Product Tag: නිමන්සා ප්‍රකාශන

නිමන්සා ප්‍රකාශන

Showing all 11 results

Show:

සුදු වහලියෝ

Highlights:

මෙය අමෙරිකාවේ මෘත ශරීරාගාරයක තිබූ මළසිරුර හිමි කැලැහැන් මෙනෙවියගේ කතාවම නොවේ. අමෙරිකාවේ වසරකට දහස් ගණන් යුවතියෝ සෑම ප්‍රාන්තයකින්ම අතුරුදහන් වූහ. ඔවුන්ගේ ආදරණීයයන්ට නැවත ඔවුන් කිසි දිනෙක දැකගන්නට ලැබුණේ නැත.

මෙය රේවන් ගේ කතාවද වෙයි. ඔහුගේ ජාවාරමට අමෙරිකාවේ දසදෙසින් දිනපතා යුවතියන් වැඩිවැඩියෙන් වුවමනා වූයේය. ඒ පසුපස ඇත්තේ පිරිමින් තම බිරියන් වෙතින් සෑහීමකට පත් නොවීමය යන්න ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් කළු වහල් ජාවාරම නතර වී සුදු වහල් ජාවාරම ආරම්භ වී තිබිණි

ඉතිහාසගත චරිත

Highlights:

ඉතිහාසගත චරිත හඳුන්වාදීම මෙම ග්‍රන්ථය මගින් සිදු කර ඇති අතර, එක් එක් චරිතයේ මූලික කරුණු හා රූප සටහන් චරිතය හඳුනා ගැනීමට හැකිවන ආකාරයෙන් කෘතිය සකස් කර ඇත.

අනන්ත වසන්තය 2

Highlights:

දෑස් පියන්පත් විවරව තැබුවෙමි
ඔබෙ රුව දකිනු රිසින්
සවන් පියන්පත් විවරව තැබුවෙමි
ඔබේ හඬ අසනු රිසින්
එනමුදු නොදුටිමි නොඇසුණි කිසිවක්
රහසින් සැඟව ගිහින්…

ඉක්මන් සල්ලි

Highlights:

පුද්ගලයන් පැහැරගෙන කප්පම් ඉල්ලා
සිටීම ඉතාලියේ සුලබය. එරට බලවත්ම
ධන කුවේරයා වු කාලෝස් ගැර්ඩ් සිය
දියණිය ජීනා විදුලි සැර කැවු වැටකින්
වටවු, මිනීමරු බල්ලන් මුරට යෙදවු
වතුයායක් මැද මන්දිරයක, වෙඩි තැබීම
පසුපස තවත් හේතු තිබිණිද.?

ප්‍රේමය නම්

Highlights:

හෙලෝ… ච..න්..ද..න..
ඔව්… චන්දන තමයි කතා කරන්නේ… ඔයා..
කවුද?.. චන්දන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.
මගේ කටහඬ දැන් ඔයාට අඳුනන්න බැරිද? අනේ…

පුළුවං…ඒත්..මට ඔයත් එක්ක කතා කරන්න දැන්
කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ ඉන්දු… කරුණාකරලා
දැන්වත් දෙයියන්ගේ නාමෙට මගේ ජිවිතෙත් එක්ක
සෙල්ලම් කරන එක නවත්වලා ඔයාගේ වැඩක් බලාගන්න..
ආයෙත් මගේ ෆෝන් එකට කතා කරන්න එපා..

අනේ..ප්ලීස්..චන්දන.. ෆෝන් එක කට් කරන්න
නම් එපා.. මට ඔයාට ගොඩක් දේවල් කියන්න
තියෙනවා. ඒ ටික අහගෙනවත් ඉන්න, ඒක
ඔයා මං වෙනුවෙන් කරන ලොකු පිනක්.
මගේ හිත සැහැල්ලු කරගන්න ඉඩ දෙන්න
ප්ලීස්.. මාව පිච්චෙනවා වගේ දැනෙනවා
චන්දන.

දම්සාරි 2

Highlights:

සඳට පෙම් බැඳි කුමුද හිනැහෙයි
විලට පමණක් දැනෙන විලසේ
ඇගේ සෙනෙහස සඳට දැනුණා

විසල් මහ පොළොවටත් රහසේ
සඳ කොතෙක් නම් කවි ලියාවිද
ඇගේ පෙම ගැන සොඳුරු අහසේ
කුමුද සඳ එළීයෙන්ම සැනහෙයි
සඳට ළංවිය හැකිද කෙලෙසේ…..

දම්සාරි 3

Highlights:

නිබඳ සිඳුතෙර ළවැලි තලයේ
සැදු වැලිමාලිගා අතරේ එදා
සෙල්ලම්වියේ සිහිනය බොඳව
ගිය අයුරින්…

ඔබේ අතඟිලි අතර පැටලී
තැනූ ලොව වෙත පිය
නඟන්නට දකින සිහිනය
බොඳව යාදෝ නොයාදෝ
නොදනිමි…

මායාකාරි

Highlights:

රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය
පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන්
බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ
කුමක්ද..?

ඇය තමන් වෙත නතුකර ගැන්ම උදෙසා
ඝාතනයක් වුවද ඔහුට සුළු දෙයක් වනු ඇත.
ගිල්ඩා විවාහ කර ගැන්මට නම් පළමුව ඇයගේ
කෘර හිංසාකාරී අබ්බගාත සැමියා ඉවත් කළ
යුතු බව ටෙරී රීගන් දැන සිටියේය.එසේ කිරීම
සඳහා ඔහු විචක්ෂනශීලි ව සැලසුම් කළ ඝාතන
සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණ.

එහෙත්.. එවැනි සූක්ෂම සැලසුම් පවා
නොපිට ගොස් වැරදී යන ස්වභාවයක් ලොව
පවතී.

මගෙම වැහි කවිය නුඹ

Highlights:

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය.
දහසක් හීන දෙපතුල්
ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි.
දුක ගැන අල්ප මාත්‍රයක්වත් නිනව් නැති ලෝකයක
සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප්‍රේමය ළගදීය.
දහසක් රිදුම් වේදනා අභිමුවත් ප්‍රේමයට ප්‍රේමය විශ වූවත්
මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය.
ජීවිතය…. අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත
හරින්නට බැරි වුනේ ඒකය.ප්‍රේමය ළග සිනහ දුන් නුඹම,
ජීවිතය ළග මා හැඩවූවේය.
ප්‍රේමය ළග මා රැකගත් නුඹම,
ජීවිතය ළඟ මා විනාශ කරවූවේය.
ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි.
අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි.
සහසක් වේදනා මැවූ නුඹේ ප්‍රේමයට අදත් මම ලෝභ වෙමි.
ඉතින් මම නුඹට කියමි.
එක වචනයකින්වත්,
එක බැල්මකින්වත්,
එක සිතුවිල්ලකින්වත්
අදත් මට නුඹව රිදවන්නට බැරිය.
නුඹට ද්වේශ කරන්නට බැරිය.
නුඹට වෛර කරන්නට බැරිය.
අදහන්න මං ඒ තරම් ආදරේ කළා…

අලුගෝසුවා

Highlights:

පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක
පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන්
වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබිල්
මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු
ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ
යුවලක්…

නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන්
අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත
අධිබල ඉලක්ක රයිෆලයක්…

නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර
සිදුවන බිහිසුනු ඝාතන වැලක්…

පොලීසිය අසරණව ඇත….

ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද……?

සදාදරණිය නාන්

Highlights:

ඔහු කිසිසේත් නොපැතූ ලෙස……
ඔහු කිසිසේත් නොසිතූ ලෙස……
ඒ මහා වස්තුව ඔහුට ලැබුණා…..

වසර ගණනාවකට පෙර අතුරුදහන්වී ගිය,
මේ වනවිට සැමගේ මතකයෙන්
වැළලී ගොස් තිබූ කෝටි ගණනාවක්
වටිනා නිල් දියමන්ති ……

එහෙත්…ආපසු ඔහුට පමණක් සීමා
වු රහසක් ලෙස රැකගැනීමට යත්න
දැරීමේදි සිදුවීම සියසින් දුටු තවත්
දෙඇසක් ඔහු අතින් පියවී ගියා.

ඉතින්..,ආපසු හැරීමක් ගැන
කෙසේ සිතන්නද.? ඔහුගේ දිවියම
භයංකරජීවමාන සිහිනයක් බවට
පත්කරමින් නිතැතින්ම ඔහු පලා
යන්නෙකු බවට පත්වුවා.

එහෙත්, තනිවම නොවේ….
ඔහුගේ ගැලවීම උදෙසා ඕනෑම
දෙයක් කැප කිරීමට සුදානම් රූමත්
සහකාරියක්ද සමඟ….

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping