Romance

(Showing 1 – 60 products of 121 products)

Show:

සිහින විමන්

Highlights:
සිහින සහන්‍යාට එකග වෙමින් සිනාවක් පෑවේ ය. ඔහුට ඇය සමග කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහනය්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැදවාගෙන ගියා ය.මනාව සකස් කර නඩත්තු කළ උදය්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිතුවේ ය.

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.”හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.”මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”

Happy Place

Highlights:

Harriet and Wyn are the perfect couple – they go together like bread and butter, gin and tonic, Blake Lively and Ryan Reynolds. Every year for the past decade, they have left behind their lives to drink far too much wine and soak up the sea air with their favourite people in the world. Except this year, they are lying through their teeth. Harriet and Wyn broke up six months ago. And they still haven’t told anyone.

This is the last time they’ll all be together here. The cottage is for sale, and since they can’t bear to break their best friends’ hearts, they’ll fake it for one more week. But how can you pretend to be in love – and get away with it – in front of the people who know you best?

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

Highlights:

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,

රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?

අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?

ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

ප්‍රේමසූත්‍ර

Highlights:

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.

ඇහැළ මලට දම් පාටක්

Highlights:

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

“The tree of Paramee…!”

“මම පාරමී?”

“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

“ඇයි ඒ?”

“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

ජීවිතයම ඔබේ නමින්

Highlights:
නැන්සි සහ මයිකල් ප්‍රේමයට ගෞරව කළහ. ප්‍රේමයෙන් බැඳී සිටියහ. ඔවුන් නොදැන සිටියේ ප්‍රේමයේ දැඩි පරීක්ෂාව ඔවුන් ඉදිරියේ ඇති බවය.
කොටර් – හිල්යාඞ් වෙළෙඃද අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු කඩවසම් මයිකල් වූයේය.
නැන්සි, රූමත් එහෙත් ආතක් පාතක් නැති අනාථ චිත‍්‍ර ශිල්පිනියක වූවාය.
කිසි දිනෙක එකිනෙකාගෙන් සමු නොගන්නා බවට ඔවුහු පොරොන්දු දී සිටියහ.
එය ලෙයින්, කඳුළින්, ඩහදියෙන් සපුරාලන ආත්මීය පොරොන්දුවක් ද වූයේය.

පිටස්තරී

Highlights:
මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප‍්‍රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය.
ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ ලෙස ය.

සෝයා

Highlights:
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත‍්‍රාසජනක ජීවන ගමන…
ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයෙහි එක් කුප‍්‍රකට ප‍්‍රචණ්ඩ රාත‍්‍රියක් රොමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමගම තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුනු විසුණු වෙයි.
පැරීසිය: පළමු ලෝක මහා සංග‍්‍රාමයේ සෙවණැල්ලට යටත්ව විගාමිකයෝ ජීවත් වීමට සටන් කරති. දරිද්‍රතාවයෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරීසියෙන් පලා යයි.
අමෙරිකාව: උද්වේගකර විසිවෙනි දශකයෙහි, අයස්කාන්ත ගැටිස්සියන්, වේගවත් රථ සහ වටිනා ලොම් ඇඳුමින් පිරි ලොවක්; කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වරටම කඩා වැටෙන, සැපපහසුව, විනෝදය සහ සතුට තම දිවියේ ප‍්‍රධාන කොටස් කරගත්, ධනවතුන්ගේ ලෝකයක්.
මේ සියල්ලම අත් විඳිමින් ජීවත් වෙන සෝයා අභියෝගයන්ට මුහුණ දෙයි, යටත් කළ නොහැකි දිරියකින් ජය ලබයි. සෝයා නවකතාවේදී, ඩැනියෙල් ස්ටීල් ඉතා දක්‍ෂ අන්දමින් කතාන්දර ගෙතීමේ හැකියාව යොදා ගනිමින් සැබෑ වීර කතා නායිකාවක් නිර්මාණය කරයි.

සල් සපු අරණ

Highlights:

සකුනිකා ප්‍රදීප්ගේ මූණ බැලුවාය. ඔහු සියල්ලන්ගේම දෙබස්වලට සවන් දුන්නා විනා කිසිවෙකු වෙනුවෙන් යමක් කීවේ නැත. ඔහුගේ අදහස් දැනගන්නට සකුනිකාට බලවත් උවමනාවක් පැවතියද ඔහුගේ මුහුණේ ඉරියව්වකින්වත් ඇයට එය අනුමාන කළ නොහැකි වුණි. ඒ දුක, සතුට,සන්තාපය වැනි දේවල්වලට ප්‍රගීත් බරපතළ ප්‍රතිචාරයක් කිසිවිටෙකත් නොදක්වන නිසාය.

සන්තාන සිත්තම්

Highlights:

“ඔව් දෙව්… මටත් ඕන ඒ වගේ ආදරයක්… ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්… මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්… ඒත් මට සැකයි… ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් – තුමායා

“හොඳයි අප්පච්චී… ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්… මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන… ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් – පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ… උඹ මොකද්ද මට කිව්වේ… උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද…. තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි… දෑවැද්දට බඩත් එක්කම” “මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි… මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ… එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා ”

බැසිල් – ගර්ලි

හිනැහෙන් රොබරෝසි

Highlights:

‘ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යුතු සියලු ව්‍යවසනයන් සිදුවී හමාරය.මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව මම දනිමි. ඒ උතුම් ආදරය, මේ පව්කාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කල තරම, මා ඔබට උමතුවෙන් පෙම් කල තරම මා පමනක් දැන සිටියාට කම් නැත .හිතට දුක එබෙන්නේ, ඔබත් එය දැන දැනම, පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත් කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි.ඉදින් කමක් නැත. සිතට එන සියලු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සහා ගන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ, හිදිනා තැනක ඔබ නිදුකින් හිදීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”

රුකී

Highlights:

“රුක්මල් …ඉන්නවද…”

කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චී මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය.

̈මහත්තයා නෑනේ…” රුකී කටහඬ වෙනස් කරමින් කතා කළේය.

”නෑ….”

“ඔව්… මහත්තයා නෑ… මේ කතා කරන නෝනා කවුද..?”

“අ…නේ… මං නෝනා කෙනෙක් නෙමෙයි… රුක්මාල් අඳුනන කෙනෙක්…”

“හරි…හරි…. අඳුනන අය තමයි කතා කරන්නේ… ඔය නෝනගෙ නම මොකක්ද…?”

“මං……මං…. ගුවනි……”

“මහත්තයා කතා කරොත් මං කියන්නම්…”

”කතා කරොත් කියන්නෙ ඕක රුක්මල්ගෙ ෆෝන් එක නෙමෙයිද?” ගුවනි ඇසුවේ නොඉවසිල්ලෙනි.

“මහත්තයගෙ තමයි… දැන් තියෙන්නෙ මගේ ළඟ… මහත්තයා හදිස්සියෙම රට ගියානේ…”

“රට ගියා….?”

ගුවනි ඇසුවේ විශ්මයෙනි.

ඈ | The Spa Women

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය සහ මුදල් යන මේ කවරකට වුවද

කෙනෙක් ඇලුනොත්, ගැලුනොත්, බැදුනොත්, ඉන් ඔහුව මුදාගැනීම

ඉතා අපහසු දෙයකි. එසේම ඒවා කෙරෙහි ඇලෙන්නේ, ගැලෙන්නේ,

බැදෙන්නේ ගැහැණියක් නම් ඉන් ඇයව මුදා ගැනීම ඊටත් අසීරු

කරුණකි. මුදල්, මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය යන මේ තුනටම, හරි

හරියට ඇබ්බැහි වුණු කෙනෙක් ඉන් ගලවා ගැනීම, හිතන්නවත් බැරි

තරම් අපහසු දෙයකි.

මොණර විලාපය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මම ආවේ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..?
ඒ හඩ පෙරට වඩා පහත ය. නමුත් තියුණු ය.
“ඒ කියන්නේ කොටි කාලක්.”
ඒ කතාවට තරුණියගේ උගුර කැට වේලි ගියේ තමා එවර මොන උගුලකට හසුවෙන්න යනවාදැයි සිතාගත නොහැකිවය. මොවුන් කෝටි කාලක් නිකමට පුදදෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කොටි ගණනක දෙයක් කර දිමට සිදුවෙතයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නාය.
“නහයට උඩින් වතුර ගිය එකාට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි ,තේරෙනවනේ මං කියන දේ . දැන් ඔයා කොහොමත් ගිලිලා ඉවරයි කෙල්ලෙ මෙතනින් ගොඩ එනවද නැත්නම් පවුලේ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද
කියලා ඔයාම තීරණේ කරන්න.”

ඉරත් තාරකාවක්

Highlights:

යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ”ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..”ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ”ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.”යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.

සෘතු (මතක ආවර්ජනය)

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තමන්ගේ ජිවිතේ තමන්ට තිබුනු
එකම ආදාරේ නැතිවුනාම,
අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා
දාලා ගියාම,
හැමදේම මුල ඉදන් පටන් ගන්න වෙනවා කියලා
දැනගත්තම,
තමන් ලස්සනට හදාගෙන ජිවත් වුන
පසුගිය අවුරුදු ගානම
නාස්ති වුනා කියන හැගිම
දැනෙන්න ගත්තම
මොන වගේද කියන ඒක
මම දන්නවා.
ආදරේ බොළද වයස පහුකරද්දී,
එයා ඇරෙන්න වෙන කෙනෙක් හරියන්නෑ කියලා
හිත කෑගහලා කියද්දි,
හැමදේම ඇස් ඉස්සරහ නැති වෙලා යද්දී
දැනෙන්නෙ මොන වගේදෙයක්ද කියනෙකත්
මම දන්නවා.
එත් දැන් ඔයා මේක කියවනවනම්
මාව විශ්වාස කරන්න.
ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් ඉස්සරහට එනවා.

වරවණ්ණනී

Highlights:

ගෑනු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සෙ වදපංකෝ දරුවෝ. උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න, නැතැත් ප්‍රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහට ඕනෑ විදියට නෙවේ ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතින් කවදහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස්කම් විඳ විඳ මැරෙනකල් ම ජීවත් වෙන්නයි වෙන්නේ ?

හදවත් වරක් 2

Highlights:

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…

හදවත් වරක් 1

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා. හදවත්වරක් ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්. එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න. තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

ලැවෙන්ඩර්

Highlights:
මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…

 

හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුඹැති පුංචි දැරිවිය” කියන එක…

 

මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..

ලිලැක්

Highlights:
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්‍රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමනියයි..

කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!

ලයිලැක්

Highlights:
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
”ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”
”නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
”ඒ කොහොමද?”
”ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”

Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:
     බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.
——————————
ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!

Too Late

Highlights:
Sloan will go through hell and back for those she loves. And she does so, every single day. Caught up with the alluring Asa Jackson, a notorious drug trafficker, Sloan has finally found a lifeline to cling to, even if it’s meant compromising her morals. She was in dire straits trying to pay for her brother’s care until she met Asa. But as Sloan became emotionally and economically reliant on him, he in turn developed a disturbing obsession with her—one that becomes increasingly dangerous every day.

 

කන්නි

Highlights:

සුදු පාට පිටුවක කාබන් පෑනකින් ලියූ ජීවිතය මකා දමනු නොහැකිව ඉරා දැමූ යුවතිය, ආපසු හැරී නොගොසින් ඒ මගෙහිම සුවපහසු බව සොයාගත්තාය. අළු යට තිබු ගිනි පුපුරු සැණින් දැල්වෙද්දී ඇයට කුමක් වේවිද? ආදරය, විරහව, විශ්වාසය, රැවටීම හමුවේ නොපෙනෙනා මානයක වහන් වූ ජීවිතයක ඉරණම, ‘කන්නි’

මැදියම් රෑ පුස්තකාලේ

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.

Five Famous Fairy Tales – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Five Famous Fairy Tales which belongs to timeless classic series.

Postscript

Highlights:

‘We desperately need your help Holly. Were running out of ideas and…’ she takes a breath in as if Summoning the energy, ‘all of us are running out of time.’ when Holly Kennedy is approached by a group calling themselves the PS, I love you club, her safe existence is turned on its head. Inspired by hearing about her late husband Gerry’s letters, the club wants Holly to help them with their own parting messages for their loved ones to discover after they’ve gone. Holly is sure of one thing – no way is she being dragged back to the grief she has left behind. It’s taken seven years to reinvent herself, and she’s ready to move on with her life. But Holly comes to realize that when you love someone, there’s always one more thing to say.

ශේෂ කදු

Highlights:

ගැහැණුන් ප්‍රේමයෙන් ආතුර වෙයි… අත ඇරෙන තැනත් මඟ ඇරෙන තැනත් ගැහැනිය බලා හිදින්නේය.. ප්‍රේමයේ නාමයෙන්ම මනස ව්‍යාකූල කර ගන්නේය.. තමන් තුළම තමන්ව හඳුනා ගන්නට නොහැකි වන්නේය. තමන් තුළම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්‍රේමය ජීවත් කරවන්නේය. ගැහැනුන් එසේය. ප්‍රේමය මායාවක්ව අදහන්නෙ එහෙව් ගැහැනුන්ය.

රාධාවරී

Highlights:

“ඇයි තමුසෙ කිව්වේ හිනාවෙන්න හේතු හදන්න කියලා. ඉතින් මම හේතු හදනවා දැන් තමුසෙ හිනා වෙනවා.”

“මම දැන් සර්ට ආදරේ නෑ”.

“ම් හරි”

ඔහු පැවසුයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය.

“ඇයි සර් හිනාවෙන්නෙ”.

“මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා… ඒ මගෙ හැටි”

නිරාමිස

Highlights:

“ඔයාට බොහොම ස්තුතියි, මෙච්චර කාලයක් මට දක්වපු හිතවත්කමට. අපි හමුවෙන අන්තිම වතාව තමයි මේ”.

මේක අපි දෙන්නගෙම අවාසනාව. මීට පස්සෙ මං පාරෙ යන කොට පේන්න ඉඳලා මගේ ඔළුව අවුල් කරන්න එපා.

මාත් එක්ක කතා කරන්න පණිවුඩකාරයෝ එවන්නත් එපා. තැපැල් කන්තොරුවට ආවම ගැසට් එක වෙන කාගෙන් හරි ඉල්ල ගන්න.

එහාට එන්න එපා කියන්න මට අයිතියක් නෑ නේ. මට දුකයි මේ විදියට කතා කරන්න වීම ගැන.

“මට සමාවෙන්න. ඔයාගෙ ජීවිතේ වාසනාවන්ත වේවා කියල මම ප්‍රාර්ථ්නා කරනවා.”………..

පියතිලක මගෙන් වෙන් වූ දා ගලා නොගොස් ඉතිරි වූ කඳුළුයි අද මේ ගලා යන්නෙ.
මේ ලිපිය ලිවීමෙන් පසු මගේ සිත යළිත් සන්සුන් වේවි.

By The River Piedra I Sat Down And Wept

Highlights:
From Paulo Coelho, author of the bestselling The Alchemist, comes a poignant, richly poetic story that reflects the depth of love and life.

Rarely does adolescent love reach its full potential, but what happens when two young lovers reunite after eleven years? Time has transformed Pilar into a strong and independent woman, while her devoted childhood friend has grown into a handsome and charismatic spiritual leader. She has learned well how to bury her feelings . . . and he has turned to religion as a refuge from his raging inner conflicts.

Now they are together once again, embarking on a journey fraught with difficulties, as long-buried demons of blame and resentment resurface after more than a decade. But in a small village in the French Pyrenees, by the waters of the River Piedra, a most special relationship will be reexamined in the dazzling light of some of life’s biggest questions.

මෙ’දිවිය මෙතනින් නවතමි

Highlights:
මේ වූ කලීආත්ම භාෂණයකි. මෙහි කථානායකයා ආර්ථික අසීරුතවයන්ගෙන් තොර පසුබිමක හැදී වැඩුන පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියෙදීම ස්වකීය වෘත්තීය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි. මෙහි නිරූපිත කථානායිකාව අර්ථික අසීරුතාවන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගිල ග්‍රහණයට පත් වුණු තැනැත්තියකි.

දුරගිය තරමක්

Highlights:
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්‍යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?

දෙහදක සටන

Highlights:
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වුවාය. මාකි වුල්කන් සහ ආර්‍යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවර්ස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධවනයකට පොළබවා ගන්නේ උපක්‍රමශිලීවය. ඔහු අතරමඟ ගම්බඳ නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩීයාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනිම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලසුමක් බව දැනගැනීමෙන් ආර්‍යා කැරොලයින් භීතියට පත්වේ. අවසානයේ ඇය පරිපූර්ණ ප්‍රීතිමත් බව අත්කර ගත්තේ කෙසේද යන්න මේ සරාගී මෙන්ම භීතිය ඇතිකරවනසුලු සාහසික ප්‍රේම වෘතාන්තයේ සටහන්ව ඇත.

ඔබම වේ මට සැනසුම්

Highlights:
මාසයක් ගෙවී ගියා අම්මලා දූලාට තෙරුනේවත් නැත. දුක වේදනාව තනිකම නැති සතුට පමණක්ම ඇති ඒ දින තිහ ඔවුනට මහමෙරක් වගේය. අසේකා කුමලි සමඟ උන්නේ දරාගත නොහැකි වේදනාවෙනි. අක්කටත් නංගීටත් වෙන බැඳීම් නැත. තාත්තා ඉන්නේ හදවතට බොහෝ ඈතිනි. එකම සහ ලොකුම බැඳීම මේ අම්මාය. ඇගෙන් තොර ලොවක් දෙන්නටම නැත.   ” අනේ මට යන්න බෑ අම්මේ…. මං යන්නේ නෑ…. ”        “මටත් ඔයාලා නැතුව ඉන්න බෑ රත්තරනේ….” අම්මලා දූලාගේ හැඬුම් එහා කාමරයේ උන් සේනකට ඇසේ. ඔහු ඉන්නේ බොහෝ දේවල් සිතමිනි. ජීවිතය ඉදිරියේ වෙන සමහර දේවල් මොනතරම් කුරිරුදෑයි සේනක සිතුවේය.

ගිරිහිස ඉඳුවර

Highlights:

නිමක් නැති කඳුළු මැද ගෙ⁣වෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’

The Time Travelers Wife

Highlights:
Now adapted into the major Sky TV series, The Time Traveler’s Wife is the international bestselling novel of a time-altering love. Henry is a librarian who suffers from a rare condition where his genetic clock periodically resets, finding himself pulled suddenly into his past or future. Meanwhile, Clare is an artist waiting all her life for her great love Henry to appear. In the face of this force neither can prevent nor control, Henry and Clare’s struggle to lead normal lives is both intensely moving and entirely unforgettable.

What If You & Me

Highlights:
The world can be a scary place. At least, that’s what Andi Lockley’s anxiety wants her to believe. It doesn’t help that she narrowly escaped a dangerous man years ago, or that every relationship since has been colored with that lingering fear. But things are better now―she’s channeling everything into her career as a horror novelist and true crime podcaster, and her next book may be the breakthrough she needs.

Yes & I Love You

Highlights:

Everyone knows Miz Poppy, the vibrant reviewer whose commentary brightens the New Orleans nightlife. But no one knows Hollyn Tate, the real face behind the media star…or the anxiety that keeps her isolated. All her life, Hollyn’s tried to hide her true self behind an online façade, but when her boss tells her she needs to reveal the truth to the world or lose her job, she’s forced to rely on an unexpected source to help face her fears.Enter Jasper Deares: actor, improve star, and way, way out of her league.Hollyn thinks Jasper must be joking when he offers private lessons to help overcome her fears. Getting up on a stage? Hello, worst nightmare. But Jasper’s infectious charm has her saying yes despite herself. They’re only supposed to be playing a few improv games, but as the lessons run longer and the lines grow blurrier, Hollyn can’t help but wonder if she’s acting at all…or if a relationship with Jasper might help give her the confidence she needs to say yes to every imperfect part of herself.

A Touch Of Ruin

Highlights:

Persephone’s relationship with Hades has gone public and the resulting media storm disrupts her normal life and threatens to expose her as the Goddess of Spring.

Hades, God of the Dead, is burdened by a hellish past that everyone’s eager to expose in an effort to warn Persephone away.

Things only get worse when a horrible tragedy leaves Persephone’s heart in ruin and Hades refusing to help. Desperate, she takes matters into her own hands, striking bargains with severe consequences.

Faced with a side of Hades she never knew and crushing loss, Persephone wonders if she can truly become Hades’ queen.

The Selection 5-Book Box Set: The Complete Series

Highlights:
All five novels in Kiera Cass’s #1 New York Times bestselling Selection series—now available in one beautiful box set

For thirty-five girls, the Selection is the chance of a lifetime. The chance to live in a palace and compete for the heart of gorgeous Prince Maxon. But for America Singer, being Selected is a nightmare. It means turning her back on her secret love with Aspen, who is a caste below her, and leaving her home to enter a fierce competition for a crown she doesn’t want.

Then America meets Prince Maxon. Gradually, she starts to question all the plans she’s made for herself—and realizes that the life she’s always dreamed of may not compare to a future she never imagined.

In The Heir and The Crown, Princess Eadlyn becomes the first ever princess to hold a Selection of her own—but she doesn’t believe that any of her thirty-five suitors will capture her heart…

This gorgeous box set includes all five books in this #1 New York Times bestselling series, which has sold millions of copies and captured the hearts of readers around the world.

Don’t miss The Betrothed, a glittering royal romance sure to captivate Kiera Cass’s legion of loyal readers and lovers of courtly intrigue alike!

ඇමති පුතා – 2

Highlights:

“නෑහ්… මට වෛර කරන්න බැරි නෑ… මට පළිගන්න බැරි නෑ… ඒකි දාලා ගියේ මාව… මේ තේශ්ව… ආදරෙයි කියල හරි ලස්සනට රඟපාලා… ඒකි දාලා ගියේ මාව… මගේ ආදරය… කොච්චර ආදරේ කළාද ඒකිට… පණ උනත් දෙන්න පුළුවන් තරං මං පිස්සුවෙන් වගේ ආදරේ කළේ… ඒත් ඒ ආදරේට ඒකි පයින් ගැහුවා… හරි කැත විදිහට මාව රැවැට්ටුවා… බොරු බලාපොරොත්තු දීලා මාව නැත්තටම නැති කළා… නැත්තටම නැති කළා…පළිගන්නවා ඒකිගෙන් මං… මැරෙනකන්ම පළිගන්නවා… ඒකි එපා කිව්වෙ මගෙ ආදරේනෙ… හරි ආයෙ ඒ ආදරේ ඒකිට ලැබෙන්නෑ… එකපාරක් දෙපාරක් නෙවේනෙ… කීප පාරක්ම මාව එපා කිව්වනෙ… මගෙ ආදරේ එපා කිව්වනෙ… ඉතින් ආයෙ ආදරේ කරන්නෑ ඒකිට… මැරුණත් ආදරේ කරන්නෑ ඒකිට… ඒත්… ඒත් ඒකි මට කරපු හැමදේටම මං වෛර කරනවා… ඒ මුළු ජීවිතේම එපා වෙන තරමට,මං ඒකිගෙන් පළිගන්නවා… ආයෙ මේ තේශ්ගෙන් ආදරයක් නෑ ඒකිට… මගෙන් ආයෙ ඒකිට වෛරයක් විතරයි ලැබෙන්නෙ…වෛරයක් විතරමයි…‘

A Thousand Boy Kisses

Highlights:

Two hearts. One love story. An ending you will never forget . . .

Rune Kristiansen and Poppy Litchfield met as children and swore to be friends forever.

As teenagers, their friendship grew into a love that promised to last a lifetime. But their worlds were shattered when Rune was sent home to his native Norway.

Two years later, Rune is back, and Poppy is ready for their happy ever after to begin. But the boy who returns is not the Rune she remembers.

What happened to turn her sweet, thoughtful Rune into this brooding stranger?

And will the secret Poppy is carrying bring them closer together or separate them forever?

Discover the story that will break your heart and make you believe true love really does last for eternity . . .

The Wisteria Society of Lady Scoundrels

Highlights:

Cecilia Bassingwaite belongs to The Wisteria Society of Lady Scoundrels.

Yet this is no ordinary Victorian lady’s society . . .

Full of pirates, thieves and ne’er-do-wells, these women spend their days pickpocketing and blackmailing their way around the country all before their afternoon tea.

But when Cecilia meets Ned Lightbourne her world is set to change forever.

Because he’s a paid assassin and she’s his next hit.

Under the employment of the dastardly Captain Morvath – who wants to rid the world of these Lady Scoundrels – Ned knows he has one job to do.

But when he lays eyes on the feisty, beautiful Cecilia he’s faced with a conundrum:

Does he kill her . . . or fall in love with her?

Bridgerton meets Peaky Blinders in this swashbuckling tale of scoundrels and society, crime and crumpets. As these enemies turn to allies and might just fall in love along the way . . .

A Long Time Coming

Highlights:

This hilarious and swoony new rom-com will follow long-time neighbours and co-workers who finally fall for each other.

So Not Meant To Be

Highlights:

m I in love with JP Cane? Ha! He certainly thinks so. He’s annoyingly loud, obnoxiously handsome, and having watched When Harry Met Sally is convinced that men and women can’t just be friends. So when we fly to San Francisco for work and stay in the same penthouse, I’m happy to prove him wrong. Yet with his continuous flirting and his polished good looks, I’m soon finding it hard to sleep at night. Guess who can control herself? Me. Because JP Cane is wrong. And we are SO not meant to be . . .

Hippie

Highlights:

In Hippie, his most autobiographical novel to date, Paulo Coelho takes us back in time to re-live the dream of a generation that longed for peace and dared to challenge the established social order-authoritarian politics, conservative modes of behavior, excessive consumerism, and an unbalanced concentration of wealth and power.
Following the “three days of peace and music” at Woodstock, the 1969 gathering in Bethel, NY, that would change the world forever, hippie paradises began to emerge all around the world. In the Dam Square in Amsterdam, long-haired young people wearing vibrant clothes and burning incense could be found meditating, playing music and discussing sexual liberation, the expansion of consciousness and the search for an inner truth. They were a generation refusing to live the robotic and unquestioning life that their parents had known.
At this time, Paulo is a young, skinny Brazilian with a goatee and long, flowing hair who wants to become a writer. He sets off on a journey in search of freedom and a deeper meaning for his life: first, with a girlfriend, on the famous “Death Train to Bolivia,” then on to Peru and later hitchhiking through Chile and Argentina.
His travels take him further, to the famous square in Amsterdam, where Paulo meets Karla, a Dutch woman also in her 20stwenties. She convinces Paulo to join her on a trip to Nepal, aboard the Magic Bus that travels across Europe and Central Asia to Kathmandu. They embark on a journey in the company of fascinating fellow travelers, each of whom has a story to tell, and each of whom will undergo a transformation, changing their priorities and values, along the way. As they travel together, Paulo and Karla explore their own relationship, an awakening on every level that brings each of them to a choice and a decision that sets the course for their lives thereafter.

තුහින පිනි සළු

Highlights:

එහෙනම් මට කියන්න වෙන්නේ වෙඩින් එක අවුරුද්දකට කල් දාලා මිස් නේත්‍රාට කොළඹට ට්‍රාන්සර් වෙන්න කියන එක තමයි.කරන්න බැරි වැඩක් නොවනේ ඒක.ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.

-රිතේෂ්-

මාස දෙකකුයි අවුරුද්දකුයි අතරෙ මාස දහයක වෙනසක් තියනවා
මිස්ට මාලියද්ද.මොනම හේතුවකටවත් මම මගේ වෙඩින් එක කල් දාන්නේ නැහැ.

-නේත්‍රා-

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

රාධා

Highlights:
“මම මේ විදහට අදින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ.”
” අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”
“මම දන්නවා ඔයා මම මේ විදිහට අදිනවට කැමැති නැහැ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇගේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනෝරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ”
“හරි ..කටවහ ගන්නවා” මීනක්ෂි නිහඩ වූවාය.
නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඩවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.
” ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි… දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලාඅරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහ මීනූ..”ආවේගයෙන් පැවසු නෙත්නු නිවසට ගියේය..

නුඹ හිදී සිතේ සොදුරුම තැනක

Highlights:
“මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු..”
“ආම් කාරයෝ නපුරුයිලු..”
“එච්චරද..?”
රාජේන්ද අයියා විමසුවේ මදෙස බලාගෙනය.
මට සිනා නැගේ.
“මම අහලා තිබුණේ නෑ”
“මොනාද..?”
“මුරණ්ඩු ගෑනු ළමයා අවංකයිලු කියලා..”
“ඒ මගෙ නිර්මාණයක්නේ”
ඔහු හිනැහුනේ මහ හඩිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය.
“මොකද හැම එකටම බක බක ගාන්නේ”
ඔහු කළේ මගේ විරසකය
මායිම් නොකොට තවත් හිනහීමය.

ලොවීනා

Highlights:
මෙය,
තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ
ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ.
එසේම,
දස්කොන් මහ අදිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ.
මෙය වූ කලී,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැම දෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.

නුඹ ඝෘතුවක්

Highlights:
අරුතක් නොදන්න,

අරුතක් නොවැටහුණු,

නම නොදත් හැඟීමක්

නුඹේ නමටම

මගේ පපුවෙ ඉපදිලා…

සෙනෙහසක් කියලා

හද පිළිගන්නේ නැති,

ආදරයක් කියලා

සිත භාරගන්නෙ නැති,

ආදරණීයම සිහිනයක

මං අතරමං වෙලා…

ඔව්,

ඒ නුඹ නිසා…..

නුඹ වෙනුවෙන්ම,

නුඹේ නමටම

මටත් රහසෙම

හදවත මඟ බලන්න හුරු වෙලා….

ඉතින් නුඹ ඍතුවක්

ඔව් මම නුඹ නමට පේ වෙලා.

සිහිනයකි නුඹ

Highlights:
නුඹේ දඩබ්බර හිත ළග, අංශුවක් පාසා
ආදරේ සොයන මම…
ඇත්තමයි…
වෙලාවකට පුදුම තරම්
අවාසනාවන්ත ඇති…
– සංජනා-

නුඹේ ඇස් දෙකෙන්
සතුට හොයපු මම…
නුඹේ ලෝකය මගේ ලෝකය සේ
දුටුව මම…
නුඹෙන් තොර වූ ලෝකයක්
හිතා ගන්නේ කොහොමද… මැණික …
-දස්සා-

මං හින්දා

Highlights:
ඊයේ පටන් ගත් වැස්ස තවමත් ඇද හැලෙන්නේ වීරසූරිය නිවැසියන්ගේ හැගීම් වටහා ගෙන ඒ හා ගැලපෙන්නට මෙනි. සතියේ දිනයක් වූවද සියල්ලන් නිවසේ ඉන්නා සැටියෙන් ඔවුන් කිසිවෙකුත් අද නිවෙසින් බැහැර නොවූ බව අගවයි. වේලාව හවස පහත් පසුවී තියේ.

නිවසේ ඉදිරි දොරටුව පැත්තට ඇති පාරේ හෙමිහිට ආ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නතර වී ඇති මුත්, එක දිගට වැඩ කරනා වයිපර හැරැණ විට කිසිදු හැලහොල්මනක් ඒ වෙතින් නොපෙනෙන්නේ එක දිගට වැටෙනා විශාල වැහි පොද නිසාවෙනි.
” සදූ… දැන් අඩන එක නවත්තන්න හොද ළමයා වගේ. මම බැහලා එන්නද..”

ශාපලත් කුමාරයා 2 – දෙවන අවසරය

Highlights:
රාජ්‍ය නිවේදනයයි !
හතරවන විස්කොන්ති රජතුමාගේ දු කුමරිය වන ලිවියා විස්කෝන්ති කුමරියව සරණ පවා ගැනීමට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නට නියමිත ග්ලැඩයේටර් සටන සඳහා ඔබ පවුලේ සමාජිකයන් හට ආරාධනා ලද ඔනැම අයෙකුට සහභාගී විය හැකි අතර සටනෙන් දිනනු ලබන ජයග්‍රාහකයා හට ලිවියා කුමරියගේ අත ගැනිමට අවස්ථාව මෙන්ම රෝමයේ රාජ්‍ය උරුමයද හිමි වනු ඇත.

ප්‍රංශ හාදු

Highlights:
  සිතින් සියවර හැගෙන මියැදෙන
සිතුම් හදකට බර වැඩී
පෙනෙන නොපෙනෙන සහස් හැගුමන්
කියයි සෙනෙහස කිති කැවී
ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක්
වගෙම කැළඹෙන සිතුවිලී
නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්
ඉගි බැලුම් උහුලන හැටී
මේ සුසුම් සුව විදවමී
ආදරේ තුළ කිමිදෙමි

අගත් පැටළුණු මුලක් නොපෙනෙන
කතාවක් පෙම්වත් සරී
දෙනෙත් නොපියා සුසුම් ඉවසා
දරාගන්නට පොර බදී
ඇස් පියන් මත වැතිරෙමී
පෙම් හැගුම් හැම කොදුරමී

ඉදිකටු තුඩු

Highlights:
     ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක්.
කොච්චර කටු ඇනුනත්
ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න සිද්ද වෙන…
– යශෝධා දෙව්දුනි කොඩිකාර-
1 2 3
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping