Product Tag: සරත් විජේසුරිය

සරත් විජේසුරිය

Showing all 11 results

Show:

සිතින් සිතක් රිදෙනා හැටි

Highlights:

මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් “සිත් රිදීම්” හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.

පෙම්වතුන්, පෙම්වතියන්, අඹු සැමියන්, දෙමාපියන්, දරුවන්, අසල්වාසීන් පමණක් නොව එකට වැඩ කරන අය අතර ද සිත් රිදීම් ඇතිවීම සොබාවයයි. හේතු ඇතුව ද නැතුව ද සිත් රිදෙන තත්වයන් තිබේ. කිසිදු කිසිවිටක කිසිවෙකුගේ සිතක් නොරිද වූ කෙනෙකු නැත. සමහර සිත් රිදීම් දුර දිග ගොස් අවසාන මනුෂ්‍ය සම්බන්ධතා ද බිඳ වැටේ. මේ තත්වය ගැන අවබෝධයක් ලබාදීමට “සිතින් සිතක් රිදෙනා හැටි” නම් කෘතිය සම්පාදනය කර ඇත.

නිර්මාණ අධ්‍යයනය

Highlights:

සාහිත්‍ය ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්ගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය නිර්මාණාත්මක කටයුත්තක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කිසියම් අලෝකයක් සැපයීම මේ කෘතිය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ගුරු භූමිකාවට පෙරවදනක්

Highlights:

ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.

ආදරයයි කරුණාවයි

Highlights:

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි.

තාත්තා

Highlights:

“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.

මිහිරි හැඟුම්

Highlights:

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.

“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.

ඇසට නො පෙනෙන සිතට නො දැනෙන

Highlights:

අප ඇසුරු කරන අප දන්නා හඳුනන සම්හර පුද්ගලයන් සිතා මතා, එසේ නැතහොත් කිසිම අදහසක් අරමුණක් නැතිව, කරන කියන දෑ නිසා ‘සිතක් රිදෙන පෙළෙන සැටි’ වටහා ගැනීම අසීරුය. ඇසට නොපෙනෙන, සිතට නොදැනෙන එවන් සත්‍ය අත්දැකීම් මෙහි අන්තර්ගතය. ඒවා ජීවිතය හා සමාජය තේරුම් ගැනීමට උපකාර වේ යැයි කිව හැකිය.

හෙට අලුත් ජීවිතයක්

Highlights:

සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.

මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.

සිතුවිලි කළවම

Highlights:

ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.

ආදරණීය දරුවනි

Highlights:

මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්‍තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.

විමුක්තිය

Highlights:

යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද ‌මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping