Product Tag: එස්. චන්ද්‍රසිරි දසනායක

එස්. චන්ද්‍රසිරි දසනායක

Showing all 4 results

Show:

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

අතීතයට ගිය ඇලන්

Highlights:

ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජීප්තුවට අයත් වු ෂබාකා නම් වු සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජිවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත.
එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනොල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජීප්තුවේ පාරඕ වන පෙරෝආ ලෙසත්,හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති.
සදාකාලික අවිවාහක ජිවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නි ය.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping