6 7 8 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ අත්පොත -1
6 7 8 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ අත්පොත -1 නමැති මෙම කෘතිය පරිශීලනයෙන්, සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා ආකල්ප වර්ධනය වී, ස්වයං ඉගනුමට පෙලඹීම නියත ය. 6-7-8 ශ්‍රේණි සිසු දරුවන්ගේ ‘සිංහල භාෂාව හා ව්‍යාකරණ’ ශක්‍යතාව උද්දීප්තියට අදාළ, මාතෘකා 21 ක් යටතේ මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙය ගුරු-සිසු දෙපිරිසට පමණක් නොව, සිංහල භාෂාව’ නිවැරැදිව ඉගනීමෙහි නිරිත සියලු ම විද්‍යාර්ථින්ට ද අගනා අත්පොතකි.
12-13 ශ්‍රේණි සඳහා පෙමතො ජායති සොකො ගීත නාටකය
නාට්‍ය කලාව පිළිබඳ දැනගත යුතු මුලධර්ම, පෙමතො ජායති සොකො නාටකයෙහි නාට්‍යාචිත අවස්ථා ගීතාවලියෙහි අර්ථාවබෝධය මෙන් ම, ආදර්ශ ප්‍රශ්නෝත්තර ඇතුළත් කර ඇත.
මෙම පෙමතො ජායති සොකො ගීත නාටකය අර්ථ වීමංසා සහිත ප්‍රශ්නෝත්තර සංග්‍රහය කලා අංශයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට, ජාතික ගුරු විද්‍යාපීඨයන්හි ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභීන්ට,විශ්වවිද්‍යාලයන්හි ඉගනුම ලබන විද්‍යාර්ථින්ට, සිංහල විෂය උගන්වන ගුරුභවතුන්ට ඉතා වටිනා අත්පොතකි.
12-13 ශ්‍රේණි සඳහා සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරය
පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය මැනවින් හදුනාගෙන ඒ ඒ අවධිවල පුරෝගාමී වු ගද්‍ය කතුවරුන්ගේ කෘතිවල සුවිශේෂ ලක්ෂණ අනුසාරයෙන් අ.පො.ස. උසස් පෙළ හා විශ්ව විද්‍යාල කලා අංශයේ ඉගනුම ලබන දු දරුවන්ගේ බුද්ධි ප්‍රභාව විකසිත කිරීමේ අරමුණින් මෙම’ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය’ සකසා ඇත.
සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරයෙහි අදාළ කථා වස්තූන්හි අර්ථය ලිහිල් බසින් ලිවීමට හා අවබෝධ කර ගැනීමට පහසු වන ලෙසත්, සෑම දුෂ්කර පදයක් ම පැහැදිලි කරමින් ද,පෙර මුද්‍රණවල ගැටපද විවරණ වඩාත් සුපැහැදිලි ලෙස සංවර්ධනය කරමින් ද, හැකිතාක් අවශ්‍ය ම කරුණු පිඬුකොට දක්වා ඇත.
12-13 ශ්‍රේණි සඳහා දේශීය කෙටිකතා විචාර සංග්‍රහය
2017 වර්ෂයේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නියමිත නුතන කෙටිකතා යටතේ, ’12-13 ශ්‍රේණි සඳහා නියමිත දේශීය කෙටිකතා විචාර සංග්‍රහය සහිත ආදර්ශ පශ්නෝත්තර සංග්‍රහය’ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයෙහි මනා පරිචයක් ඇති බී. වීජේසිරි සෝමරත්න අධ්‍යාපනඥයාගේ මාහැඟි කෘතියකි.
12-13 ශ්‍රේණි සඳහා සිංහල ජාතක කථා හා පූජාවලිය
මෙම කෘතියෙහි අන්තර්ගත බණ කථා සාහිත්‍යයෙහි උපත හා විකාශනය ඒ ඒ සාහිත්‍යය යුගයන්හි බිහි වු විවිධාකාර සාහිත්‍ය කෘති, හා කතුවරු, සිංහල ගද්‍ය සාහිත්‍ය යුගයේ විවිධ අවධි, නිර්දිෂ්ට කෘතිවල තේමාව හා අන්තර්ගතය, සුවිශේෂතා, භාෂා ප්‍රයෝග, රචනා රීතිය හා ගැටපද විවරණ ආදී සෑම අංශයක්ම සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා, ආකල්ප,ප්‍රවර්ධනය වන සේ සංගෘහිත ය.
12-13 ශ්‍රේණි සඳහා බැද්දේගම විචාරය
‘බැද්දේගම’ ලේනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලද ( THE VILLAGE IN THE JUNGLE ) ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නැමති කෘතියේ සිංහලානුවාදය වේ. මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ.පී. ගුණරත්න ලේඛකයාණන් විසිනි. මෙම කතා පුවතට ප්‍රස්තූතය වූයේ දකුණු පළාතේ ඈත එපිට පිටිසර ගම් පියසක් ක්‍රමක් ක්‍රමයෙන් විනාශ වී යාමත්. එම ගමෙහි පවුල් හත අටක විසු ගම්මුන්ගේ ශෝකජනක අවසානයක් පිළිබිඹු කරන අනුවේදනීය වු කථා සමුච්චයක් වේ.