Product Tag: ගුණරත්න ඒකනායක

ගුණරත්න ඒකනායක

Showing all 18 results

Show:
10% DISCOUNTSold Out

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

  • 2017 නව විෂය නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි
රු342.00
10% DISCOUNT

විභාගෙට යන පුතුට ඔවදන්

Highlights:

මෙම කෘතිය කතුවරයා විසින් ලියනු ලබන්නේ දරුවන් විභාගයට පාඩම් කරන්නේ කෙසේද යන්න වටහා දීම සඳහාය. දෙමාපියන් තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා නිතර උනන්දු වෙති. එහෙත් එය සාර්ථක කර ගන්නේ කීප දෙනෙකි. තරග විභාග නිසා කිසිදු දැනුමක් නැති දරුවෝ සමාජයට දිනපතා බිහිවෙති. ඉතා කනගාටුදායක තත්වයකි.

දරුවා පාඩම් කරන විට තවත් කාර්යන් කිහිපයක් ගැනම ඔහු උනන්දු විය යුතුය. දැනුම පළල් විය යුතුය. පොත් පත් කියවිය යුතුය.පොත්පත් කියවීම නිසා දරුවාගේ රචනා ශෛලීය දියුණු වී වීභාගය සමත් වීම පහසු වෙයි. ඔහුගේ සිත සන්සුන් වෙයි. අනෙකුත් අය ගැන සිතීමට පෙළඹෙයි.

රු342.00
10% DISCOUNTSold Out

මගේ පුංචි ගුරුතුමී

Highlights:

සඳුදා දින මම වෙනදාටත් වඩා වේලාසනින් පාසල් යාමට සූදානම් වුයෙමි. ගුරුතුමිය දකින තෙක් මට ඉවසුමක් නැත. ඇය යළිත් නොඒදෝයි සැකයක් මා තුළ පවතියි. අනෙකුත් ගුරුවරු පැමිණ දින දෙක තුනකින් නතර විය.සති තුනක් ගිය පසු ඇය ද නතර වීමට බැරි නැතැයි මට සිතුණි.

“අද උදේම මොකද ලෑස්ති වෙන්නෙ…? අම්මා මගේ කලබලය දැක ඇසුවා ය.

රු315.00
10% DISCOUNTSold Out

අසංකගේ විශ්මිත ජය

Highlights:

“පුංචි දොස්තර මහත්තයත් එක්ක වචනයක් කතා කළත් අසනීප හොඳන් වෙනවා.”

“පුංචි දොස්තර මහත්තයට දරුවොත් හරි කැමතියි.”

“පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කිව්වම සන්තෝසයෙන් බොනවා.”

“ඉස්සර බෙහෙත් බොන්ට ගියාම අඬන දොඩන අපේ දරුවා පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කීවාම හිනාවෙවී බොන්නේ.”

රු333.00
10% DISCOUNTSold Out

දුම්බර නිළමේ

Highlights:

“ඉඩම වටේම තේක්ක ගස් හිටවපන්…. තේක්ක දැන් බුරුමයෙන් ගෙන්වන්නේ. මම දොරවල්වලට ලී ගෙන්න ගත්තේ කොළඹ වෙළෙන්දෙකුට කියලා.ගිනි ගණන්. හොඳ තේක්ක පැළ වගයක් මට ළඟදීම ලැබෙයි.”

“එහෙමයි හාමුදුරුවනේ.. ඉඩම වටේටම තේක්ක පැළ දාන්ටයි මම හිතාගෙන ඉන්නේ.”

“ඒක හොඳයි… හොඳයි… උඹට මම කියන්ට ඉස්සර සේරම තේරෙනවා.”

රු540.00
10% DISCOUNTSold Out

මම ද ගැහැනියක්මි

Highlights:

“ගෑනියක් දික්කසාද කරල උඹ ඒකා බඳින්න කැමතිද?” ඇය ඇසුවාය.

“ඇයි?”

“ඒත් ගැහැනියක්. උඹත් ගැහැනියක්.තවත් ගෑනියෙක් අමාරුවෙන් දාල උඹව බැඳ ගන්නව නම් ඒක මම විශ්වාස කරන්නෙ නෑ.අනිත් එක එක ගෑනියෙක් අත හැරපු මිනිහට උඹව අත් හරින එක එච්චර දෙයක් නොවෙයි.ඒක මතක කියා ගනින්”

රු378.00
10% DISCOUNTSold Out

නුවරකලාවියේ අලුත් නෑයෝ

Highlights:

“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්‍රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.

රු450.00
10% DISCOUNTSold Out

තරුණ දුවේ මේ අහන්න

Highlights:

විශේෂයෙන් තරුණ දූවරුන් ඉන්නවා නිවසේ දී හැසිරෙන්නේ මේ ලෙසිනුයි. ඔවුන් නිවසේ හැසිරෙන්නේ යක්ෂණියන් ලෙස. තව කෙනෙකුගේ නිදහස දෙස බලන්නේ වත් නෑ.ආත්මාර්ථකාමී ලෙස තම විනෝදය සලකාගෙන ඔවුන් කටයුතු කරනවා. සිංදු කියනවා, කෑ ගසනවා, රූපවාහිණි බලනවා, වයසක දෙමාපියන් දවස තිස්සේම මහන්සි වී විවේක ගන්නේ රාත්‍රියටයි.

රු405.00
10% DISCOUNTSold Out

අපොයි මගේ ඉස්කෝලේ

Highlights:

“මේ ළමයින්ට දැන් බඩගිනිත් ඇති.ඉන්න මම රොටී ටිකක් පුච්චලා දෙන්නම් කාල ආපහු මේ පාරෙම ගිහිල්ලා ගඟෙන් ආපහු එගොඩවෙන්ට. ඒ පාර දන්නවා නේද? ආයෙත් මෙහාට එහෙම එන්න එපා.” නෑ මාමෙ අපි දැන් කෙලින්ම ආපු පාරේ ආපහු ගිහිල්ලා වතුර අඩු තැනකින් ගඟෙන් එගොඩ වෙනවා.ඊටපස්සෙ ගඟ උඩහට ගියාම තෙල්දෙනිය කිට්ටුයි.

රු315.00
10% DISCOUNTSold Out

සසල මැදුර

Highlights:

එදා පටන් ඒබරං සියලු වැඩ නිමවා රාත්‍රී ඉගෙන ගන්නට ගියේ ය. මුදලාලි පැවසුවේද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ආණ්ඩුවේ තනතුරක් හෝ ලබා ගත හැකි බව ය. ඒබරං තරුණයාගේ ක්‍රියා පිළිවෙළට ඔහු බෙහෙවින් ආකර්ෂණය වී සිටියේ ය.ඔහු අනාගතයේ දියුණු තත්ත්වයකට පත් වෙතැයි ඉසදින් කල්පනා කළේ ය.

රු504.00
10% DISCOUNTSold Out

සුරනිමලගේ වාසනාව

Highlights:

“මොකද පුතේ අද උදෙන්ම…මොකද මේ කලබලේ…?”
පුංචි මැණිකා ඔහුගේ නොඉවසිලිමත් බව දැක ඇසුවාය.

අම්මෙ… මම පොඩි හාමුදුරුවෝ හම්බ වෙලා තමයි අද
ඉස්කෝලෙ යන්නේ. ගස් කපන එක ගැන පොඩි හාමුදුරුවන්ට
කියනවා.” සුරනිමල පිළිතුරු දුන්නේය.

“ඒක හොඳයි… පන්සලේ හාමුදුරුවෝත් මේකට හවුල් කරගන්න
වුවමනායි.”

රු288.00
10% DISCOUNTSold Out

අන්තිම ඉල්ලීම

Highlights:

සිරිදාස බලු කික්කියක් ගෙදරට ගෙනාවේ පවුලේ සියලු දෙනාගේම බලවත් ඉල්ලීම පිටය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ ඔහුගේ බිරිඳ මැහුම් ගෙතුම් කරමින් දවසේ කීයක් හරි සොයා ගත්තා ය. සිරිදාසට එය මහත් පහසුවක් විය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ටිකක් හෝ අඩුකර ගැනීමට එයින් හැකි වූවා යයි එහු කල්පනා කළේ ය.

රු288.00
10% DISCOUNTSold Out

සංචාරක කිරිල්ලී

Highlights:

මා මගේ ජීවිත කථාව කොතනින් පටන් ගන්නේ ද කියා මේ වන තෙක් සිතමින් සිටිමි. එහෙත් එහ් පැවසිය යුතුමය යන බලවත් හැඟීම මා සිත කලඹයි.මගේ කුඩා කාලය මව්පිය සෙනෙහස නොලැබුණු එකක් යැයි මට නිතරම සිතේ.

රු432.00
10% DISCOUNTSold Out

සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි

Highlights:

බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.

රු495.00
10% DISCOUNTSold Out

තෑගි ගොඩයි

Highlights:

එදා පවුලේ සියලු දෙනාටම ප්‍රීතිමත් දිනයක් විය. එයට හේතුව ඔවුන් එදා රුපියල් පන්සියයක් පමණ හම්බකර තිබීමය. එය ඔවුනට විශාල ආදායමක් විය. සිරිසෝම කඩයට ගොස් පරිප්පු හා කරවල ගෙන ආවේය. කාලෙකින් දරුවන්ට හොඳට කන්නට දෙන්ට පුළුවන් වීම ගැන සිරිසෝම මෙන්ම ඔහුගේ බිරිඳද සතුටට පත්වූහ.

රු234.00
10% DISCOUNTSold Out

දොස්තර අසංක

Highlights:

අතුල ගොවිපල පුරාම ඇවිද ගියේ ය. ඔහු දුටුවේ ගියවර පැමිණියාට වඩා දැන් ගොවිපළ සරුසාර වී ඇති බව ය. නුවර නගරයට වී සිටීමට වඩා මෙහි පැමිණ නිවාඩුව ගත කිරීම කොයි තරම් හොඳ දැයි ඔහුට කල්පනා විය.ඒ අතරම ඔහුගේ සොහොයුරිය ගැන ද ඔහුට නිතර නිතර කල්පනා විය.

රු252.00
10% DISCOUNTSold Out

කුරුලු පැටවුන් ඉගිල ගොසින්

Highlights:

” ලබන අවුරුද්දේ ඉඳලා දුන්හින්නෙ ඉස්කෝලෙට යන්ට ඕනෑ.
මේ පාර වාර විභාගෙ ඉවර වුණාම අස්වීම සහතිකෙත් අරගෙනම
එන්ට ඕනෑ නිවාඩු දුන්න ගමන්ම.” අප්පච්චි කියනවා අහගෙනයි.

“පයින්ම යන්ට එපායැ… පොඩි එකාට ලේසි වෙන එකක් නෑ,”
අම්මා කිව්වා.

දුන්හින්නෙට හැතැප්ම දෙකක් විතර තිබුණා ගමේ ඉදලා
තෙල්දෙනියේ යනකොට දුන්හින්න ඉස්කෝලෙ දැකලා තියෙනවා
සම්පත්. ලොකු ඉස්කෝලෙට ගමේ ඉදලා ළමයි එන බව සම්පත්
දැන හිටියා. තමන්ටත් කවදාහරි ලොකු ඉස්කෝලෙට යන්ට වෙන
බවත් දැනන් හිටියා.

“කොල්ලො කෙල්ලො ඔය යන්නෙ. අපේ එකත් පුරුදු වෙයි.”
අප්පච්චි කිව්වා.

මල්ලිකා නංගි ඉගෙන ගන්ට කම්මැලියි. ඊලඟ අවුරුද්දෙ
එයත් දුන්හින්න ඉස්කෝලෙට ආවා. ඒත් අටේ පන්තියට
විතරයි ගියේ.

“උඹට ඉගෙන ගන්ට බැරි නම් ගෙදර වැඩපලක් ඉගෙන
ගනින්.” අම්මා එක දවසක් කිව්වා සම්පත්ට මතකයි…

රු522.00
10% DISCOUNTSold Out

හුටපට වීදිය

Highlights:

හුටපට වීදිය

ඔවුන් ද මේ සමාජයේ ම සාමාජීකයන් ය.
අව්ව, වැස්ස, සුළඟ කාටත් නොමිලයේම
ලැබෙන්නා සේ ම ඔව්න්ට ද ඒ සියලු
දෙය ලැබුණි. එහෙත් ජිවිතය ජයගැනීම
සඳහා ඔවුන්ට මහත් අරගලයක් කරන්නට
සිදුවීම පෙර ආත්මවල පව් පින් පලදීම ද?
සමාජයේ වෙසෙන තවත් එක් මිනිස්
කොට්ඨාසයක්ගැන දශමයක් වු මේ කතාව
අප හැමගේම කතාවම විය නොහැකිද?

රු450.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping