Translations

Translations

(Showing 61 – 120 products of 248 products)

Show:

මගේ මිතුරු කළු නරියා

Highlights:

නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය.නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත් වේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසා ද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.

මධ්‍යකාලීන බලකොටු – ජොආනා කෝල් සහ බෲස් ඩෙගන් (අතීතයට යමු-පොත් අංක 2)

Highlights:

මං ඉතිං හරි කුතුහලයෙන් ඉන්න කෙනෙක් නේ. ඉතිං බිම තිබුණු හැඬලය දිහා නො බලා ඉන්න මට බැරි වුණා. මම නිකමට වගේ ඒක ඇද්දා. ඒක, බිම් මහලට යන්න තනා තිබුණු බිම් දොරක්. ආනල්ඩ් හැමදා ම ත්‍රාසජනක අද්දැකීම්වලට මුහුණ දෙන කෙනෙක්. එයා කැමැත්තෙන් ම පහළට ගියා. මං එයා පස්සෙන් ගියා. අපේ පස්සෙන් ක්‍රේග් ආවා.

ගීසර හීසර

Highlights:

ගතානුගතික සාම්ප්‍රදායික රසඥතාවයකින් යුත් මධ්‍යම පාංතික පවුලක දැරියක් වන ඇයගේ දඟකාර සොහොයුරා ඇගේ කැමැත්තකින් තොරව ඇයගේ නම හා ජායාරූපය දමමින් ජෝ නමැති සුපිරි ගායකයාගේ තරගයකට එක්වෙයි. ඔහු එයින් පළමුවැන්නාට එද්දී ඇයට සිදුවන්නේ තරගයේ ජයග්‍රහණය වන ගායකයා සමග එක් දිනක සංචාරයකට එක්වෙන්නටය.

එහිදි ඇයගේ සිතේ ඔහු කෙරෙහි ඇතිවන ආදරය ඇය සඟවා ගත්තද, ජෝගේ සිත ද ඇය කෙරෙහි බැඳෙන්නට වන්නේ ඔහුට ද රහසිනි…

රතු කිමෝනාව

Highlights:

ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.

සිසිර ගීතය

Highlights:

උණුසුම් යුක්රේන ගිම්හාන කාලයේ ආරම්භවන සිසිර ගීතය, සැඟවුණු ගැඹුරු පණිවිඩයකින් අවසන් වේ. එය පාරම්පරික තත් භාන්ඩයක් වාදනය කිරීමෙන් සැනසීම ලබන, තම යුගයේ අකරතැබ්බයන්ට මුහුණ දුන් ඝනව රැවුල වැඩුණු අපූර්ව මිනිසෙකුගේ කථාවක් පමණක් නොව, ජීවිතය පිළිබඳ වර්ණනාවක් සහ මහළු වීම පිළිබඳ ප්‍රීති සැමරුමකි.

මිගුවල් වීදිය

Highlights:
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.

ඊ.ටී හෙවත් පාරභෞමිකයා

Highlights:
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත් දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අරමං වී සිටියි; විවාසන(තම වාස භූමිය වෙන් වීමේ) දුකින් පෙළෙමින් හුදකලා වී බියෙන්!
මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත… එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.

තුන් අවුරුද්ද

Highlights:

මෙම කතාවේ ප්‍රධාන චරිත අන්යොන්ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි

හෙළැණිය හෙවත් ධවල සේනාංකය

Highlights:
මේ කතාවට ඇලුම් කළෙමි. වික්‍රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප්‍රියතම චරිතයක් වන්නේ ශ්‍රීමත් නයිජල් ලෝරිං ය.
The Three Musketeers හෝ The Scarlet Pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත්‍රාසමය කතාවකි.
මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චිත්‍රයක් මවයි. ඒ කාලයේ සොල්දාදුවා පිළිබඳව ද මනෝමය රූපයක් ඉදිරිපත් කරයි.එ වැනි චරිතවල මුල් බැසැ-ගත් අනියම් චර්යාවන් ඇත, ඩොයිල් ඒ චරිතවලට තාත්විකත්වයක් ජනිත කරවයි.

වුල්ෆන් -The Wolfen

Highlights:
වුල්ෆනයන් හෙවත් වියර්වුල්ෆයන් මේ අද්විතිය භීෂණ පුවතෙහි තේමාවයි. ඔවුහු මෑන්හැට්න් නගරයෙහි ම රැළ ගණනින් ජීවත්වෙති.සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ සොයන්නට බලන්නට කිසිවකු නැති මහලු අසරන මිනිසුන් ය. තරුණ පොලිස් භටයන් දෙදෙනෙකු අඥාන ලෙස ඝාතනය කෙරුණු විට ජෝර්ජ් විල්සන් සහ බෙකි නෙෆ් යන රහස් පරීක්ෂකයන් ඒ රාජකාරිය සඳහා යොදවනු ලැබේ. එහෙත් නොබෝ කලකින් ම වුල්ෆනයෝ රහස් පරීක්ෂකයන් දෙ දෙන දඩයම් කිරීම අරඹති.
වුල්ෆනයන් යනු වෘකයන් බවට පරිවර්තනය වුණු මිනිසුන් නොවේ. ඔවුහු එහෙම පිටින් ම වෙනස් සත්ත්ව විශේෂයක් වෙති. බොහෝ දුරටම මිනිසා ගේ මුහුණ වැනි මුහුණු ද අත් වැනි ගාත්‍රා ද ආඝ්‍රාණයේ සහ ශ්‍රවනයේ පුදුමාකාර බලයෙහි ප්‍රතිඵලයක් වූ අධිමානුෂික බුද්ධි මහිමයන් ද ඔවුනට ඇත.

මහායොද්ධ කල්කි : ශිව අසිපත

Highlights:
සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන්  මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.

ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි – ශිව අසිපත හමාර කතාවේදී ය.

ඇමසෝනියා

Highlights:
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරම්න් පැය කීපයක් තුළදී මරණයට පත්වේ.
නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින් අවසානයේදී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයාගැනීමට ඔවුහු සමත් වෙයි.ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?

මිනිසාට කිසිිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේවිද?

සොලමන් රජුගේ දෙවොල

Highlights:

“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”

මාස්ටර් හිරාම්

“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”

සොලමන් රජු

නිහඬ ආදරය

Highlights:

මෙහි දැක්වෙන්නේ වියට්නාම යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දි එයට බිළි වන වියට්නාම් තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්වත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ.

තහනම් කළ දියණී

Highlights:

“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්… දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”

අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Highlights:

වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.

අල්යෝෂා

Highlights:

“විල්හෙල්ම් කයිසරුයි, ඒ රටේ ධනපතියොයි ඒ ගොල්ලන්ව යුද්දෙට යැව්වා. අපේ සාර් රජ්ජුරුවොයි, අපේ ධනපතියො ටිකයි අපිව යුද්දෙට එව්වා. කොහොම බැලුවත් අන්තිමට යුද්දෙන් වාසි ගන්නේ පාලකයො. සොල්දාදු වන්ගෙ ලේවලින් ඒ ගොල්ලො අලුත් බිම් අයිති කර ගන්නව…”

දයාබර ගුරුතුමිය වෙතටයි

Highlights:

මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍ය‍යන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍ය‍යන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.

බොබ්සි නිවුන්නු

Highlights:

“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”

නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍ය‍ය පළමු කොටස)

Highlights:

ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.

ඊජිප්තුවට බලපෑ මේ ආක්‍රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍ය‍ය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.

ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?

ඩැල්මේෂන් 101

Highlights:

පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.

ගෙදර යන අතරමග

Highlights:

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.

වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.

ළමා මනාලියකගේ කඳුළු කතාව

Highlights:

සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.

රිදී නූලේ මායාව

Highlights:

අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.

සත්‍ය‍ය ම පමණයි

Highlights:

මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”

තරුසුණු වැස්ස

Highlights:

මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.

වන අරණක කුඩා නිවස

Highlights:

“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”

Maharahatun Wedimaga Osse – Giving up 7

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Ven. Dr. Bhikkuni Kusuma
translated it as “Giving Up”. Everybody should read and realize.

බුද්ධ – THE BUDDHA

Highlights:
මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.

ලිහිණියකුගේ ප්‍රයාමය

Highlights:

ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.

අලුයම් සිහිනය

Highlights:

දේවකී ඇඟ මැලි කඩමින් ඇඳ මත පෙරළී සිටිය දී ඇය වෙත දිව ආ දියණිය දනූෂා ඇගේ සවනට ළං වී තැතිගත් ස්වරූපයෙන් රහසක් කොඳුරා කීවා ය.
“අම්මේ අරය පේන්න නෑ.”
දේවකී ක්ෂණික ව ගල් ගැසුනාක් සේ වූවා ය. තැතිගත් සිතින් යුක්ත ව ඈ දියණියගේ මුහුණ දෙස බැලුවා ය.
“ඉක්මනට වත්තෙ හැම තැන ම හොයල බලන්න දරුවෝ.”

අවසානයක් සොයා

Highlights:

2018 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම පරිවර්තන කෘතිය උදෙසා වු සම්මානය දිනාගත් කෘතියකි

වන සංග්‍රාමය

Highlights:

“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.

කැමීලියා

Highlights:

බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.

ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.

සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි

බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.

එයාර්පෝට්

Highlights:

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්‍ෂේත්‍රය පිලිබඳ පෙළපොතකි. ත්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය.

දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.

හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.

ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්

Highlights:

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

සාපරාධී ගංගාව

Highlights:

වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද?..

සිරකාරිය

Highlights:

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි.

ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.

ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඔීනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය.

අත්ලන්තීදාවේ අවසාන මිනිසා

Highlights:

ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.

ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.

ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්‍රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය

අද්භූත යුවතිය

Highlights:

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල්

ආරම්භය – 1855

“එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම්
එකක්…”නීශා කියාගෙන ගියාය. “සුදුමැලි සුදු
පාට මූණ…. එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා…
එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු
දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව….
කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ
කණ්ණාඩිය ඉස්සරහටම එනවලු…”

රොහාන් අගර්වාල්, පාසැල් නාට්‍යයක
කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ.
චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට
ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින්
එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු
නොවූ යමක් ඔහුට හමුවෙයි.

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

Highlights:

හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)

මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.

ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.

විල් තෙර නිවහන

Highlights:

අත්හැර දැමූ නිවෙසක්…..

1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ්‍යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත්‍රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති.

අතුරුදහන් වූ දරුවෙක්….

එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක්‍ෂණයකට පසු, අපරාධ පරීක්‍ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ කුඩා පිරිමි දරුවකු ගැන ඇයට දැනගන්න ලැබෙයි.

නොවිසඳුණු අබිරහසක්……

ලී පහුර

Highlights:

1988 වසරේ ළමයින් සඳහා වූ ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථ වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයේ සම්මානය දිනූ ළමා නවකතාව.

“තමන්ට තහනම් වූ ලී පහුරේ ගමනට දස හැවිරිදි ජිනේ එක්වන්නේ ලී කොටවල ගැටගැසු කඹයක ආධාරයෙනි. මාළුවකු මෙන් පීනමින් කඹයේ එල්ලී වතුර යට ගමන් ගන්නා ජිනේගේ අපූරු එමෙන්ම ත්‍රාසජනක අත්දැකීම් සම්භාරය.

අම්බර

Highlights:

දිළිඳුකමේ පාවාඩ පිට උපන් සුමනේ අම්බර හොයා යන ගමනේදී හොරකම වංචාව ඇතුළු සමාජ විරෝධී කටයුතු රැසකට බිලිවෙයි.
ඒ අකටයුතු තුළින්ම පන්නරය ලබන ඔහු යහපත් මිනිසකු වීමට මුල පුරන්නේ තමන්ගෙන් බැට කෑ හොඳ මිනිසුන්ගේ ජීවිතවලින් පාඩම් උගනිමිනි.

තරුණ රජතුමා ඇතුළු කතා අටක්

Highlights:

මෙය ඔස්කා වයිල්ඩ් ගේ තරුණ රජතුමා ඇතුළු තවත් කතා නමැති ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කතා සංග්‍රහයේ හය වැනි මුද්‍රණයයි.

විකිණී අහවරයි

Highlights:

නූතන වහල්කමේ අලුත් වෘත්තාන්තය. මේ කෘතියේ බ්‍රිතාන්‍ය‍යේ උපත සානා මුසේන්ගේ සැබෑ ජීවිත කතාවයි.

කළු සුදු යාළුවෝ

Highlights:

එක් ජන කොටසක් කුසගින්නේ, දුගීකමින්, බල රහිතව කළු පැහැයෙන් විසූහ. අනෙක් පිරිස හොඳින් පෝෂණය වී පාලක පන්ති බවට පත්ව සුදු පැහැති ජනයා ලෙස වාසය කරයි.

වර්ණවාදයෙන් උණුසුම් වු දකුණු අප්‍රිකාවේ විසු සුදු හා කළු දරුවන් දෙදෙනෙකුගේ චරිත ඇසුරින් මනුෂ්‍යත්වයට සුදු හෝ කළු භේදයක් තිබිය නොහැකි බව කියන්නට ලේඛිකාව දරා ඇති ප්‍රශංසනීය වැයමකි.

කොපු තුළ සිටින මිනිසා

Highlights:

“එතකොට කෝ සල්ලි. එයා එයාගෙයි මගෙයි අනිත් මිනිස්සුන් ගෙයි සල්ලි නාස්ති කරලා තියෙනවා. ඒවට මොකද උනේ. අහපන්. මම උඹෙන් ඉල්ලා සිටිනවා. මම කේන්තියෙන් පිස්සු වැටිලයි හිටියෙ. මම නරක වචන කියලා උඹට බැන්නා. දැන් මම සමාව ඉල්ලනවා.

කැපුම්කාරි

Highlights:

“මම ඇයි මේ බයවෙන්නේ. එයා පොඩි ළමයෙක් මිසක අවතාරයක්වත්, මලමිනියක්වත් නෙවෙයි. එයාගේ තැන මාරුවෙච්ච නිසා එයාට ඒක මානසිකව බලපාන්න ඇති. ඒ නිසයි එයා හීනෙන් ඇවිදින්න ඇත්තේ.

KGB මෙහෙයුම පිය අභිමානය වෙනුවෙන් නැගී සිටි පුතෙක්..

Highlights:

“මේක බොරු එකක්” රුසියානු නායකයා තමා අත තිබූ කුඩා නමුත් ඉතාමත් අලංකාර චිත්‍රය පෙන්වමින් කීවේය. “ඒක කොහොමටවත්ම වෙන්න බෑ. සාර් රජ්ජුරුවන්ගේ ශාන්ත ජෝර්ජ් සහ මකරාගේ නිරූපකය අවුරුදු පනහකට වැඩි කාලයක් ලෙනින්ග්‍රෑඩ්වල ශීත මාලිගාවේ තිබුණේ හමුදා ආරක්ෂාව යටතේනේ”

ටාර්සන් නිවුන්නු

Highlights:

අප්‍රිකාවේ ඝන වනාන්තරයක අතරමං වන ඩික් සහ ඩොක් නිවුන් මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් ය. අප්‍රිකාවේ නිවාඩුවක් ගත කිරීමට යන ඔවුන් වනාන්තරයේ අතරමං වෙයි.

මිනී මස් කන ගෝත්‍රිකයන්ගේ සිරකරුවන් බවට පත්වන ඔවුන්ට එහිදී බිහිසුනු සිදුවීම් රැසකට මුහුණදීමට සිදුවේ. අවසානයේ ටාර්සන් තම පිරිස සමග පැමිණ මොවුන් නිරුපද්‍රිතව බේරා ගනී. බිහිසුනු සිදුවීම්වලින් ගහන් මෙම “ටාර්සන් නිවුන්නු” කෘතිය නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

අද්භූත රහස් පරීක්ෂකයෙක්

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. කවි සංකල්පනා සහිත පොලිස් නිලධාරියෙක්
  2. සඟවන ලද ධනස්කන්ධයක්
  3. නාට්‍ය කණ්ඩායම
  4. කිරිගරුඬ හොරා
  5. ත්‍රාසජනක නාට්‍ය‍යක්
  6. විෂඝෝර සර්පයෙක්
  7. අමුතු නඩුවක්
  8. ආයෝජකයෝ

කැතී – 4

Highlights:

මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව් වැන්න වූ “ක්ලෝවර්” හි සිංහල පරිවර්තනයයි.

සිය බාල සොයොයුරාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇමරිකානු මහා බටහිර හෙවත් කොලරාඩෝවේ සංචාරයක් සඳහා ඇය යොමු වන අන්දම මෙහිලා විස්තර කෙරේ. එවකට නවීන තාක්ෂණයෙන් අපිරිසිදු නොවූ බටහිර කලාපය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද මෙහි ඇතුළත් ය.

අඬන්නෙපා මගෙ පුංචි පුතේ

Highlights:

මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි? දරුවාගේ බෑගයේ ඇතුළත තිබු රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා. “දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්.

හැඩ ඇති සෙවණැල්ල

Highlights:

මෙය සුප්‍රකට නීතිඥ පෙරී මේසන් විසඳන තවත් සාර්ථක අපරාධ නඩු විභාගයකි. ජල කරාමයක ජලය ගලායාම අධ්‍ය‍යනය කිරීමෙන් මිනීමැරුම් අබිරහස් විසඳිය හැකිද?. විත්ති කාරිය වූ අහිංසක තරුණිය එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට ඔහුට හැකිවේ ද?.

මාරක උණ්ඩය

Highlights:

යොට් යාත්‍රාවක් තුළ සිදුවූ අබිරහස් ඝාතනයක්. අහිංසක යුවතියක් පසුපස හඹා එන කප්පම්කරුවන් පිරිසක්, තම සුරූපී බිරිඳට එල්ලවන මිනීමැරුම් චෝදනාවෙන් ඇය මුදාගැනීමට වැර දරන ධනවත් ව්‍යාපාරිකයෙක්, සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට මෙම සංකීර්ණ ගැටළු විසඳා ඇය එම චෝදනාවෙන් මුදා ගැනීමට හැකිවේ ද?.

විලාසිනිය

Highlights:

පෝල් ඩ්රේක් පත්‍තරයක දැන්වීමක් පලකළේ හදිසි අනතුරක් දුටු අයෙක් සොයාගැනීම සඳහාය. දැන්විමට ලුසින් බාර්ටන් ඔහුවෙත එන්නේ හදිසි අනතුර පිළිබඳව ඔත්තුවක් දීම සඳහාය. එහෙත් පසුව ඇය මිනීමැරුම් නඩුවක විත්තිකාරිය වී පෙරී මේසන් ගේ පිහිට පතන්නීය.

හොල්මන් වාසනාව

Highlights:

“හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදියෙ උපදෙස් ගන්න ද බලා ගෙන ඉන්නේ?” මේසන් ඇසුවේ ය.”එක නම් අබිරහසක්. ඩෙලා කීවා ය.

“මොනවා?” මේසන් ඇසුවේ ය.

“මොකක් ද අබිරහස?”

යාබදව හිඳ

Highlights:

..ඇය අත්වැලට තවත් බරවිය. ඇත්තටම මත ගත වැදුනා වැඩීය. නමුත් තව ටික දුරකි, පියවර කිහිපයකි. ඈන්, මාර්කෝ පසුකර ඉස්සර විය. දැන් මේ පෙනෙනුයේ ඔවුන්ගේ පඩිපෙළය. ඉන්පසු අර තරමටම සුවිසල් වූ එකම මෝස්තරයේ ඉපැරණි දොරය. ඈන් නිහඩව ඇවිද ගියා යා.

සැඟවුණු මහාද්වීපය

Highlights:

යුද්ධය! භයංකර ය; ක්‍රෑර ය; නිරනකම්පීය ය. පළමු වැනි ලෝක මහා යුද්ධය අවසානයක් නැති ව දිගට ම කර ගෙන ගියේ නම්, ලෝකයට අත් විමට තිබුණු මහත් විනාශය පිළිබඳ ව පරිකල්පනාත්මක ව ලියැවුණු ප්‍රබන්ධයකි. සැඟවුණු මහාද්වීපය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping