අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සිංහල භාෂාව හා සාහිත්‍යය
පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
උසස් පෙළ බැද්දේගම
බැද්දේගම වීමංසා 2017 නව නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත බැද්දේගම නවකතාව ඉතා සියුම් ව විමර්ශනය කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසුන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබාදෙයි.
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.
සිංහල සාහිත්‍ය දැනුම මිනුම
6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.
උසස් පෙළ කෙටි කතා සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයයට නියමිත කෙටි කතා ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසු සිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබා දෙයි. .
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
උසස් පෙළ ගුත්තිල කාව්‍ය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත ගුත්තිල කාව්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය සිසුසිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
සිංහල සාහිත්‍ය රසාස්වාදනය හා විචාරය
10-11 ශ්‍රේණිවල ඉගෙනුම සිසු දරු දැරියන් දෙවන කාණ්ඩයේ අතිරේක විෂයයක් ලෙස තෝරා ගන්නා සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයය වෙනුවෙන් ලියැවුණු කෘතියකි. සාහිත්‍ය නිර්මාණයන් රස වින්දනය කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් ආකල්ප හා බුද්ධිය ද වර්ධනය වෙයි. මෙම විෂය දරුවන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ද මෙයයි.
BUY EBOOK VERSION10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය
පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්‍රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.
ගුණසේන Q & A – සිංහල භාෂාව හා සාහිත්‍යය
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විචාරය – නව විෂය නිර්දේශය 2016
සාමාන්‍ය පෙළ සාහිත්‍ය විචාර සඳහා අත්වැලක් සැපයීම සඳහා මේ කෘතිය සම්පාදනය කොට තිබේ. දරුවන්ට තම ඉලක්ක ජය ගත හැකි මාවතකට පෙළඹවීමක් ඇති කරවමින් සාහිත්‍ය ප්‍රශ්න හා පිළිතුරු මේ කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත. උම්මග්ග ජාතකයෙන්, ගුත්තිල කාව්‍යයෙන්, හංස සංදේශයෙන්, නූතන පද්‍ය ඇසුරින් හා ජන කවියෙන්, කෙටි කතාවෙන් සිදු වී ඇති සමාජ සංස්කෘතික මෙහෙය එළිදක්වමින් සිසු මනස පුබුදුවාලන්නට කතුවරයා දැඩි මෙහෙවරක් දරා තිබේ.
BUY EBOOK VERSION10-11 ශ්‍රේණි සඳහා සාහිත්‍ය විචාර සංග්‍රහය
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමානුකූලව සහ සරලව සාහිත්‍ය කෘති විචාරය කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.