Astrology

Astrology

(Showing 1 – 60 products of 65 products)

Show:

බුද්ධගයාවේ භාවිත මාරක අපල හරණ ශාන්ති පද්ධතිය

Highlights:

මාරක අපල හරණ ශාන්ති පද්ධතිය නම් වූ හෙළයට නවතම වූ මේ ග්‍රන්ථය බුද්ධකාලයටත් පෙරසිට බුද්ධගයාවේ උගත් බ්‍රාහ්මණ පවුල්වල භාවිතා කරගෙන එන අප්‍රමාණ මනුෂ්‍ය‍යන් දරුණු අපලවලින් අකාල මරණයන්ගෙන් මුදවාගත් ලොවට මහත් ශාන්තියක්, අර්ථසිද්ධියක් සලසා තිබෙන මහාබලගතු ශාන්තිකර්ම සමූහයක ගේ එක්රැස් කිරීමෙකි.

 

ශ්‍රී භාවාර්ථ රත්නාකරය

Highlights:

ශ්‍රී භාවාර්ථ රත්නාකරය නම් වූ මෙම ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ ග්‍රන්ථය ඉන්දියා දේශවාසී ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයන් විසින් ඉතා උසස් තැනක තබා සලකනු ලබන්නකි. ශ්‍රීරාමනුඡාචාර්යයන්ගේ කෘතියක් වූ මෙය කුඩා ග්‍රන්ථයක් වශයෙන් පෙනුණේ වී නමුදු එහි දැක්වෙන කරුණු ගැන සලකා බලනකල එහි මහත්කම නම් කිය නො හැකි තරම් ය.

පුරාණ නාමාවලිය

Highlights:

පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්‍රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

දළනෙත් සකත් සිවුවත් රිවි පියුම්               අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු                    දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි                    සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි        සුලබ

මානසාගරී

Highlights:

යමෙකුගේ ජන්ම පත්‍රයක් තනා ගැනීමේ හෙවත් උපතේ සිට මරණය අවසන්කොට ඇති සියලුම තොරතුරු මේ එකම පොතින් වෙනත් කිසිවක පිටිවහලක් නැතිව අවබෝධකර ගැනීමටත් ප්‍රකාශ කිරීමටත් ඉවහල්වන පරිද්දෙන් මෙය සකස් කොට තිබේ. මෙය ලියන ලද්දේ ඉන්දියාවේ ගුජරාටි පළාතේ විසූ ප්‍රසිද්ධ ජ්‍යෙතිෂ පරම්පරාවකට අයත් හර්ජි නම් ජ්‍යෙතිශ්ශාසත්‍රඥයා විසිනි.

මංජු (මරණය හා ස්මරණය)

Highlights:

සාහිත්‍ය කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
දාර්ශනික කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
පර්යේෂණ ග්‍රන්ථයක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
මේ අමුතු පොත,
ජීවිතයේ ඉම්පෙදෙස් හා මරණයේ තීර්ථය හරහා
ඔබ රැගෙන යයි.
සුනඛ සුරතලුන් දෙදෙනකුගේ ජීවිතය හා මරණය පිළිබඳ
සරල කතාවකින් ඇරඹෙන එය,
දිය බිඳුවක් සිතුවම් කෙරෙන කුඩා පින්සලකින්
මහසයුරක් චිත්‍රණය කරයි.

දශා ප්‍රදීපය

Highlights:

මෙකල අප රට දෛවඥයන්ට දශාඵල කීමට ඉවහල් වූ ප්‍රයෝජනවත් සිංහල පොතක් නොමැති හෙයින් පවත්නා බලවත් අඩුපාඩු තරමක් දුරටවත් පිරිමසා ලන අටියෙන් විංශොත්තරී නක්ෂත්‍ර මහ දශාවේ පංච විධ භුක්තිය පිළිබඳව දශා ප්‍රදීප නම් වූ මේ ග්‍රන්ථය ප්‍රතිපාදනයෙහි ව්‍යාපෘත වීමු.

පඤ්ච පක්ෂය

Highlights:

පඤ්ච පක්ෂය

සිතියම් සහිත සාමුද්‍රිකා ක්ෂේත්‍රය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සාමුද්‍රිකා ශාස්ත්‍රය හා හෝරා ශාස්ත්‍රය
  2. රාශි චක්‍රය
  3. ග්‍රහයෝ
  4. මානුෂ්‍ය අත්
  5. ඇඟිලි….යනාදිය..

ඉන්ද්‍ර ගුරුළුව

Highlights:

ශාස්ත්‍ර කීම් නැකැත් යෙදීම් ආදිය සම්බන්ධව භාවිත කරන වැදගත් ගුරුකම් රාශියකින් සහ පඤච පක්ෂයේ ගුරුකම් කාණ්ඩයකින්ද සමන්විතය.

පොරොන්දම් බලන හැටි

Highlights:

“ජ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥ‍යකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂය කිසිදු ආගමකට අයත් නැති හේතු ඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකි ය. ප්‍රකට විද්‍යාඥ‍යන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස් වන සුලු ය. එහෙත් ජ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී.”

ජ්‍යොතිෂය උගැනුමට පහසු මග 2

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. භාව කේන්ද්‍ර සාධානය
  2. භාව දෘෂ්ටි ඵල ගණිතය
  3. ෂඩ් බල නිරූපණය
  4. උපග්‍රහ චාරය
  5. ආයුෂ විනිශ්චය….යනාදිය…

මුහුර්ත චින්තාමාණි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. ප්‍රාරම්භය
  2. මිට උදලු චක්‍රය
  3. වනාත් කෙටීම් ආදියට කැති චක්‍රය
  4. සීසෑම් ආදියට මුහුර්ත
  5. පුද දෙන මන්ත්‍රය….යනාදිය..

ස්වප්න විභාගය

Highlights:

රූප ශබ්ද දී කිසි අරමුණක් නැති ව හුදෙක් මනසට ම ඉව වැටීමෙන් ඒ රූපශබ්දාදීන්ගේ ස්වරූපය පවා අවබෝධ වීම බොහෝ සත්වයන්ගේ සාමාන්‍ය වූ චිත්තධර්මය පිළිබඳ විද්‍යුත්බල විශේෂයකි. මේ ඉව වැටීම බොහෝ තිරශ්චීන සත්වයන්ගේ විශේෂ සහජ බලයක් ලෙස සලකනු ලැබේ.

පුරාණ සර්වතොභද්‍ර ශාස්ත්‍රය

Highlights:

පෙළගැස්ම

  1. ප්‍රවේශය /1
  2. චක්‍ර වින්‍යාසය-අක්ෂර පිහිටුවීම/2
  3. සර්වතොභද්‍ර චක්‍රය /3
  4. වේධය හෙවත් දෘෂ්ටිය වන අයුරු /7
  5. වෙනත් අක්ෂරයන්ගේ වේධ විභාගය…යනාදිය…

පොරොන්දම් විනිශ්චය

Highlights:

පෙළගැස්ම

  1. ප්‍රවේශය
  2. නක්ෂත්‍ර පොරොන්දම /11
  3. ගණ පොරොන්දම /19
  4. මහෙන්ද්‍ර පොරොන්දම /24
  5. ස්‍ත්‍රී දීර්ඝ පොරොන්දම /25…යනාදිය

ග්‍රහයෝග සංග්‍රහව

Highlights:

පෙළගැස්ම

  1. සංඥානාම සහිත යෝග
  2. බාලාරිෂ්ට යෝග /45-48
  3. මව්පියන්ට අපල දක්වන යෝග /49
  4. ආයුධ සහ ගිනිභය ඇතිකරන යෝග /51-52
  5. විකලාංගවන යෝග /53-56
  6. රෝගකාරක යෝග /57-62…යනාදිය

දඬු මරණය – යම පිම්ම හා ගුරුළු පිම්ම

Highlights:

අවටත් පුරටත් නවය                    ඔබින්නේ

අවටත් පුරටත් හත හත                 ගන්නේ

හත් පැය හත් පැය දෙන්න            සිටින්නේ

දෙන්නගේ හත් පැය දැන              එභරින්නේ

මල්වර සිරිත

Highlights:

පෙර ඉසිවරන් පළකළ ලොවට කර                                    මෙතා

දැන හෝරා සතර පිරිසිදු නැණින්                                         ඉතා

හෙල පඬිදනන් කිවි බසයෙන් කළ                                     ඉහතා

මල්වර සිරිත පවසමි සතට වැඩ                                           පතා

ජ්‍යොතිෂ පද්‍යාවලිය

Highlights:

පෙළගැස්ම

  1. ග්‍රහ ස්වභාව /1
  2. රාශි ස්වභාව /16
  3. රවි රාශි ඵල /29
  4. චන්ද්‍ර රාශි ඵල /32
  5. කුජ රාශි ඵල /35
  6. බුධ රාශි ඵල /38…යනාදිය..

යාත්‍රාප්‍රකරණැය හෙවත් ගමන් නැකත් පොත

Highlights:

පෙළගැස්ම

  1. යාත්‍රාකාල /2
  2. තිථී ඵල /3
  3. වාර ඵල /4
  4. නක්ෂත්‍ර ඵල /5
  5. දික්ශූල /7
  6. විදික්ශූල /8 …යනාදිය

පංචපක්ෂි ශාස්ත්‍රය හා යමකාලය

Highlights:

තවත් ගුප්ත ශාසත්‍ර පොතක් එනම් පංචපක්ෂි ශාස්ත්‍රය හා යමකාලය අද ඔබ අතට පමුණුවන්නට හැකිවිය. බැලුබැල්මට ඇති ග්‍රාම්‍ය ස්වරූපය නිසා සමහරු පැරණි විද්‍යා ශාසත්‍ර පරණ මන්ස්ගාත වශයෙන් නොසලකා හරිති. එහෙත් ඒවා නිකම්ම ඉවත දැමීම යුතු නොවේ.

තත්කාල නිමිත්ත හෙවත් උපේන්ද්‍රාචාර්‍ය්යන්ගේ ජිනේන්ද්‍ර මාලාව

Highlights:

මෙහි සඳහන් කරන්නේ භාව කේන්ද්‍රය සාදා ඉන් පසු ව ම මේ පොතේ එන උපදෙස් අනුව ප්‍රශ්න විසඳිය යුතු බව ය.

පුරාණ පලදාවලිය

Highlights:

පිරුණු වසර හෝ තුන්වන            වසරේ

කරකම් යහපති පස්වන                වසරේ

පැමිණි කලට හිරු අයනේ             උතුරේ

ගුරු කිවි දිලිසෙද තෙදැතිව           අඹරේ

නම් තැබීම හෙවත් නාමකරණය

Highlights:

කෙනකුට නමක් ඕනෑ කරන්නේ අන්‍ය‍යන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමටය. ශාරී නම් බැමිණියගේ පුතු හට් ශාරිපුත්‍ර යන නම විය. වෙස්වලා සැඟවී යද්දී යටාල නම් විහාරයේදී මහානාග නම් යුව රජුගේ බිසව ලැබූ කුමරු යටාල තිස්ස නම් විය. මේ අන්දමේ හේතු ඇතිව නම් තැබීම සිදුවී තිබේ.

කේරළීය භාව රහස්‍ය

Highlights:

පෙළගැස්ම

  1. පළමුවන අදියර –           ලග්න භාවය /1
  2. දෙවන අදියර –           ධන භාවය /3
  3. තෙවන අදියර –           භ්‍රාතෘ භාවය /9
  4. සිව්වන අදියර –           මාතෘ භාවය /15
  5. පස්වන අදියර –           පුත්‍ර භාවය /21… යනාදිය

සිරසපාද ශාන්තිය

Highlights:

ලක්දිව නොයෙක් පළාත්වල ඇදුරන් විසින් ශාන්ති කර්මයන්හි දී භාවිතා කරන විවිධ මාදිලියේ සිරසපාද කවි රාශියක් එක් රැස් කර පාලිත සෝමකීර්ති සූරීන් විසින් මීට හැට වසරකට පමණ පෙර සම්පාදනය කළ සිරසපාද ශාන්තිය නමැති පොතෙහි දෙවැනි සංස්කරණයේ නව මුද්‍රණය යි.

දෛව ප්‍රශ්න මාලා

Highlights:

මේ දඹදිව විසු ශ්‍රී වසවානන්ද නම් බ්‍රාහ්මණ පඬිවරයාගේ ප්‍රශ්නසින්ඩු නම් නාගර පොතේ සිංහලානුවාදයයි.

භුවනදීපිකාව හෙවත් ග්‍රහභාවප්‍රකාශ ශාස්ත්‍රය

Highlights:

මේ ශාස්ත්‍ර ක්‍රමය පිළිබඳව අද අප අතර බොහෝ පත් පොත් ඇත්තාහ. එකී පත් පොත් අතුරින් මේ භවන දීපිකාව ද උසස් තැනක තබා සැළකිය යුතු වැදගත් ග්‍රන්ථයකි.

පේනකීමේ ශාස්ත්‍රය

Highlights:

පෙළගැස්ම

  1. දේවතා ආවේශයෙන් පේනකීම /1
  2. කතරගම ආවේශය /9
  3. මහා විෂ්ණු වරම /19
  4. සර්වදේව වරම /27
  5. දැඩිමුණ්ඩ වරම /31
  6. අයියනායක වරම /33…

විස්තර සන්න සහිත ශිවාලිඛිතය

Highlights:

විෂය මාලාව

  • ෂොඩශ මුහූර්තී /3
  • ඒ ඒ මුහූර්තීයන්ගෙන් කටයුතු ක්‍රියා /3
  • මුහූර්තී ගුණාගුණ /4
  • සත් දිනට මුහූර්තී උදා විධිය /6..යනාදිය..

චප්පනය

Highlights:

තත්කාල හෙවත් ප්‍රශ්න ශාසත්‍රය පිළිබඳ පොත්වලින් කුඩා වුව ද මෙය සැලකිය යුතු ග්‍රන්ථයෙකි. මුළු ප්‍රශ්න ශාසත්‍රය ම හකුළුවා ශ්ලෝක සපණසකින් නිම කිරීමෙන් මේ විශාරදයා ගේ දක්ෂතාවය ප්‍රකට ය. අමුතු නමක්  නොමැතිව සපණසය යන අර්ථ ඇති ෂට්පංචාශිකා යැ යි මෙය හැඳින්වෙන්නේ මේ ශ්ලෝක පණශය ඒ තරමට ම ප්‍රසිදධ හෙයිනි.

ප්‍රශ්න ඥාන ප්‍රදීපය

Highlights:

“ප්‍රශ්න ඥාන ප්‍රදීපය”

හඳහනේ සැඟවුන රහස්

Highlights:

ජ්‍යොතිෂය කෙතරම් ශාස්ත්‍රීයද නැත්නම් විද්‍යාත්මකද යන්න වර්ථමානයේ බෙහෙවින්ම සාකච්ජාවට බඳුන් වී ඇති මාතෘකාවකි.නමුත් මේ ප්‍රශ්න කරන කිසිවෙකුත් රවි. චන්ද්‍ර, කුජ, බුධගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිළිබඳ නම් වශයෙන් හඳුනා ගැනීම හැර ජ්‍යොතිෂය නැමැති විෂය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් නැත්තවුන් බව ඉර හඳ මෙන් විශ්වාසය.කෙනෙක් රහත් භාවයට පත්ව ඇත්ද නැත්ද දන්නේ බුදුවරයෙකු හෝ තවත් රහතුන් නමක්ම පමණ ය.

පිරමිඩ් යාන්ත්‍රණයෙන් වාස්තු විද්‍යාව

Highlights:

අතීත ක්‍රමවේඳ තුලින් වේගවත්ව පහසුවේන් භාවිතා කරන යාන්ත්‍රන ක්‍රමයක් දැන් රූපාකාර යෙන් පහසුවෙන් ඉගෙන භාවිතා කිරීමට සරලව සකස්කර ඇත. නිරෝගීභාවය හා ධනවත්වීම මෙම ක්‍රමවේද තුළින් ඔබේ අනාගතය සර්ථකත්වය කරා ගෙනයයි. මෙම විශිෂ්ඨ ඥානය භාවිතයෙන් නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව ආදිය බලාපොරොත්තු සඵල කරන ආකාරයට පිළියෙල කර ගත හැකිය.

පැරණි ගෙබිම් සංග්‍රහය 1

Highlights:

කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.

නාඩි ජ්‍යොතිෂ පද්ධතිය

Highlights:

කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.

සෙත්කවි කලාව

Highlights:

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත 

Highlights:

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත “ආධ්‍යාත්මික
ස්නායුවේද විද්‍යාව (Neurotheology) සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව
සිදුකළ ප්‍රායෝගික අධ්‍ය‍යනයකි” යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය
මානව විද්‍යා අධ්‍යයන (Anthropology) සහ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව
(Neurotheology) පදනමකින් සිදුකර ඇති පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙහිදී
සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය
පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකා අප විසින් පර්යේෂණය සිදුකරන
ලදී.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු
කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින්
ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ
සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක
ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ
බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය
මේ කෘතිය මඟින් දක්වා ඇත.

සාරාවලිය

Highlights:

යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්‍රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්‍රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!

පෙර විසු ගගර්‍ පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්‍රය පිරික්සා වරාහමිහිරාචායර්‍ යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.

මහා යන්ත්‍ර ශ්‍රෙණිය

Highlights:

මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්‍රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය

Highlights:

කේන්දර බලන හැටි  8 – වෘශ්චික ලග්නය

නැකතක අසිරිය

Highlights:

සාමාන්‍ය ජ්‍යෝතිෂ දැනුමක් ඇති කෙනෙකුට වුවත්, යහපත් බලවත් නැකතක් සාදා ගන්නා හැටි මේ පොතින් දැක්වේ. ජ්‍යෝතිෂය නොදන්නා කෙනෙකුට වුවත්, දවස හා හෝරාව ප්‍රමුඛ කර ගෙන චූල ජ්‍යෝතිෂයට අනුව ශුභ මොහොතක් හදා ගැනීමට මේ පොත උදව් වේ. .

නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්

Highlights:

මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.   

භවය විඤ්ඤාණය සහ කර්ම බලය

Highlights:

භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.  

ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.

සසර සැරිසරන සිත

Highlights:

කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්‍යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙ‍රේ. 

සසර ගමන ජීවිතය හා සතුට

Highlights:

ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .  

භව අතර සැරිසරන විඤ්ඤාණය

Highlights:

ආගම කුමක් වුවත් බොහෝ දෙනෙක් පුනර්භවය විශ්වාස කරති. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ විඥානය මගින් තවත් උපතක් ලබා දෙන බවට විස්තර කෙරේ. මේ ආකාරයට විවිධ භව ඔස්සේ සැරිසරන විඥානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කෙරේ.

ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත

Highlights:

ජ්‍යොතිෂයට අනුව සුභ ඵල ගෙන දෙන සෞභාග්‍ය සම්පන්න නිවසක් ගොඩ නගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.

BUY EBOOK VERSION

යුග දිවිය හා කේන්ද්‍රයේ හත්වැන්න

Highlights:

කේන්ද්‍රයේ හත්වැන්න යනු පුද්ගලයකුගේ විවාහය කෙරෙහි ඍජුවම බලපාන්නා වූ කේන්ද්‍ර ස්ථානයකි. මේ පිළිබඳ ගැඹුරින්, සරලව සාකච්ඡා කෙරෙන මෙම කෘතියේ සම්පාදකවරයා වන්නේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතානයන්ය.

BUY EBOOK VERSION

ජ්‍යොතිෂයේ නොපෙනෙන මානය

Highlights:

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ආචාර්ය පියසේන රතුවිතාන විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මගින් ජ්‍යෝතිෂයේ අප මෙතෙක් දැක නොමැති, බොහෝ අයගෙන් මග හැරුණු පැතිකඩක් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරයි.

BUY EBOOK VERSION

ජ්‍යොතිෂ හස්තය

Highlights:

ඔබේ හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔබ ගැන පලාපල විස්තරයක් ලබාගැනීම සඳහා මග පෙන්වන කෘතියකි වන මෙය සම්පාදනය කොට ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන විසිනි.

BUY EBOOK VERSION

ජීවිතයට ජ්‍යෝතිෂය

Highlights:

ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග්‍රහ කරන මේ කෘතිය දිවියේ අනේක විවිධ ප්‍රශ්න හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනය ගෙන දෙන්නකි. ජ්‍යෝතිෂය පිළිබඳ වැඩි දැනුමක් නොමැති අයෙකුට ද මෙය කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION

උපන්නේ කවුදැයි කියන්නේ මෙහෙමයි

Highlights:

උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.

BUY EBOOK VERSION

ග්‍රහ බල සහ භාව බල

Highlights:

ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරිත්වයත් ඉන් ඇතිවන සුභ අසුභ ඵල ගැනත් අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි. මෙහි කතුවර වෛද්‍යාචාර්ය ආර්. එච්. විලියම් මහතා ජ්‍යෝතිෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

පලාපල කථනයට පියගැට පෙළ

Highlights:

පලාපල කථනය යනු ජ්‍යෝතිෂයේ ඇති සුවිශේෂී අංගයකි. කේන්ද්‍රය හිමියාගේ ඉදිරි අනාගතය සම්බන්ධ සුබ අසුබ කරුණු හෙළිකිරීම මෙයින් සිදු වේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු වූ පියසේන රතුවිතාන මහතා විසින් සම්පාදනය කොට ඇති මේ කෘතියෙන් නිවැරදි පලාපල කථනයට මග පෙන්වීමක් සිදු කරයි.

BUY EBOOK VERSION

කේන්ද්‍රය සහ ග්‍රහයෝ

Highlights:

කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය සහ එහි ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේ ජ්‍යොතිෂ කෘතියෙන් විස්තර වෙයි. එක් එක් ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් ලැබෙන සුබ අසුබ ඵල පිළිබඳ මෙයින් කතා කෙරේ.

1 2
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping