Buddhism

Buddhism

Showing all 17 results

Show:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය බුද්ධ ධර්මය 2012-2021

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය බුද්ධ ධර්මය 2012-2021 පසුගිය වසර 10ක ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.

චිරන්තන ගද්‍ය සංග්‍රහය

Highlights:

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නිර්දේශිත චිරන්තන ගද්‍ය සංග්‍රහය

  • සද්ධර්මරත්නාවලිය
  • ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

2 ශ්‍රේණිය බුද්ධ ධර්මය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

Highlights:

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර ඇත.

6 ශ්‍රේණිය බුද්ධ ධර්මය

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය බුද්ධ ධර්මය පංති වැඩ පොත. පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

අ.පො.ස ( උසස් පෙළ ) බෞද්ධ ශිෂ්ටාචාරය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය සංකෂිප්ත සටහන්

Highlights:

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නව නිර්දේශයට අදාලව 12 සහ 13 ශ්‍රේණි සඳහා ග්‍රන්ථ දෙකක්ම මේ වනවිට ඔබ අතට පත්කර ඇත. ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම පුළුල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම එහි ගෙන ඇති අතර හැකිතාක් මූලාශගත තොරතුරු ඇතුළත් කරමින් අවශ්‍ය තැන් ඔබටම සොයාබැලීමට හැකිවන අයුරින් එම ග්‍රන්ථ සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථය මගින් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට කතුවරයා සමත්වී ඇත. ඉහත සඳහන් වු ග්‍රන්ථ දෙකටම අයත් මාතෘකා සම්බන්ධ කරුණු හැකිතාක් සංක්ෂිප්තයෙන් මෙහි දැක්විමට උත්සාහ ගෙන ඇත. පළමු ග්‍රන්ථවලට ඇතුළත් නොවු මූලාශගත තොරතුරු ද අදාල සූත්‍ර පාඨ සමගින්ම ගොනු කර ඇත.

6 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

පාලිභාෂාවතරණය – තෙවැනි පොත

Highlights:

අකුරු වනාහි සිත මුල්කොට හටගන්නා ශබ්දයන් දැක්වීමට යොදන ලකුණු විශේෂයෙකි. අපේ අදහස් ප්‍රකාශ කළ හැක්කේ අකුරුවලින් යුත් වචනවලිනි.පළමුකොට සිතින් නොසිතා අදහස් පහළ කිරීම හැකි නොවේ. එබැවින් අවිශේෂයෙන් සියළු අකුරු චිතතජ (සිතින් උපදනාහු)වෙති.නමුත් සිතින් උපන් වායුව මුඛය කරා පැමිණ බොටුව තල්ල ආදී ඒ ඒ තැන්වල හැපී විශේෂ ශබ්දයන් උපදවන බැවින් ඒ ඒ ස්ථානයන්ගේ වශයෙන් අක්ෂර බෙදනු ලැබේ.

පොල්වත්තේ බුද්ධදත්ත හිමිපානන් විසින් පාලිභාෂාවතරණය තෙවැනි පොත මගින් අක්ෂරයන්ගේ උත්පත්තිසථානාදිය ඇතුලු බොහෝ කරුණු සරලව ඉතා පැහැදිලිව සරලව විස්තර කර ඇත.

පාලිභාෂාවතරණය – දෙවැනි පොත

Highlights:

1955 දී මුද්‍රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරන ලදි.

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

සැදැහැ වඩන දඹදිව වන්දනා

Highlights:

දඹදිව වන්දනා අත්පොත” ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම “අත්පොතකි”. වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා දී ඇත.

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Highlights:

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් )

Highlights:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් සම්පාදිතෛයි. ) ප්‍රශ්න ප්‍රත්‍ර පිළිතුරු

සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – 30

Highlights:

Loving life and facing death
ජීවිතයට ආදරය කරන්න
Dealing with emotions
දුක සැපට මුල චිත්තවේගයයි.ඒ නිසා චිත්තවේග ගැන දැනගන්න
Lets talk about old age
වියපත්වෙනවා කියන්නේ ජීවිතය තවත් පැහැපත්වීමයි
Finally Positivity in People
ත්‍රස්තවාදීහු මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝද මනුෂ්‍යයෝය.

බෞද්ධ ශිෂ්ටාචාරය 12 වසර ( නව නිර්දේශිත )

Highlights:

බෞද්ධ ශිෂ්ටාචාරය 12 වසර ( නව නිර්දේශිත )

ගුණසේන Q & A – බුද්ධ ධර්මය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping