Product Tag: buddhism

buddhism

(Showing 61 – 82 products of 82 products)

Show:

සුභාෂිතය

Highlights:

‘සුභාෂිතය‘ යන්නෙහි වචනාර්ථය ‘මනා ලෙස ප්‍රකාශ කරන දෙය’ යන්න ය. මේ කෘතිය පුරා ප්‍රකාශ වන්නේ ප්‍රශස්ත උපදේශාවලියකි. මේ උපදේශ සමූහය යහපත් සමාජ පැවැත්මක් උදෙසා වන පොදු ව්‍යවස්ථා පද්ධතියකි. එබැවින් කතුවරයා මෙය ‘නීති ශත’ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. ‘සුභාෂිතය’ යන ග්‍රන්ථ නාමය කතුවරයා විසින් ම යොදන ලද්දක් ද, පසුව යෙදුනක් ද යන්න පැහැදිලි නැත.

BUY EBOOK VERSION

සද්ධර්ම රත්නාවලිය

Highlights:

‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.

වෙස්සන්තර කතාව

Highlights:

වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.

ලෝවැඩ සඟරාව

Highlights:

වීදාගම මෛත්‍රය හිමිපාණන් විසින් රචිත මෙහි ත්‍රිපිටකයෙහි ඇතුළත් වැදගත් ධර්ම කරුණු රැසක් කවිවලින් දක්වා තිබේ. එබැවින් මේ කෘතිය ප්‍රගුණ කිරීමෙන් ත්‍රිපිටකය පිළිබඳව ද යම්තාක් දැනුමක් ලබා ගත හැකි වේ. කවි 140 කින් යුක්ත මෙහි 140 වැනි කවියෙන් මෙය වීදාගම මෛත්‍රය නාහිමිපාණන් විසින් සම්පාදනය කොට ඇති බව කියවේ.

BUY EBOOK VERSION

ලෝකෝපකාරය

Highlights:

උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා

Highlights:

සතිය යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවිම සතිපට්ඨානයයි. සියලු දුක්ඛ දෝමනස්සයන් නසා නුවණ වැඩීමට මෙය ඉවහල් වෙයි. එබැවින් සතිපට්ඨානය වැඩීම සෑම බෞද්ධයකු විසින්ම මනාව වටහාගත යුතු ය. මෙම කෘතිය එයට මහඟු අත්වැලක් සපයයි.

මහ පිරිත් පොත (ඝන බැම්ම)

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

මහ පිරිත් පොත

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

බෞද්ධ නිවස

Highlights:

තමා තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයකු යැයි ප්‍රකාශ කිරීමෙන් පමණක් නියම බෞද්ධයකු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ දහමත් චරිතයත් අප මැනවින් දත යුතුය. නිවසක් බෞද්ධ නිවසක් වන්නේ එවිට ය. මේ කෘතිය සියලු බෞද්ධයන්ට ඒ සඳහා අත්වැල සපයයි.

බුද්ධ ගද්‍ය සහ සකස්කඩය

Highlights:

පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

BUY EBOOK VERSION

බුද්ධ ඇදහිල්ල

Highlights:

සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.

බුදුහාමුදුරුවෝ

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කර දෙයි.

බුදුගුණ අලංකාරය

Highlights:

දහම්ගැට මාලාව, හංස සංදේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්‍රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලින ලද තවත් කෘතියක් ලෙස ‘බුදුගුණ අලංකාරය‘ දකින්නට පුළුවන. බුදු රජාණන් වහන්සේ ගුණ කදම්භයේ සෞන්දර්යාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලගි ය.

පූජාවලිය

Highlights:

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.

ධම්මපද විවරණය

Highlights:

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මය, ධම්මපදයේ කැටිකොට ඇත. එහ හැම වගන්තියකින්ම මිනිසාගේ මෙලොව පරලොව සුගතියට ඉවහල් වන කරුණු ඉගැන්වෙයි.

සිංහල ධම්ම පදය

Highlights:

බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අතිශයින් ශ්‍රේෂ්ඨ කෘතිය කි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමට ඉවහල් වන මගපෙන්වීම කි. තවත් අතෙකින් භික්ෂුන් වහන්සේලා ට දම් දෙසුම් උදෙසා තේමා තෝරා ගත හැකි සදහම් ආකරය කි. ධම්මපදයේ හරය විශ්වයටම පොදු ය. අකාලික ය.

BUY EBOOK VERSION

ගුත්තිල කාව්‍යය

Highlights:

ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.

BUY EBOOK VERSION

බුදු බව පතා

Highlights:

බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.

BUY EBOOK VERSION

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.

BUY EBOOK VERSION

කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)

Highlights:

කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping