මගේ ජීවිතය සිහිනයක් යයි මට වරෙක සිතේ. මගේ කතාව තරම් දුක්ඛිත කතාවක් ලෝකයේ කිසිදු නායකයෙකු සතුව ඇත්දැයි මට වරෙක සිතේ. හවායි දූපතේ මව සමඟ ජීවත් වූ පුංචි කොලු පැටියා ඇමෙරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයා වේ යැයි කවුරුවත් නොසිතු බව මට සහතිකය. මා හදා වඩා ගත් මවද, මගේ මිත්තණියගේ සෙනෙහස ලැබූ මමද, මේ පිළිබඳව කිසි දිනක නොසිතුවෙමි. එහෙත් මගේ දෛවය මෙසේ විය. එය වෙනස්ය. එය වෙනස් කළේ කවුරුන්ද? එය වෙනස් කළේ දෙවියන් විසින්මය. එය මගේ විශ්වාසයයි.