Buddhism

Buddhism

(Showing 1 – 60 products of 240 products)

Show:

The Reverd Book of Five Hundred & Fifty Jataka Stories Volume I – IV

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේගේ සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත් වෙළුම් 4 කින් යුක්ත පොත් කට්ටලය මෙහි අන්තර්ගතය. සම්මානිත මහාචාර්ය රංජිනී ඔබේසේකරයන් ප්‍රමුඛ, පරිවර්තන කාර්ය පිළිබඳ කෘතහස්ත දැනුමකින් යුක්ත ලේඛක මඬුල්ලක් විසින් පරිවර්තනය කරන ලද මේ කෘති බෞද්ධ සාහිත්‍යය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මහඟු අත්වැලක් සපයයි.

This includes the 4-volume book set containing the complete English translation of the great Buddhist book of Sithuwam Sahitha Pansiya Panas Jataka Poth Vahanse written in Sinhala. This literary work done by a panel of scholars led by Emeritus Professor Ranjini Obeysekara, provide a great help in taking Buddhist literature to the international level.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 4

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිංහල බසින් රචිත ‘සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ‘ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි සිව්වැනි වෙළුම මෙය වේ. මෙහි 521 – 547 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. රංජිනී ඔබේසේකර, හේමමාලි ගුණසිංහ සහ භද්‍රා රොද්‍රිගු යන සංස්කාරකවරුන්ගේ මූලිකත්වයෙන් යුක්ත පරිවර්තක මඬුල්ලක් විසින් මේ කෘතිය සම්පාදනය කරනු ලැබ තිබේ.
This is the fourth volume of the English translation of the Sinhala language book ‘Sithuwam sahitha Pansiya Panas Jataka Poth Vahanse’. It contains complete English translation of Jataka stories from 521 – 547. This work has been compiled by a team of translators headed by editors Ranjini Obeysekera, Hemamali Gunasinghe and Badra Rodrigu.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 3

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිංහල බසින් රචිත ‘සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ‘ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි තෙවැනි වෙළුම මෙය වේ. මෙහි 401 – 520 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. රංජිනී ඔබේසේකර, හේමමාලි ගුණසිංහ සහ භද්‍රා රොද්‍රිගු යන සංස්කාරකවරුන්ගේ මූලිකත්වයෙන් යුක්ත පරිවර්තක මඬුල්ලක් විසින් මේ කෘතිය සම්පාදනය කරනු ලැබ තිබේ.
This is the third volume of the English translation of the Sinhala language book ‘Sithuwam sahitha Pansiya Panas Jataka Poth Vahanse’. It contains complete English translation of Jataka stories from 401 – 520. This work has been compiled by a team of translators headed by editors Ranjini Obeysekera, Hemamali Gunasinghe and Badra Rodrigu.

පවුලේම කෙනෙකු කරදරකාරයකු වූ විට කළ යුත්තේ කුමක්ද? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 34)

Highlights:

පවුලේම කෙනෙකු කරදරකාරයකු වූ විට කළ යුත්තේ කුමක්ද?
සෑමකෙනෙකු දිහාම ධනාත්මක ඇසින් බලන්න
වැරදි අඩුපාඩු සෙවීමේ මනස
හොඳයි නරකයි කවුද දන්නෙ?
මොහොතක් ඔබ තුළ සැනසීම ඇතිවන්න ඉඩ දෙන්න
ජීවත්වන විට ඉස්මතුවන ගැටලුවලට
මුහුණ දෙන්නේ කෙසේද?

වැසී ගිය සෝවාන් ඵලය සොයා

Highlights:

අන්තර්ගතය

  1. සෝතාපන්න ඵලයෙහි අපූර්වත්වය
  2. වත්මනෙහි සෝවාන් විය නොහැකිද?
  3. ඔබ සෝවාන් වුවහොත් කුමක් කළ යුතුද?
  4. සෝතාපන්නයාගේ ලක්ෂණ මොනවාද?
  5. සෝතාපන්නයාගේ ගැඹුරු ලක්ෂණ…

The Buddhist Series Life of the Buddha Level 1

Highlights:

This Series is written and produced to make available to children suitable Buddhist books. The primary objective of the Series is to bring the sublime teaching of the Buddha Dhamma in a structured and systematic manner to children during their formative ages.

කැලේ ගහක්

Highlights:

“කැලේ ගහක් ” උපමා එකතුවකි පූජ්ය අචාන් චා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උන්වහන්සේගේ වනගත ජීවිත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උන්වහන්සේ ලබාදෙන පුහුණුව නම් තම අභ්‍යන්තර මෙන් ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය.

Light of Asia

Highlights:

The Light of Asia or the Great Renunciation (Mahabhinishkramana) Being The Life and Teaching of Gautama Prince of India and Founder of Buddhism as Told in Verse by an Indian Buddhist.

ලෝ වැඩ සඟරාව – Loweda Sangarawa

Highlights:

සෙත් සිරි දෙන මග ගුණ               මුහුදාණන්
සත්හට වන බව දුකට                    වෙදාණන්
තිත් ගණඳුරු දුර ලන                     දිනිඳාණන්
සිත් සතොසින් නමඳිම්                 මුනිඳාණන්

නිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය

Highlights:

මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද, ද්විතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද, තෘතීය පරිච්ඡේදයේ නිවණට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද, පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද, චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්වය දක්වන්නා වූ දේශනාවන්ද, පඤ්චම පරිච්ඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.

කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්

Highlights:

කර්ම විපාකය, බුදු දහමේ සඳහන් වන ඉතා වැදගත් ඉගැන්වීමෙකි. බෞද්ධයකුගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයේ මුලින්ම ඉගැන්වෙන්නේ පුද්ගලයකු කර්මානුරූපව භව ගමන සිදු කර ගන්නා බවය. අපිරිසිදු මනසින් යමක් කියයි නම් හෝ යම් ක්‍රියාවක් කරයි නම් හෝ එම පුද්ගලයා කළ කර්මය ඔහුට පීඩා දෙමින් ඔහු පසුපස ගමන් කරයි.

භාවනා ප්‍රවේශය

Highlights:

ලෝකයෙහි පහළ වුන සත්වයන් අතුරෙන් බුද්ධිමත් ම මිනිසාය. ගල් යුගයේ පටන් මෙතෙක් ක්‍රමයෙන් දියුණු වූ මිනිසා අද සඳ තරණයට පවා සමත් ව සිටියි. එතෙක් මෙතෙක් කාලය තුළ මිනිසා කෙරෙහි අහිංසාව කරුණාව, සමානාත්මතාවය, කොතෙක් දුරට දියුණු වී ඇත්දැයි සිතන විට සංවේග උපදී.

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක්

Highlights:

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක්
ප්‍රශ්නෝත්තර සංග්‍රහය – I කොටස (2008 – 2018 දක්වා)

  • ථෙරවාදී බුද්ධ ධර්මය
  • බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය
  • අභිධර්මය
  • බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
  • බෞද්ධ සමාජ දර්ශනය

පිරුවානා පොත් වහන්සේ

Highlights:

සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය වටිනා ධර්ම ග්‍රන්ථයක් ලෙස පිරුවානා පොත් වහන්සේ සලකනු ලබන අතර, “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසාම මෙම ග්‍රන්ථය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.

මෙම පිරුවානා පොත් වහන්සේ

  • ඝන කඩදාසියකින් නිර්මාණය කර ඇති අතර, අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත.
  • පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.
  • පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලා සඳහා පුජා කිරීමට සුදුසු වටිනා ග්‍රන්ථයකි.

අට්ඨකතා සාහිත්‍යය හා අටුවා රසකතා

Highlights:
ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක ගමේ සැදැහැවත් යුවලක් පුන් පොහෝ දිනක බණ ඇසීම සදහා දියණිය නිවසෙහි රඳවා විහාරයට ගියහ. මව්පියන් බැහැර ගියපසු ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳුමුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍යය පෙනිණ. පහන් එළියෙන්ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණා කරන සිව් පිරිසද දිස්විණ. “මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළගට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාගය්‍යයකි” යි සිතන ඇයට උද්වේග ප්‍රීතිය උපනි. ඒ ප්‍රීතිවේගයෙන්ම අහසට නැගුණු ඕ තොමෝ දෙමාපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. දෙමාපියෝ ඇය, කොයි වෙලේ ආවෙහිදැ’යි විචාළාහ. “මම අහසින් ආවෙම්” ඇය කීවාය. 

-අට්ඨකථා සාහිත්‍ය‍ය හා අටුවා රසකතා-

පිරුවානා පොත් වහන්සේ

Highlights:

‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

සප්තාර්ය පුද්ගලයෝ

Highlights:

” සද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ.”

ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය.

දෙව්ලොවට මග කියන කතන්දර

Highlights:

දෙව්ලොවට මගකියන කතන්දර විමානවස්තු ප්‍රකරණය ඇසුරෙන්

විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපදී. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි.

සංඥා

Highlights:

සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත් කොට උසස් කොට ගන්නා දෙයකි. එබැවින් ලෝකයෙහි ‘මෝඩයෝය’ කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද – ‘දැනුමැත්තෝ ය, උගත්තුය, පණ්ඩිතයෝ ය’ කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති. සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති. බොහෝ කල් වෙහෙසෙති. බොහෝ ධනය වියදම් කරති. උගෙනීමය යි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමට ය

සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි

Highlights:

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.

විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්‍යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ

භාවනා

Highlights:

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වයි.

Old Path, White Clouds

Highlights:

This book presents the life and teachings of Gautama Buddha. Drawn from the Pali, Sanskrit and Chinese sources, it traces Buddha’s life over the course of 80 years.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

පිරුවානා පොත් වහන්සේ

අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත

Highlights:

ශ්‍රී ලංකා සාහිත්‍යයෙහි වංශකථාවන්ට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. මේ වංශකථා සාහිත්‍යයට පාළි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද ලියැවුණු කෘතීන් රැසක් ඇතුළත්ය. විෂය ක්ෂේත්‍රය අනුව වර්ග කළහොත් මේ වංශකථා හා ඓතිහාසික වංශකථා හා ආගමික වංශකථා වශයෙන් පුළුල් ලෙස දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඓතිහාසික වංශකථා ඇසුරෙන් දීපවංස හා මහාවංස යන ග්‍රන්ථ දෙක ශ්‍රී ලංකා ද්වීපයේත්, ජාතියේත්, එමෙන්ම බුදුදහමේත් වංශකථාව ප්‍රාමාණික ලෙස විස්තර කරන ඉතා අගනා කෘතීන් වශයෙන් ඉතිහාසඥයින්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

කඨින විනිච්ජය

Highlights:

කඨින පූණ්‍ය කර්මයක් මෙන්ම භික්ෂු ජීවිතයට අදාළ ඉතා වැදගත් විනය කර්මයකි.

පරාභව සූත්‍රය සහ වසල සූත්‍රය

Highlights:

සකල ජන හිත සදහම් අමාවෙන් සැනසූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ පිරිහීමට හා දියුණුවට හේතුවන කරුණු රාශියක් සූත්‍ර කීපයකින් දේශනා කළ සේක. එයින් පරාභව සූත්‍රය ප්‍රධානවන අතර එහි පරාභව කරුණු දොළසක් දේශනා කොට ඇත.

සංස්කෘත අකුරු ලියමු 3

Highlights:

සංස්කෘත අකුරු ලියමු 3

සංස්කෘත අකුරු ලියමු 2

Highlights:

සංස්කෘත අකුරු ලියමු 2

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය

Highlights:
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍ය‍යනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය

Highlights:
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.

හේතුඵල ධර්ම විවරණය

Highlights:
ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි.

පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.

මෙකල නිවුණු ඇත්තෝ (1 වන කොටස )

Highlights:

“මෙකල නිවුණු ඇත්තෝ” අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු පොතකි. මෙහි දේශකයන් වහන්සේලා සඳහන් කළ ලෙස ම උන්වහන්සේ ලෝකය කෙරෙහි හැසිරුණ සැටියෙන්, විශ්වය ඉක්මවා නිවී ගිය කෙනෙකු ලෙස හැඳින්විය හැකි ය.

ඒ සත්‍යතාව තේරුම් ගන්නට උන්වහන්සේ ලියූ සියලු දහම් පොත් ඔබට උපකාරි වනු ඇත.

මෙකල නිවුණු ඇත්තෝ

Highlights:

පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි.

අටමස්ථාන

Highlights:

දේවානම්පිය තිස්ස රජ සමයේ ලක්දිව බූද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු ‍ප්‍රධාන බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.

මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී භූමිය වෙන් කරන ලද අටමස්ථාන. දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මේ පිළිබඳ සදහන් වේ.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2

Highlights:

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධ රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4

Highlights:

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.

පංච මහා වාද

Highlights:
“1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ ඒ ගුණානන්ද හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින්සිදුවන්නටය.මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ වාදීභසිංහ බව මෙම පංච මහා වාදයේ එන පරවාදී මත ඛණ්ඩනය කිරීමේ තර්ක විතර්ක උදාහරණ මගින් පැහැදිලි වේ.

බද්දේගම වාදය,උදන්විට වාදය,ගම්පල වාදය,පාණදුරේ වාදය,ඌරුගොඩ වත්ත වාදය යන පංච මහා වාදයන් මෙම කෘතියේ අන්තර්ගත වේ.”

 

අටමහ පිංකම්

Highlights:

සිංහල බෞද්ධ සම්ප්‍රදායේ අට වැදෑරුම් මහ පින්කම්

  • කඨින චීවර පූජාව
  • අටපිරිකර පූජාව
  • ආවාස දාන පූජාව
  • බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය
  • ධර්ම ලේඛනය
  • ඛෙත්ත දානය
  • පටිමාකරණය හෙවත් පිළිම කරවීම
  • සංඝයා උදෙසා වච්ච කුටි කරවීම

ත්‍රිපිටක සූචිය

Highlights:

තුන් පිටකයේ ඇතුළත් සූත්‍ර – ගාථා ශික්ෂාපදාදියේ නාමාවලියකි.

මෙය මුලසිට අග දක්වා කියවීම සඳහා සකස් කරන පද කෘතියක් නොවේ. ත්‍රිපිටකය හැදෑරීමට මාර්ගෝපදේශයක් හෙවත් අත්වැලක් වශයෙන් සකස් කරන ලද්දකි.

ගැටපද විවරණ සහිත උම්මග්ග ජාතකය

Highlights:

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර සැරිසරන අවධියේ මහා නැණවතකු වශයෙන් ගෙවූ චරිතය විස්තර කරන පොත උම්මග්ග ජාතකයි. මෙය පන්සිය පනස් ජාතක පොතෙහි ඇති දීර්ඝතම ජාතක කතාව ද වෙයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ මෙසමයෙහි මහෞෂධ නම් වූහ. වේදේහ- චූලනි- කේවට්ට ආදීන්ගේ චරිත ප්‍රධාන වශයෙන් එහි නිරූපණය වන්නේය.

බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය

Highlights:

බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “තමා බේරා ගත හැක්කේ තමාට පමණය. වෙන කිසිවෙකුටත් එය කළ නොහැක. තමා තමාවම මනාව හික්මවා ගැනීමෙන් තමාගේම ගැලවුම් කාරයා බවට පත්වේ. බුදුන් වහන්සේට කළ හැක්කේ මාර්ගය පෙන්වා දීමට පමණය.”

බැති සිතින් දන් දෙමු (නිර්මාංශ දානයකට මග)

Highlights:

දීම නම් තමන් සතු දෙයක අයිතිය අත්හැරීමය. දීම ඉතා දුෂ්කර වූත්, දුලබ වූත්, උතුම් වූත්, බුද්ධිමත් වූත් ක්‍රියාවකි.

මෙම කෘතියේ දානයක් පිරිනමන පිළිවෙළ සහ අදාළ දානය සඳහා සකස් කරනු ලබන ව්‍යංජන වර්ග සකස් කර ගන්නා ආකාරය සඳහන්වේ.

අභිධර්මචන්ද්‍රිකාව (සම්පූර්ණ පොත)

Highlights:
අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ එසේ අභිධර්මය උගන්වන අයට අත්පොතක් වශයෙන් පාවිච්චි කිරීමට මෙය ඉතාම යහපත්ය. ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයෙකුටම පහසුවෙන් සිතට වේදනාවක් නැතිව උගැන්වීමට ලියන ලද පොත අභිධර්ම චන්ද්‍රිකාව යි. පිරිවෙන් ප්‍රාචීන, මධ්‍යම, ප්‍රා.අවසන් හා අභිධර්මාචාර්‍ය විභාගයට අභිධර්මය උගන්වීමට භාවිතා කිරීමට මෙය ඉතා සුදුසු වේ.

රෝග නිවාරණයට බුදු දහම

Highlights:

රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රතිකාර වැදගත් වන්නා සේම ආහාර, විහරණ වල වැදගත්කම මෙයින් පෙන්වා දී තිබේ. මෙම ග්‍රන්ථයෙහි, රෝග වලක්වා ගැනීම සඳහා පංචශීල ප්‍රතිපදාවේ වැදගත්කම, පරිසර සං‍රක්ෂණයෙහි වැදගත්කම හා ආහාර රටාවෙහි වැදගත්කම යනාදී කායික හා වාචසික චරණයෙහි නිවැරදි භාවය පෙන්වා දෙයි.

පොකුරු සංඛ්‍යා

Highlights:

මෙහි ඇතුළත් වන්නේ සාමාන්‍ය භාවිතයේ දී හමුවන පොකුරු සංඛ්‍යා පදයි. සියලු ම සමුහවාචී සංඛ්‍යා හෙවත් පොකුරු පද එක් රැස්කළහොත් එය පිටුදහස් ගණනකින් යුක්ත අතිවිශාල කෘතියක් වනු ඇත.

 

බුද්ධ කාලීන සංඝ සමාජය

Highlights:

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තවෙයි. පළමුවන කොටසින් එදා දඹදිව පැවැති ආගමික පසුබිමත්, විමුක්ති ගවේශකයන්ගේ පහළවීමත්, සංඝ සමාජයේ ආරම්භය හා ව්‍යාප්තියත්, වරින්වර සංඝ සමාජයේ ඇතිවු වෙනස්කම් පිළිබඳවත් කරුණු විස්තර වෙයි. දෙවන කොටසින් පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන්ව ඇති තෙරවරුන්ගේ ජීවිත කථා අටුවා විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත.

සද්ධර්මාලංකාරය

Highlights:

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

සුබෝධාලංකාරය

Highlights:

සුබෝධාලංකාරය පරිච්ඡේද 05 කින් හා ගාථා 67 කින් යුක්ත වූවකි. මේ අනුව බලන විට සුබෝධාලංකාර කතුවරයා සංස්කෘත කාව්‍යවිචාර සිද්ධාන්ත ඇසුරු කරමින් එම සාහිත්‍ය‍ය තුළ ප්‍රකට වශයෙන් සාකච්ඡාවට ලක් වූ සිද්ධාන්ත කෙරෙහි ද සිය අවධානය යොමු කර ඇති අයුරු දැකීමට පිළිවන.

පංසුකූල බණ

Highlights:

කිසිවෙකු මියගිය විට ඔහු වෙනුවෙන් සිදුකෙරෙන චිරාගත බෞද්ධාගමික චාරිත්‍රවිධි සමුහයක් වෙයි. අද දවසේ ‘සංසුකූලය’ යන නමින් හැඳින්වෙන්නේ ඒ චාරිත්‍ර සමූහයයි. බොහෝ විට මෙම වචනය පොදු ජනයා අතර ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ‘පංසුකූල’ යනුවෙනි. එම වචනය මෙම ග්‍රන්ථයෙහි ‘පංසුකූල’යනුවෙන් ගෙන ඇත්තේ පාලි සම්ප්‍රදායට මුල්තැන දෙමිනි. ‘පංසු’ යන පාලි වචනයෙහි මූලික වශයෙන් ‘පස්,දුවිලි’ යන කෝෂාර්ථයන් ගැබ්ව ඇත. ‘පංසුකූල’ යන්න දුවිලි ගොඩ/කුණු ගොඩ යන අර්ථ දනවයි. ‘පංසුකූල චීවර’ යැයි කී විට එහි අපේක්ෂිත අර්ථය වන්නේ පස් ගොඩකින්,කුණු ගොඩකින් හෝ ඊට සමාන තැනකින් සොයාගත් වස්ත්‍රයකින් සකසා ගත් චීවරය යන්නයි.

ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය

Highlights:

මෙය සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවකි. ගව පට්ටි හිමියෙකු වූ ධනිය, ධනවත් අයෙකි. මෙ දින ඔහු තම ගවයින්ට තණ කවා පි‍යාදර බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි හේ ප්‍රීතියට පත්විය. මහා වැසි වසින්නැයි වළාවන්ට හඬනගා කියන්නට විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දුර සිට මේ සිදුවීම දිවැසින් දුටු සේක. තමන් වහන්සේ නො වැඩියහොත් මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.

භික්ෂුවගේ උරුමය හා කාර්ය භාරය

Highlights:

මහා සංඝරත්නය නිතර නිතර නිබඳව නිරන්තරව පුළුවන් හැම විටම එක්රැස් වෙනවා නම්, එක්රැස්වීම බහුල වශයෙන් සිදුවෙනවා නම් “වුද්ධියෙව” ඒකාන්තයෙන් අභිවෘද්ධියක්ම වන්නේය. “නො පරිහාණි” පිරිහීමක් නො වන්නේය. ඉතාම වැදගත් අවවාදයක් බුදුන් වහන්සේ වදාළේ.

ආටානාටිය සූත්‍රය

Highlights:

අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.

සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.

සංක්ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය

Highlights:
  1. සංස්කෘතිය
  2. බුද්ධාගමයේ ආරම්භය
  3. බුදුන් වහන්සේගේ පණිවුඩය
  4. බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය
  5. දඹදිව බෞද්ධ සංස්කෘතිය
  6. සිංහල බෞද්ධ සංස්කෘතිය
  7. පකිස්තානය
  8. බුරුමය
  9. තායිලන්තය
  10. ඉන්දුනීසියාව
  11. මධ්‍ය ආසියාව
  12. තිබ්බතය
  13. චීනය
  14. ජපානය

රතන සූත්‍ර වර්ණනාව

Highlights:

අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.

ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දේශිත කාව්‍ය රසය හා භාෂාව

Highlights:
  1. කාව්‍ය නිරූපණය
  2. දෝෂ නිරූපණය
  3. රස නිරූපණය
  4. ගුණ නිරූපණය
  5. අලංකාර නිරූපණය
  6. රීති නිරූපණය
  7. රසාස්වාදන නිරූපණය
  8. පාලි සංස්කෘත භාෂා නිරූපණය
  9. සිංහල භාෂා නිරූපණය
  10. ශබ්ද නිරූපණය

මහා ප්‍රජාපතී ගෝතමී අපදානය

Highlights:

සිරි සුගත තථාගතවර ත්‍රෛලොකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිටක වශයෙන් තෙපරිදි වේ. විනය, සූත්‍ර, අභිධර්ම වශයෙනි. එයින් සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ 9 වැනි කොටසට ථෙරී ගාථා අයත් වේ. තෙරණියන්ගේ ගුණ කථා ඇතුළත් කොටසය. එසේම එහි 13 ග්‍රන්ථය වන්නේ අපදාන පාලියයි. රහතන් වහන්සේලාගේ ජීවිත කථා එහි ඇතුළත් වන්නේය. මෙහෙණින් වහන්සේලාගේ දිවිපුවත් ඇතුළත් වන්නේ ද ථෙරී ගාථා අපදානයටය. මෙහි සඳහන් වන්නේ එහි මහා ප්‍රජාපතී ගෞතමී මෙහෙණින් වහන්සේගේ චරිතාපදානයයි.

බුද්ධ ඇදහිල්ල

Highlights:

අපේ බෞද්ධ සංස්කෘතික පරිචයක් වශයෙන් අවුරුදු පතා යන වන්දනා ගමන්වල දී අත්පොතක් වශයෙන් මෙම පොත ගෙන යා හැකිය. මෙහි භාවනා නමින් වෙනම පරිජෙදයක් එයි. එහි සියළුම භාවනාවන් ඒකරාශි කර ඇත. වන්දනාවක දී හෝ ගෙදර සිටිය දී තමන්ට කැමති භාවනාවක් මේ පොත බලාගෙන වුවද කළ හැකිය.

බෞද්ධ ඇදහිල්ල නම් මෙම කෘතිය බෞද්ධ අත් පොතක් වශයෙන් පරිශිලනය කිරීමට සුදුසුය. සිතුවම්ද ඇතුළත් කොට ඇති මෙහි ජන සමාජයේ ඇදහිලි ක්‍රම පිළිබඳවත් බෞද්ධයින් සතු සියලු පුද පූජාවල් පිළිබඳවත් පැහැදිලි කිරයි.

බුදු දහමේ මූලික ඉගැන්වීම්

Highlights:

බෞද්ධයකු වන්නේ කෙසේ දැයි යන්නෙන් ආරම්භ කර පියවරින් පියවර ගැඹුරට යමින් ත්‍රිලක්ෂණය, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය, ආදී වශයෙන් ගැඹුරු ධර්ම කරුණු ද සරල ව පැහැදිලි ව ඉදිරිපත් කර තිබීම මෙහි සුවිශේෂි ලක්ෂණයකි.

මිනිස් ලොවෙන් ප්‍රෙතලොවට (ප්‍රෙතවස්තු ඇසුරෙන්)

Highlights:
  1. පසේබුදුන්වහන්සේගේ පාත්‍රය බිඳ ප්‍රේතයෙක් වූ රජපුතා
  2. බොරුවට දිවුරා විමාන ප්‍රේතියක් වූ උපාසිකාව
  3. විහිළුවට වස්ත්‍ර සඟවා නග්න වූ ප්‍රේතයා
  4. කුණු ගඳ ගසන මුඛය පණුවන් කන ප්‍රේතයා
  5. සිඟමන් යැදි මහධන සිටුපුත්‍රයා
  6. ප්‍රේතයෙකු වූ මුව වැද්දා
  7. සැටදහසක් යකුළු පහර කන ප්‍රේතයා
  8. දරුවන් ලිහු බැඳ යන මව්පිය ප්‍රේතයෝ
  9. නිරුවත් විමාන ප්‍රේතිය
  10. කසල හිස මත දමා ප්‍රේතියක් වු මත්තා….

සිහනාද සූත්‍රය

Highlights:

දීඝ නිකායෙහි සිලක්ඛන්ධයෙහි අටවැනිව ඇති සූත්‍රය සීහනාද සූත්‍රයයි. එම සූත්‍රයට වස්තු වී ඇත්තේ “කස්සප” නැමැති අචේලකයකු බුදුරදුන් කරා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරදුන් විසින් කරන ලද සංවාදයකි. සමහරු මෙම සූත්‍රයට කස්සප සීහනාද සූත්‍රයයි ද ව්‍යවහාර කරන නමුත්, තථාගතයන් වහන්සේ විසින් අචේලක කස්සප ඉදිරියේ කරන ලද සිංහනාදයට කස්සපගේ නම යෙදීම සුදුසු නොවේ. තථාගතයන් වහන්සේගේ අභීත සිංහනාදය ඉතාමත් විසිතුරු ලෙස දැක්වෙන මෙම සුත්‍රයට උචිත වන්නේ “සිහනාද සූත්‍රය” යන්න මැයි.

1 2 3 4
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
1 Cart
Close

My Cart