත් දැනගැනීමට උපකාර වීමේ අදහසින් මෙම පොත සම්පාදනය කර ඇත.

චත්තාළීසාකාර මහ විපස්සනා භාවනාව

Highlights:

“ චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම,මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping