Product Tag: සුදු රටේ කළු ගැහැණු

සුදු රටේ කළු ගැහැණු

Showing the single result

Show:

සුදු රටේ කළු ගැහැණු

Highlights:

2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩින් එවරිස්ටෝගේ ‘ Girl , Woman , Other ‘ නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිබිඹු කරයි . ඔවුහු සියලු දෙනාම බ්‍රිතාන්‍ය කළු ජාතික ගැහැනු වෙති .

 

ඔවුන් රටේ සතර දිග් බාගයේ විසිරී හිඳිමින් සිය පවුලේ සාමාජිකයන් ද , ඥාතීන්ද , මිතුරු මිතුරියන් සහ ආදරවන්තයන්ද ඇසුරේ කාලාන්තරයක් පුරා විඳි අත්දැකීම් මුදා හරින්නට ලේඛිකාව පෑන මෙහෙයවා ඇත්තේ ඉතා දක්ෂ ලෙසටය .

 

බහු වාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත් , කම්පනයටත් පත් කරවයි .

 

‘සුදු රටේ කළු ගැහැනු’ නුතනයේ වියමනකි . එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ .

 

බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය . සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කොට ඇත්තේ අගනා මෙහෙවරකි .

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping