Sinhala Language

Sinhala Language

Showing all 48 results

Show:

2 ශ්‍රේණිය මව්බස වැඩපොත (ශිල්ප)

Highlights:

මෙම 2 ශ්‍රේණියේ මව්බස පෙරහුරු වැඩපොත සම්පාදනයේ දී විෂය නිර්දේශයේ සඳහන් නිපුණතාවයන් හා විෂය අන්තර්ගතය මූලික කරගෙන එකී අරමුණු ඉටු වන අයුරින් නිර්මාණශීලි අභ්‍යාස රැසක් ඉදිරිපත් කර තිබේ.

1 ශ්‍රේණිය – මව්බස පිල්ලම් ඉගෙනුම (ශිල්ප)

Highlights:

පිල්ලම් ඉගෙනුම සහ වාක්‍ය ලිවීමේ හුරුව

පාසල් දෙවන හා තුන්වන වාරය වන විට අත් අකුරු කුඩාවට ලිවීමට හුරු විය යුතු ය. ඒ සඳහා රූල් අතර අකුරු නිවැරදි ප්‍රමාණයෙන් හා ස්වරූපයෙන් ලිවීමට හුරු කරවීම පිණිස මෙම පොතෙහි අමතර පිටු 12 ක් එකතු කර තිබේ. එම පිටු දොළහේ ඇති අභ්‍යාස නිවැරදි ව කිරීමෙන් දරුවාට පිල්ලම් සහිතව නිවැරදි ප්‍රමාණයෙන් යුතු අකුරු ලිවීමට හොඳ හුරුවක් ලැබෙනු ඇත.

4 ශ්‍රේණිය මව්බස නිපුණතා පාදක වැඩපොත

Highlights:

4 ශ්‍රේණිය මව්බස නිපුණතා පාදක වැඩපොත නව විෂය නිර්දේශයට අනුව, පළමු, දෙවන හා තෙවන වාරවලට අනුගත ව සම්පාදනය කර ඇත.

2 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2 ශ්‍රේණියට අදාළ නිපුණතා පාදක කර මෙම සිංහල වැඩපොත රචනා කර ඇත්තේ 2 ශ්‍රේණිය මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල වන පරිදියි. 2 ශ්‍රේණිය තුළ දරුවකු මව්බස විෂයය තුළ ප්‍රගුණ කළ යුතු විෂය අන්තර්ගතය මේ පොත පරිශීලනය කිරීම තුළින් ඔබේ දරුවාට ලබා ගත හැකි ය. එක් එක් නිපුණතාවලට අදාළ සරල ක්‍රියාකාරකම්වල සිට සංකීර්ණ ක්‍රියාකාරකම් දක්වා මෙම පොතට ඇතුළත් කර තිබේ.

1 ශ්‍රේණිය – සිංහල

Highlights:

1 ශ්‍රේණියේ සිංහල විෂය තුළින් අපේක්ෂිත නිපුණතා සාක්ෂාත් කරගනු පිණිස මෙම ප්‍රකාශනයේ ක්‍රියාකාරකම් රැසක් අඩංගු කර ඇති අතර 2016 නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

8 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය (කෙටි සටහන්)

Highlights:

සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.

3 ශ්‍රේණිය සඳහා ඡේද හා පද්‍ය

Highlights:

2018 නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කර ඇති අතර ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකිවන පරිදි සකසා ඇත.

 

2 ශ්‍රේණිය සඳහා ඡේද හා පද්‍ය

Highlights:

2017 නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කර ඇති අතර ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකිවන පරිදි සකසා ඇත.

2 ශ්‍රේණිය සිංහල, ගණිතය සහ පරිසරය වැඩපොත

Highlights:

2017 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල වන පරිදි 2 ශ්‍රේණියේ දරුවන් සඳහා සිංහල, ගණිතය හා පරිසරය යන විෂයයන් ඇතුළත් කර මෙම පොත සම්පාදනය කර ඇත.

2 ශ්‍රේණිය සිංහල

Highlights:

විෂය නිර්දේශය සහ ගුරු අත් පොතේ සඳහන් ප්‍රාථමික අධ්‍යාපන අවධිය සඳහා නිපුණතා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කර මනා දැනුමක් දරුවාට ලබා දීමට අදාළ අභ්‍යාස මේ පොත තුළ අන්තර්ගත කර ඇති අතර ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව සකස් කර ඇත.

4 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව මෙම වැඩපොත සකස් කර ඇත. 4 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව මෙම පොත සම්පාදනය වී ඇත. එහි ඇති සියලු ම ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් ය.

7 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය (කෙටි සටහන්)

Highlights:

සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.

5 ශ්‍රේණිය ඡේද හා පද්‍ය ක්‍රියාකාරකම් වැඩපොත

Highlights:

ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව 5 ශ්‍රේණියේ දරුවන්ට අදාළ වන ඡේද කොටස් මෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒවා කපා වෙන් කර ගෙන අභ්‍යාස පොතෙහි අලවා ගෙන ඡේද ඇසුරින් පිළිතුරු ලිවීමට පහසු ආකාරයට සකස් කර ඇත.

2 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩපොත 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. 2 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට අදාළ මාතෘකා සියල්ලම මෙහිදී සැලකිල්ලට ගෙන ඇති අතර එම මාතෘකාවන්ට අයත් ක්‍රියාකාරකම් සියල්ලම පාහේ විෂය නිර්දේශයට අනුකූලවම ඉදිරිපත් කර ඇත.

12 ශ්‍රේණිය සිංහල පාඩම් සාරාංශ

Highlights:

අ.පො.ස උ/පෙළ සිංහල පාඩම් සාරාංශ (කෙටි සටහන්)

 

මව්බස ඇගයීම වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණියේ මව්බස විෂය නිර්දේශයට අනුව සියලු නිපුණතා ආවරණය වන පරිදි මෙම පොත සම්පාදය කර ඇති අතර ගුරු මාර්ගෝපදේශයේ අඩංගු සියලු ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් මෙහි ඇතුලත් වේ.

2 ශ්‍රේණිය වචන හා වැකි කියවමු

Highlights:

2017 නව නිර්දේශයට අනුව දෙවන ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ඇසුරෙන් සම්පාදනය කර ඇති මෙම පොත පරිහරණය කිරීමෙන් ඔබේ දරුවාට ඉතා පහසුවෙන් වචන හා වැකි කියවීමට හැකියාවක් ලැබෙනු ඇත.

3 ශ්‍රේණිය ඡේද හා පද්‍ය පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය

Highlights:
  • පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය නව විෂය නිර්දේශය
  • ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකි පරිදි සකසා ඇත.

5 ශ්‍රේණිය ඡේද හා පද්‍ය පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය

Highlights:
  • පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය නව විෂය නිර්දේශය
  • ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකි පරිදි සකසා ඇත.

09 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය

Highlights:

09 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය විභාග නියත ජය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය
වාර තුනට වෙන් වෙන් වශයෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් විස්තරාත්මක පිළිතුරු සහිතයි.

3 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍ය‍යනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.

 

අකුරෙන් අකුර – ලස්සන ලස්සන අකුරු ලියමු

Highlights:

නිවැරදිව හා ක්‍රමවත්ව සිංහල අක්ෂර ලිවීමට දූ දරුවන්ට නිසි මග පෙන්වීමක් ලබා දෙන කෘතියකි.

සිංහලයේ පද වර්ග

Highlights:

සිංහල භාෂාව හදාරන දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් එකසේ ප්‍රයෝජනවත් කෘතියක් ලෙස “සිංහලයේ පද වර්ග” කෘතිය හඳුන්වා දිය හැකිය. මෙහි විරුදධාර්ථ පද, සමානාර්ථ පද, බහ්වර්ථ පද, සමානරූපී පද හා අර්ථ ඉඟි වැකි, (රූඪි) ප්‍රස්තාව පිරුළු, අක්ෂර වින්‍යාසය, ප්‍රාදේශීය ව්‍යවහාරය, ස්ත්‍රී ලිංග/පුරුෂ ලිංග පද, යුගල පද, තනි පද, ආදී වශයෙන් වචන රැසක් මේ පොතෙහි අන්තර්ගත කොට ඇත.

සංස්කෘත නාමාඛ්‍යාත පදමාලා ( සංස්කෘත වරනැගිල්ල )

Highlights:

සකුව උගන්නා දුහුනන් සඳහා සැකසුණු බැවින් මුලදී සාධාරණ ශබ්දවල වරනැගිලිත් එයට පසු විශේෂ ශබ්දවල වරනැගිලිත් දුන්නමු. අමාරු ශබ්දවල තේරුම් ද උපග්‍රන්ථයක් වශයෙන් දී ඇත.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර

Highlights:

3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.

සිංහල ජන ගායනා ශෛලි

Highlights:
1865 සිට හියු නෙවිල්‌ වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර්‌ ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන්‌ අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස්‌ කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්‌, ඒ ඇසුරින්‌ නිර්මාණ කරන්ටත්‌ උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන්‌ කිහිපදෙනකු පමණි. සමන්‌ පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත්‌ බොහෝ දුර ගමන්‌ කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක්‌ හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන්‌ පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන්‌ සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක්‌ පතිත වන බව අපගේ විශ්වාසය යි.

බහු අර්ථවත් පද

Highlights:
සිංහලයේ ඇතැම් වචනයකට තේරුම් රැසක්
තිබෙයි. මේවා බහු අර්ථවත් පද ලෙස හැදින්වෙයි.
අඹ කියූ විට එකවර ම අප කාටත් මතක් වෙන්නේ
රසැති අඹ ගෙඩි ය.එහෙත්,ජලය,බිරිද,ඇඹීම හා
ලුහුබැදීම යන අර්ථ ද එයට අදාළ වේ.මේ බහුඅර්ථවත්
පද පිළිබදව ඔබ නිවැරදි අවබෝධයක් නැතිනම් ඇතිවන
අපහසුතාව යළි යළි කියා දිය යුතු නොවේ.බහු අර්ථවත්
පද පිළිබදව දැනුම ලේඛනයේ දී මෙන්ම භාෂණයේ දී
ද අත්‍යවශ්‍ය වේ.මේ පොත එම දැනුම සොයායන්නට අත් උදව්වකි

සිංහල වචන ලිවීම

Highlights:

පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව සැකසු (රූල් පහ සහිත ) සිංහල වචන ලිවීම

 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට

4 ශ්‍රේණිය මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)

Highlights:

මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)

මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)

Highlights:

මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)

5 ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 11ක ප්‍රශ්න සහ පිළිතුරු 2011 – 2021

Highlights:

5 ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 11ක ප්‍රශ්න සහ පිළිතුරු 2011 – 2021(ප්‍රශ්න පත්‍ර වෙන වෙනම වෙන් කර ගත හැකිය)

ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය

Highlights:

ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය සදහා 2019 නව විෂය නිර්දේශයට අදාළ

ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය

Highlights:

ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ

Highlights:

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ

ශිෂ්‍යත්ව ජයමග 2022 ( පුංචි අපේ නැණ මිහිර )

3 ★
3 ★
1 Rating
5 ★
0
4 ★
0
3 ★
1
2 ★
0
1 ★
0
Highlights:

Nena Mihira  paper set by Sri Lanka Rupavahini Corporation is based on a TV program which is an educational support program for students Who are sitting for the Grade 5 Scholarship Examination.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සකස් කරන ලද නැණ මිහිර ප්‍රශ්න පත්‍රය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික ආධාරක වැඩසටහනක් වන රූපවාහිනී වැඩසටහනක් මත පදනම් වේ.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සිංහල වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩ පොත මව්බස විෂය සඳහා 2 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

10% DISCOUNT

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – සිංහල භාෂාව හා සාහිත්‍යය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

රු855.00

මුතු අකුරු – III කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.

මුතු අකුරු – I කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.

මුතු අකුරු – II කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි

අකුරු ලිවීමේ කුසලතා (පළමුවන ශ්‍රේණිය )

Highlights:

පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත.  A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.

රූප බලා අකුරු කියමු

Highlights:

පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.

සරල වැකි

Highlights:

2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල වර්ණමාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම පොතේ මුල් පිටු වෙන්කර ඇත්තේ පිල්ලම්  නැති වචන සහ හල් ලකුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර  සිංහල භාෂාවේ පිල්ලම් සදහා එක පිල්ලමකට සරල වැකි 08 බැගින් ඇතුළත් කර ඇත. දරුවාගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සදහා මෙය මහත් පිටිවහලක් වේ.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සිංහල 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping