Screen

Showing all 9 results

Show:
10% DISCOUNTSold Out

සංගීතවිද්‍යා සංකථන

Highlights:

සංගීතය යනු ප්‍රායෝගික ක්‍රියාවලියකි. ගායනය හෝ වාදනය ඇසුරින් සිදු වන නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළින් කවරෙකුගේ හෝ මනස ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් ඉතා සංවේදී විෂයක් ලෙස ද සංගීතය හඳුන්වා දිය හැකි ය. මෙකී ක්‍රියාවලිය සිදු වීමට බලපාන න්‍යා‍යාත්මක පිළිවෙත් සහ එහි විද්‍යාත්මක සත්‍ය‍ය පිළිබඳ කෙරෙන අධ්‍ය‍යනය “සංගීතවිද්‍යා අධ්‍ය‍යනය” ලෙස හඳුන්වා දී ඇත.

රු369.00
10% DISCOUNT

මානස විල

Highlights:

සිංහාසනේ හරිබරි ගැහී ඉඳගත්
තවත් අර මිනිහෙක්
උදේ සිට රෑවෙන තුරා
කරනා කාරිය දුටුවද?
ඔප දමනවා සිංහාසනය
නින්දක්වත් නැහැ අසරණයට!

රු225.00
10% DISCOUNT

අසිපත

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍ය‍යේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’.

මෙම නාට්‍ය‍යේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.

රු270.00
10% DISCOUNT

හුණුවටයේ කතාව

Highlights:

හුණුවටයේ කතාවට මුල් වී ඇත්තේ එකිනෙකට අසමාන වූ සංස්කෘතීන් කිහිපයක ම ජනප්‍රිය ව පවත්නා කතා පුවතකි. දහතුන් වැනි සියවසේ රචිත පැරණි චීන නාට්‍ය‍යක මෙන්ම බයිබලයේත්, ජනප්‍රිය සිංහල ගද්‍ය ග්‍රන්ථයක් වන උම්මග්ග ජාතකයෙහිත් මෙම කතා ප්‍රවෘත්තිය දක්නට ලැබේ. එම කතා පුවත නම් කිසියම් බිළිඳකුගේ මාතෘත්වය අරබයා කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමත්, අවසානයේ දී විනිශ්චයකාරයෙකු විසින් එම අර්බුදය නිරාකරණය කිරීමත් ය.

රු855.00
10% DISCOUNTSold Out

මී රංචුව

Highlights:

දේශීය සිනමා කර්මාන්තයේ වංචාව, කුමන්ත්‍රණය, සොරකම, තණ්හාව හා ගුණමකුකම පිළිබඳ මූෂිකයින්ගේ කෝන්තරය

මී අර්ථය: ‘විශේෂයෙන්ම වංචාකාරී, අගෞරව සහිත තුච්ජ-අධම මිනිසා යන්නය. ඇතැම් අවස්ථාවලදී මීයන් ලෙඩරෝග වාහකයෙකු ලෙස කටයුතු කිරීමට වග කියයි.

රු450.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලාංකාවේ නාට්‍ය කලාව (1940-1980)

Highlights:

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මාර්ග” අයතනයේ ආරාධනාවෙන් කළ DESK STUDY FOR MATGA PROJECT: THE IMPACT OF CONTEMPORARY SINHALA THETRE ON ATTITUDES, HABITS, INTERESTS AND TASTES OF THE THEATRE GOER’S DURING THE PERIOD 1940-1980 A HISTORICAL AND CRITICAL SURVEY OF THEATRE IN SRI LANKA යන හිසින් වූ අමුද්‍රිත අධ්‍ය‍යනයේ සිංහල පරිවර්තනය වන මෙම කෘතිය 1940-1980 දක්වා වූ කාල වකවානුවේ මෙරට නාට්‍ය කලාව පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක කෘතියකි.

රු990.00
10% DISCOUNTSold Out

නරි බෑනා

Highlights:
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්

තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්

රු261.00
10% DISCOUNTSold Out

නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්

Highlights:
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්‍රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ.

මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්‍රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.

රු1,080.00
10% DISCOUNTSold Out

සිංහල වන්නම් කලාව

Highlights:

ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.

රු855.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping