Product Tag: මොඩන් පොත් සමාගම

මොඩන් පොත් සමාගම

(Showing 1 – 60 products of 80 products)

Show:

ජර්මන් බස සිංහලෙන්

Highlights:

ජර්මන් හෝඩිය,පැරණි ජර්මන් හෝඩිය,අකුරුවල නම් සහ සාමාන්‍ය උච්චාරණය, ශබ්ද උච්චාරණයට උපදෙස්, ස්වරවල දීර්ඝත්වය පිළිබද රීති, ස්වරයක කෙටි උච්චාරණයට රීති, නාමපද, බහුවචන, සර්වනාම, ක්‍රියාපද, උක්තය හා කර්මය, විභක්ති, නිපාත ආදී මාතෘකා රැසක් අන්තර්ගතකොට නිර්මාණය කර ඇති මෙම ග්‍රන්ථය ජර්මන් බස ඉගැනිමට උනන්දුවක් දක්වන
පාඨකයන්හට ඉතා යෝග්‍ය වේ.

පංචසායක කාමකෞතුක ග්‍රන්ථය

Highlights:

පංචසායක කාමකෞතුක ග්‍රන්ථය

මන්ත්‍ර ඛණ්ඩය හෙවත් මේරු තන්ත්‍රය

Highlights:

අද වනවිට පෙර දිග අධ්‍යාත්මික ව්‍යාපාර බොහෝ පවතී. පුරාතනයේ සිට දියුණු තත්වයක පවතින වාග් විද්‍යාත්මක දැනුමේ ආභාෂය අනුව මන්ත්‍ර නිසි ලෙස උච්චාරණය කිරීම වඩා ඵලදායි වන බව මන්ත්‍ර පිළිබඳව හැදෑරීමේදී දක්නට ලැබෙන කරුණකි. සිත මායාවන්ගෙන් විමුක්ත කර ගැනීම සහ භෞතික බැඳීම් වලින් ලිහිල් කර ගැනීම සඳහා මන්ත්‍ර ප්‍රයෝජනවත් වන බව පිළිගැනේ. මන්ත්‍ර ජප කිරීම යනු ඒවා නැවත නැවත ක්‍රමවත්ම උච්චාරණය කිරීමකි.

චිත්ත බලය හා ගුප්ත ශාස්ත්‍ර

Highlights:

සෑම කාලවලම සෑම රටකම වාසයකළ චින්තකයා විසඳන්නට උත්සාහ කළ එකම ශ්‍රෙෂ්ඨතම ප්‍රශ්නයක් හැටියට ගැනෙන්නේ,මිනිසා කවරෙක් ද යන සිද්ධාන්‍තයයි. මීට සදෘශ වු තවත් එකක් තිබේ. සමස්ත ලෝක කුක්ෂියෙහි මිනිසාගේ ස්ථානාන්තර තත්වය කුමක් ද?.

වින පෙරලුම

Highlights:

මෙහි එන බොහෝ මන්ත්‍ර කැපුම් ශාසත්‍රයෙහි අතිඋච්ච ස්ථානයක වැජඹෙන ඒවා බව සාමාන්‍ය කැපුමේ සිට ඕනෑ ම තරාතිරමකට අයත් උසස් වූත් දරුණුවුත් වින කැපුම තෙක් යොදාගැනීමට සෑහෙන මන්ත්‍ර සංඛ්‍යාවක් මෙහි අඩංගු කර ඇත.

සරල පාලි ශික්ෂකය

Highlights:

හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..

සරල සංස්කෘතශික්ෂකය 2

Highlights:

සරල සංස්කෘත ශික්ෂකය 2 – මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. මෙහි පළමුවන පොත හදාලහට මේ දෙවැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.

බුද්ධගයාවේ භාවිත මාරක අපල හරණ ශාන්ති පද්ධතිය

Highlights:

මාරක අපල හරණ ශාන්ති පද්ධතිය නම් වූ හෙළයට නවතම වූ මේ ග්‍රන්ථය බුද්ධකාලයටත් පෙරසිට බුද්ධගයාවේ උගත් බ්‍රාහ්මණ පවුල්වල භාවිතා කරගෙන එන අප්‍රමාණ මනුෂ්‍ය‍යන් දරුණු අපලවලින් අකාල මරණයන්ගෙන් මුදවාගත් ලොවට මහත් ශාන්තියක්, අර්ථසිද්ධියක් සලසා තිබෙන මහාබලගතු ශාන්තිකර්ම සමූහයක ගේ එක්රැස් කිරීමෙකි.

 

ශ්‍රී භාවාර්ථ රත්නාකරය

Highlights:

ශ්‍රී භාවාර්ථ රත්නාකරය නම් වූ මෙම ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ ග්‍රන්ථය ඉන්දියා දේශවාසී ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයන් විසින් ඉතා උසස් තැනක තබා සලකනු ලබන්නකි. ශ්‍රීරාමනුඡාචාර්යයන්ගේ කෘතියක් වූ මෙය කුඩා ග්‍රන්ථයක් වශයෙන් පෙනුණේ වී නමුදු එහි දැක්වෙන කරුණු ගැන සලකා බලනකල එහි මහත්කම නම් කිය නො හැකි තරම් ය.

පුරාණ නාමාවලිය

Highlights:

පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්‍රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

දළනෙත් සකත් සිවුවත් රිවි පියුම්               අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු                    දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි                    සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි        සුලබ

ජපන් බස NIHONGO

Highlights:

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එය ජපන් භාෂාවෙන් “නිහොන්ගෝ” යන නමින් හඳුන්වයි. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා (Hiragana) සහ කතකනා (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.

මානසාගරී

Highlights:

යමෙකුගේ ජන්ම පත්‍රයක් තනා ගැනීමේ හෙවත් උපතේ සිට මරණය අවසන්කොට ඇති සියලුම තොරතුරු මේ එකම පොතින් වෙනත් කිසිවක පිටිවහලක් නැතිව අවබෝධකර ගැනීමටත් ප්‍රකාශ කිරීමටත් ඉවහල්වන පරිද්දෙන් මෙය සකස් කොට තිබේ. මෙය ලියන ලද්දේ ඉන්දියාවේ ගුජරාටි පළාතේ විසූ ප්‍රසිද්ධ ජ්‍යෙතිෂ පරම්පරාවකට අයත් හර්ජි නම් ජ්‍යෙතිශ්ශාසත්‍රඥයා විසිනි.

පුරාණ සර්වතොභද්‍ර ශාස්ත්‍රය

Highlights:

පෙළගැස්ම

  1. ප්‍රවේශය /1
  2. චක්‍ර වින්‍යාසය-අක්ෂර පිහිටුවීම/2
  3. සර්වතොභද්‍ර චක්‍රය /3
  4. වේධය හෙවත් දෘෂ්ටිය වන අයුරු /7
  5. වෙනත් අක්ෂරයන්ගේ වේධ විභාගය…යනාදිය…

සරල සංස්කෘත ශික්ෂකය – 01

Highlights:

පෙළගැස්ම

  1. සංස්කෘත හෝඩිය සහ ඉලක්කම් /1
  2. පිලි යෙදු ව්‍යඤජන /3
  3. බැඳි අකුරු /10
  4. ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /12
  5. ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /13…යනාදිය..

පත්තිනි පූජාව සහ ශාන්තිය (පත්තිනි හෑල්ල සහිතයි)

Highlights:

පෙළගැස්ම

  1. පත්තිනි පූජාව
  2. පත්තිනි ශාන්තිය
  3. උපෑඳිය

පොරොන්දම් විනිශ්චය

Highlights:

පෙළගැස්ම

  1. ප්‍රවේශය
  2. නක්ෂත්‍ර පොරොන්දම /11
  3. ගණ පොරොන්දම /19
  4. මහෙන්ද්‍ර පොරොන්දම /24
  5. ස්‍ත්‍රී දීර්ඝ පොරොන්දම /25…යනාදිය

ග්‍රහයෝග සංග්‍රහව

Highlights:

පෙළගැස්ම

  1. සංඥානාම සහිත යෝග
  2. බාලාරිෂ්ට යෝග /45-48
  3. මව්පියන්ට අපල දක්වන යෝග /49
  4. ආයුධ සහ ගිනිභය ඇතිකරන යෝග /51-52
  5. විකලාංගවන යෝග /53-56
  6. රෝගකාරක යෝග /57-62…යනාදිය

වෘත්‍තතරංගිනී – විරිත් තරඟය

Highlights:

ඉෂ්ටානිෂ්ට කාව්‍ය රහස් සහ වෘත්ත සූත්‍ර ඇතුළත් ඡන්දශ්ශාස්ත්‍රීය ග්‍රන්ථ‍ය

නවනාථ යන්ත්‍රය සහ ශාන්තිය

Highlights:

පෙළගැස්ම

  1. මහා නවනාථ යන්ත්‍රය හැඳින්වීම /1
  2. මහා නවනාථ යන්ත්‍රය /3
  3. අවශ්‍ය මන්ත්‍රාධිය /4
  4. ශාන්ති කාණ්ඩය /9

දඬු මරණය – යම පිම්ම හා ගුරුළු පිම්ම

Highlights:

අවටත් පුරටත් නවය                    ඔබින්නේ

අවටත් පුරටත් හත හත                 ගන්නේ

හත් පැය හත් පැය දෙන්න            සිටින්නේ

දෙන්නගේ හත් පැය දැන              එභරින්නේ

මල්වර සිරිත

Highlights:

පෙර ඉසිවරන් පළකළ ලොවට කර                                    මෙතා

දැන හෝරා සතර පිරිසිදු නැණින්                                         ඉතා

හෙල පඬිදනන් කිවි බසයෙන් කළ                                     ඉහතා

මල්වර සිරිත පවසමි සතට වැඩ                                           පතා

භග්න චිකිත්සා හෙවත් පුරාණ හන්දි වෙද පොත

Highlights:

පෙළගැස්ම

  1. බුන්නාට පිළියම්
  2. තැල්මට පිළියම්
  3. ගසින් වැටුණු අයට පිළියම්
  4. අවහන්දියට පේන්දුවට පිළියම්
  5. තුවාලවලට පිළියම්
  6. සතුන් කෑවාට පිළියම්…යනාදිය

පත්තිනි උපත

Highlights:

පුරා සළඹ නද ගොස කර වැඩම කර                                   නවා

නුරා ළැමද දෙ පියයුරන් දඹෙන් වස                                    නවා

ගිරා තුඩ සෙ පියයුරු රන් දඹෙන් වස                                  නවා

සරා ලාපු මල් අස්නට වැඩම කර                                        නවා

පුරාණ යෝගමාලාව (පැරණි පාරම්පරික අත්පිටපතකි)

Highlights:

මේ අප වෙද පරපුරේ පරම්පරා කිහිපයකම ආදි පුරුෂයන් භාවිතා කරගෙන ආ සිංහල චිකිත්සා ක්‍රම ඇතුළත් අත් පිටපතෙකි. එහි අවසානයේ සකු හෙළ දෙමළ භාෂා දැන උගත් මිදෙල්ලව කෝරාළ නම් කිවියකු විසින් කවිකරන ලද බව සඳහන්ව ඇත.

දේව විත්ති සහිත කෝල්මුර කවි

Highlights:

පෙළගැස්ම

  1. ශ්‍රී විෂ්ණු යහන් කවි /1
  2. කන්ද කුමාර යහන් කවි /3
  3. පත්තිනි යහන් කවි /6
  4. නාථ දේව යහන් කවි /8
  5. සමන් දෙවියෝ /10…යනාදිය

පාළි නාමාඛ්‍යාතපදමාලා

Highlights:

පාළි නාමාඛ්‍යාත වරනැඟිලි

පාළි භාෂාව ඉගෙනගන්නවුන් විසින් නාම වරනැඟිලි ආඛ්‍යාත වරනැඟිලිත් කටපාඩම් කොට අර්ථ ඇස්වීම ආරම්භයේ දී ම කළ යුත්තකි. එබැවින් ඇදුරෝ නාම ආඛ්‍යාත වරනැඟිලි වෙන ම පොතක් ලෙස සකස් කොට තැබූහ.

යාත්‍රාප්‍රකරණැය හෙවත් ගමන් නැකත් පොත

Highlights:

පෙළගැස්ම

  1. යාත්‍රාකාල /2
  2. තිථී ඵල /3
  3. වාර ඵල /4
  4. නක්ෂත්‍ර ඵල /5
  5. දික්ශූල /7
  6. විදික්ශූල /8 …යනාදිය

පුරාණ රහස් තෙල් බෙහෙත් පොත

Highlights:

පෙළගැස්ම

  1. බ්‍රහ්ම සරස්වතී තෛලය /1
  2. චන්ද්‍ර සරස්වතී තෛලය /3
  3. අග්නි සරස්වතී තෛලය /7
  4. මහා සරස්වතී තෛලය /8
  5. සරස්වතී තෛලය (3) /10, 11
  6. ශ්‍රීවර්ධන තෛලය /12

පංචපක්ෂි ශාස්ත්‍රය හා යමකාලය

Highlights:

තවත් ගුප්ත ශාසත්‍ර පොතක් එනම් පංචපක්ෂි ශාස්ත්‍රය හා යමකාලය අද ඔබ අතට පමුණුවන්නට හැකිවිය. බැලුබැල්මට ඇති ග්‍රාම්‍ය ස්වරූපය නිසා සමහරු පැරණි විද්‍යා ශාසත්‍ර පරණ මන්ස්ගාත වශයෙන් නොසලකා හරිති. එහෙත් ඒවා නිකම්ම ඉවත දැමීම යුතු නොවේ.

තත්කාල නිමිත්ත හෙවත් උපේන්ද්‍රාචාර්‍ය්යන්ගේ ජිනේන්ද්‍ර මාලාව

Highlights:

මෙහි සඳහන් කරන්නේ භාව කේන්ද්‍රය සාදා ඉන් පසු ව ම මේ පොතේ එන උපදෙස් අනුව ප්‍රශ්න විසඳිය යුතු බව ය.

ජෛමිනි සූත්‍රය

Highlights:

ජෛමිනි සූත්‍රම් නමැති මෙම වැදගත් ජෝතීෂ්‍ය ග්‍රන්ථ‍ය ජෛමිනි නම් මහර්ෂිවරයකු විසින් රචනා කරන ලද්දකි. ඒ බව පොතෙහි හැම අධ්‍යා‍යක ම අවසානයෙහි දක්නට ලැබෙන, ඉති මහර්ෂී ජෛමිනි ප්‍රණීත ජෛමිනි සූත්‍රෙ .. අධ්‍යා‍යෙ යනාදි විසින් ප්‍රකට වේ.

කාලි-මාතංගෙශවරි තන්ත්‍රය

Highlights:

කාලි-මාතංගෙශවරි තන්ත්‍රය

සිංහලෙන් දෙමළ

Highlights:

පෙළගැස්ම

  1. දෙමළ හෝඩිය /7
  2. කථා ව්‍යවහාරයෙන් ආ ව්‍යාකරණයෙහි මුල් පදනම /13
  3. ගණන් කිරීම, පළමුවෙනි ආදිය /15
  4. වර්ෂ ව්‍යවහාරය හා මාසවල නම් /18
  5. නෑකම් /21
  6. පංගු, දිශා, පාට /22

පුරාණ පලදාවලිය

Highlights:

පිරුණු වසර හෝ තුන්වන            වසරේ

කරකම් යහපති පස්වන                වසරේ

පැමිණි කලට හිරු අයනේ             උතුරේ

ගුරු කිවි දිලිසෙද තෙදැතිව           අඹරේ

නම් තැබීම හෙවත් නාමකරණය

Highlights:

කෙනකුට නමක් ඕනෑ කරන්නේ අන්‍ය‍යන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමටය. ශාරී නම් බැමිණියගේ පුතු හට් ශාරිපුත්‍ර යන නම විය. වෙස්වලා සැඟවී යද්දී යටාල නම් විහාරයේදී මහානාග නම් යුව රජුගේ බිසව ලැබූ කුමරු යටාල තිස්ස නම් විය. මේ අන්දමේ හේතු ඇතිව නම් තැබීම සිදුවී තිබේ.

දෙමළ කතාවට පහසු මග

Highlights:

මෙම පොතෙන් උගැන්වෙන්නේ යාපනයේ දෙමළ ජනතාව කථා කරන දෙමළ බස යි. ඔබ එය ඉගෙන ගත් කල්හි එක් එක් ප්‍රදේශවල කථා කරන දෙමළ බස කථා කරන්නන් සමග දෙමළ බසින් කථා කිරීමට හැකි වන්නේ ය.

හින්දි ගුරුවරයා

Highlights:

හින්දි සරල වූ ද කොමල වූ ද භාෂාවකි. නානාවිධ විෂයයන්ගෙන් අතිශයින් පරිපෝෂිත එය විශාල ග්‍රන්ථ සංඛ්‍යාව වශයෙනුත් එයට ඇතුළත් විෂය මාලාව වශයෙනුත් ගෙන බලන විට, ලෝක ව්‍යාප්ත ඉංග්‍රීසී භාෂාවෙන් හැර අනෙක් භාෂාවකින් මෙපමණ පොත් රැසක් සපයා නැතැයි කිව හැක.

ආරාධනා සහිත දේවශාන්තිය

Highlights:

දෙවියන්ට පුද පූජා පැවැත්වීම හා සැලකිලි දැක්වීම මිත්‍යාවක් හෝ බෞද්ධ විරෝධ ක්‍රියාවක් හෝ නොවේ. මිනිස් හෝ දේව හෝ තමන්ට ප්‍රයෝජනවත්, තමන්ට වඩා උසස් කොයි යම් කෙනකුට හෝ යමක් පිදීම, සැලකීම, ගරු කිරීම වරදක් හෝ පාපයක් හෝ නොවේ.

කේරළීය භාව රහස්‍ය

Highlights:

පෙළගැස්ම

  1. පළමුවන අදියර –           ලග්න භාවය /1
  2. දෙවන අදියර –           ධන භාවය /3
  3. තෙවන අදියර –           භ්‍රාතෘ භාවය /9
  4. සිව්වන අදියර –           මාතෘ භාවය /15
  5. පස්වන අදියර –           පුත්‍ර භාවය /21… යනාදිය

කාමෞෂධ සංග්‍රහව

Highlights:

පෙළගැස්ම

  1. පද්මිනී, චිත්‍රිණී, ශඞඛිනී සහ හසතිනී ස්ත්‍රී ලක්ෂණ /2-3
  2. ඒ ඒ ස්ත්‍රීන් සම්භොගයට කැමැති දින /3
  3. ඒ ඒ ස්ත්‍රීන් සම්භොගයට කැමැති වේලාවල් /3
  4. කාමොද්දීපක තිථි චක්‍රය /4
  5. චන්ද්‍ර කලාව හා කාමොද්දීපනය, පද්මශ්‍රී සහ කෝක මත /4…

රාවණගේ කුමාරතන්‍ත්‍රය

Highlights:

පෙළගැස්ම

  1. මාතෘකාග්‍රහණය හෙවත් බාලගිරි යක්ෂණී දෝෂය
  2. ළදරු රෝග හේතු /29
  3. වයස අනුව ඖෂධ මාත්‍රාව /32
  4. බාලරෝග ලක්ෂණ සහ ප්‍රතිකාර
  5. ජ්වර චිකතිත්සා /45
  6. අතීසාර චිකිත්සා /57…

ලකුණුසර විසිතුර

Highlights:

ලකුණුසර හෙවත් ලක්ෂණ සාරය නම් වු විචිත්‍ර ග්‍රන්‍ථය සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ජන්දස් කාව්‍යා ලංකාරාදිය පිළිබඳ වුවක් නොව ඉෂ්ට කාව්‍යා බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුනවාලීමට ලියන ලද්දකි.

පැරණි බෞද්ධ වන්දනා ගාථා සහ පූජා ගාථා එකතුව සෙත් පිරිත් සහිතයි

Highlights:

වැඳීම පිදීම මිනිසුන් අතර මෙන්ම දිව්‍ය බ්‍රහ්මාදීන් අතර ද පවත්නා දෙ සිරිතකි. සමහරු මෙලොව සෙත පතා ද සමහරු මෙලෝ පරලෝ යන දෙලෙව්හිම සෙත පතා ද සමහරු ලෞකික සැප හා සදාකාලික සැප පතා ද ඇතැමෙක් එබඳු කිසි සැපක් සෙතක් ලබන අටියෙන් නොව දැයෙහි කුලෙහි සමාජයෙහි දේසයෙහි ප්‍රදේශයෙහි සිරිත් ගරු කිරීම් වසයෙන්ද වැඳුම් පිදුම් කෙරෙති.

සිරසපාද ශාන්තිය

Highlights:

ලක්දිව නොයෙක් පළාත්වල ඇදුරන් විසින් ශාන්ති කර්මයන්හි දී භාවිතා කරන විවිධ මාදිලියේ සිරසපාද කවි රාශියක් එක් රැස් කර පාලිත සෝමකීර්ති සූරීන් විසින් මීට හැට වසරකට පමණ පෙර සම්පාදනය කළ සිරසපාද ශාන්තිය නමැති පොතෙහි දෙවැනි සංස්කරණයේ නව මුද්‍රණය යි.

දෛව ප්‍රශ්න මාලා

Highlights:

මේ දඹදිව විසු ශ්‍රී වසවානන්ද නම් බ්‍රාහ්මණ පඬිවරයාගේ ප්‍රශ්නසින්ඩු නම් නාගර පොතේ සිංහලානුවාදයයි.

දේශීය ඇස්වෙදකම

Highlights:

පෙළගැස්ම

  1. ඇස හා එහි නිර්මාණය /1
  2. ඇස් රෝග /9
  3. සෑම රෝගයට පළමුව කටයුතු දෑ /15
  4. දෘෂ්ටි මණ්ඩලගත රෝග ලක්ෂණ හා ඊට ප්‍රතිකාර /27…

රාජෞෂධසාරය

Highlights:

හෙළදිව්හි පැරැණි වෛද්‍ය පරම්පරාවල ආ මහඟු බෙහෙත් වට්ටෝරු පොත් බොහෝ ඇත. සබරගමුවේ වට්ටෝරු වෙද පොතත්, සිංහලේ අත්වෙද පොතත් මෙයට පළමු පළ කැරැවූම්හ. මේ රාජෞෂධසාරය තෙ වැන්නය.

සරස්වතී නිඝණ්ඩුව

Highlights:

සෑම පැරණි වෙද පරපුරක  ම හා පැරණි පන්සල්වලත් අතින් අත ලියාගෙන ආ මෙහි පුස්කොල පිටපත් ඇති හෙයින් අන් සියලු නිඝණ්ඩුවලට වැඩියෙන් ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරුවන් බහුල වශයෙන් මෙය භාවිතා කළ බව ප්‍රකටය.

පේනකීමේ ශාස්ත්‍රය

Highlights:

පෙළගැස්ම

  1. දේවතා ආවේශයෙන් පේනකීම /1
  2. කතරගම ආවේශය /9
  3. මහා විෂ්ණු වරම /19
  4. සර්වදේව වරම /27
  5. දැඩිමුණ්ඩ වරම /31
  6. අයියනායක වරම /33…

තෙල-කටාහ-ගාථා

Highlights:

මෙහි ඇතුළත් දෑ

  1. රාජාශිර්වාදය /1
  2. තෙරුවන් වැදීම /1
  3. රත්නත්‍රයානුභාවය /2
  4. සාමාන්‍ය අවවාද /3
  5. මරණානුසමෘතිය….

ස්තෝත්‍ර රත්නය

Highlights:

සංසකෘත සාහිත්‍ය‍යෙහි අති පැරැණි බන්ධන විශේෂයකි. ඒ බව රාවණ විසින් කළ ශීවතාණඩයෙන් ම. පෙනා. පැරැණි මිනිසා දෙවියන්ට කථා කිරීමට උපයෝගී කර ගත් මේ බන්ධන විශේෂය මේරටට අලුත් දෙයක් නොවේ.

වනවාස නිඝණ්ඩුව

Highlights:

වනවාස නිඝණ්ඩුව සාහිත්‍ය ශාසත්‍රාදිය දියුණු යුගයට නොව පිරිහුණු සෙංකඩගල යුගයට අයත් බව එහි සවරූපයෙන් පෙනේ. මෙහි අවසන් පැදියට කතුවරයාගේ නමද ඇතුළත් වී ඇති හෙයින් සිප්පුකුලමේ දීපඞකර නම් යතිතුමකු විසින් කරන ලද බව පෙනේ. උන්වහන්සේ සකු තැනෙක සඳහන් වී නොමැත.

මොඩන් සූප ශාස්ත්‍ර පොත

Highlights:

මොඩන් සූප ශාස්ත්‍ර පොත

විස්තර සන්න සහිත ශිවාලිඛිතය

Highlights:

විෂය මාලාව

  • ෂොඩශ මුහූර්තී /3
  • ඒ ඒ මුහූර්තීයන්ගෙන් කටයුතු ක්‍රියා /3
  • මුහූර්තී ගුණාගුණ /4
  • සත් දිනට මුහූර්තී උදා විධිය /6..යනාදිය..

චප්පනය

Highlights:

තත්කාල හෙවත් ප්‍රශ්න ශාසත්‍රය පිළිබඳ පොත්වලින් කුඩා වුව ද මෙය සැලකිය යුතු ග්‍රන්ථයෙකි. මුළු ප්‍රශ්න ශාසත්‍රය ම හකුළුවා ශ්ලෝක සපණසකින් නිම කිරීමෙන් මේ විශාරදයා ගේ දක්ෂතාවය ප්‍රකට ය. අමුතු නමක්  නොමැතිව සපණසය යන අර්ථ ඇති ෂට්පංචාශිකා යැ යි මෙය හැඳින්වෙන්නේ මේ ශ්ලෝක පණශය ඒ තරමට ම ප්‍රසිදධ හෙයිනි.

ප්‍රශ්න ඥාන ප්‍රදීපය

Highlights:

“ප්‍රශ්න ඥාන ප්‍රදීපය”

ඉංගිලිසියට ලෙහෙහි ම මග

Highlights:

මෙම පොත හදාළ පසු ඉංගිලිසි ශීක්ෂකය වැඩි මහංසියක් නැති ව උගත හැකිය.එයට පසු ඉංගිලිසි ව්‍යාකරණ සිංහලෙන් නම් පොත හොඳට හදාරා ඉංගිලිසි ශබ්දකොෂයෙක උදව්ව ඇතිව නොගැඹුරු ඉංගිලිසි කථා පොත් කීපයක් කියවා එයට පසු චාල්ස් ඩිකන්ස් ආදි ගත් කතුවරයන්ගේ පොත් කියැවීමෙන් ඉංගිලිසියේ ප්‍රවීණයකු විය හැකිය.

ප්‍රත්‍ය‍ය ශතකය

Highlights:

ප්‍රත්‍ය‍ය ශතකය නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකි. නූගත් ලියන්නන්ගේ පිටපත් කිරීම නිසා සමහර ශ්ලෝක බොහෝ සෙයින් ලිපි ද්‍රෙසින් දූෂිත ව ඇත. සමහර ශ්ලෝකවල මූලාශ්‍රයයන් සොයා ගත හැකි වුවද බොහෝවක මුල සොයාගත නො හැකි වූමු.

දෙමළ ගුරුවරයා

Highlights:

පෙළගැස්ම

  1. දෙමළ හෝඩිය, සවර හා සම්බන්ධ ගතකුරු /1
  2. දෙමළ භාෂාවේ පිල්ලම් භාවිතයේ සංශෝධනය /6
  3. ශබ්ද කරන පිළිවෙල /8
  4. උත්තර භාෂීයාක්ෂර /10
  5. සාකච්ඡාවක් /11
  6. දින /13

දෙමළ අකුරු හුරුව

Highlights:

ගුරුවරයකු නොමැතිව කෙටිකලකින් දෙමළ බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඔබට මූලිකව දෙමළ අකුරු හුරුව පොත හැදෑරීමෙන් ගුරුවරයකු නැතිවද ඉගනීමට පහසු වේ.

1 2
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping