Product Tag: Buddhist Cultural Center

Buddhist Cultural Center

Showing all 37 results

Show:

බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1

Highlights:

බුදු රජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කිරීම සඳහා උපමා කතා යොදාගත් අවස්ථා බහුල ය. එබඳු උපමා කතා රාශියක් පූජ්‍ය පොරවගම ඤාණසිරි හිමියෝ “ත්‍රිපිටක සාහිත්‍ය‍යෙන් බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1” කෘතියෙන් ඉදිරිපත් කර ඇත.

Light of Asia

Highlights:

The Light of Asia or the Great Renunciation (Mahabhinishkramana) Being The Life and Teaching of Gautama Prince of India and Founder of Buddhism as Told in Verse by an Indian Buddhist.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය වටිනා ධර්ම ග්‍රන්ථයක් ලෙස පිරුවානා පොත් වහන්සේ සලකනු ලබන අතර, “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසාම මෙම ග්‍රන්ථය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.

මෙම පිරුවානා පොත් වහන්සේ

  • ඝන කඩදාසියකින් නිර්මාණය කර ඇති අතර, අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත.
  • පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.
  • පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලා සඳහා පුජා කිරීමට සුදුසු වටිනා ග්‍රන්ථයකි.

දහම් දැනුම

Highlights:

දහම් පාසල් දරුවන්ගේ පාඩම් ආශ්‍රිත කරුණු මතක තබා ගැනීමට අත්වැලක් සපයන ප්‍රශ්නාවලියක් ලෙස සකසා ඇත. දහම්පාසල් දරුවන් ලෙස ඔබ මෙම කරුණු මතක තබා ගැනීමට මෙන්ම ප්‍රායෝගිකව ඔබේ ජිවිතයට ගලපා ගැනීමටද පුරුදුවන්න.එමගින් ඔබහට ගුණ නැණ සපිරි යහපත් දරුවෙකු වීමට ඔබට හැකි වනු ඇත.

අට්ඨකතා සාහිත්‍යය හා අටුවා රසකතා

Highlights:
ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක ගමේ සැදැහැවත් යුවලක් පුන් පොහෝ දිනක බණ ඇසීම සදහා දියණිය නිවසෙහි රඳවා විහාරයට ගියහ. මව්පියන් බැහැර ගියපසු ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳුමුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍යය පෙනිණ. පහන් එළියෙන්ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණා කරන සිව් පිරිසද දිස්විණ. “මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළගට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාගය්‍යයකි” යි සිතන ඇයට උද්වේග ප්‍රීතිය උපනි. ඒ ප්‍රීතිවේගයෙන්ම අහසට නැගුණු ඕ තොමෝ දෙමාපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. දෙමාපියෝ ඇය, කොයි වෙලේ ආවෙහිදැ’යි විචාළාහ. “මම අහසින් ආවෙම්” ඇය කීවාය. 

-අට්ඨකථා සාහිත්‍ය‍ය හා අටුවා රසකතා-

දෙව්ලොවට මග කියන කතන්දර

Highlights:

දෙව්ලොවට මගකියන කතන්දර විමානවස්තු ප්‍රකරණය ඇසුරෙන්

විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපදී. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි.

සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි

Highlights:

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.

විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්‍යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ

භාවනා

Highlights:

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වයි.

පහසුවෙන් සිහිය වඩන මග

Highlights:

මෙම කෘතියෙ කතුවර හේනේපොල ගුණරතන හිමියන් විසින් රචනා කර ඇති පැහැදිලි ගුණය ලෝකයේ ඕනෑම ආගමික සමාජීය පසුබිමක් ඇති පුද්ගලයෙකු කියවා බැලීමට දිගු කරයි.

අද ලෝකයේ ජනප්‍රිය විෂය මාතෘකාවක් බවට පත්ව තිබෙන ” කරුණාව පැතිරවීම” පිළිබඳව නව පරිච්ජේදයක් ඇතුළත්‍ ය. මෙම ග්‍රන්ථයම භාවනාවක් වැනිය. අප හිතනවාටත් වඩා ඉතාම සරලය.

කඨින විනිච්ජය

Highlights:

කඨින පූණ්‍ය කර්මයක් මෙන්ම භික්ෂු ජීවිතයට අදාළ ඉතා වැදගත් විනය කර්මයකි.

අටමහ පිංකම්

Highlights:

සිංහල බෞද්ධ සම්ප්‍රදායේ අට වැදෑරුම් මහ පින්කම්

  • කඨින චීවර පූජාව
  • අටපිරිකර පූජාව
  • ආවාස දාන පූජාව
  • බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය
  • ධර්ම ලේඛනය
  • ඛෙත්ත දානය
  • පටිමාකරණය හෙවත් පිළිම කරවීම
  • සංඝයා උදෙසා වච්ච කුටි කරවීම

ත්‍රිපිටක සූචිය

Highlights:

තුන් පිටකයේ ඇතුළත් සූත්‍ර – ගාථා ශික්ෂාපදාදියේ නාමාවලියකි.

මෙය මුලසිට අග දක්වා කියවීම සඳහා සකස් කරන පද කෘතියක් නොවේ. ත්‍රිපිටකය හැදෑරීමට මාර්ගෝපදේශයක් හෙවත් අත්වැලක් වශයෙන් සකස් කරන ලද්දකි.

ගැටපද විවරණ සහිත උම්මග්ග ජාතකය

Highlights:

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර සැරිසරන අවධියේ මහා නැණවතකු වශයෙන් ගෙවූ චරිතය විස්තර කරන පොත උම්මග්ග ජාතකයි. මෙය පන්සිය පනස් ජාතක පොතෙහි ඇති දීර්ඝතම ජාතක කතාව ද වෙයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ මෙසමයෙහි මහෞෂධ නම් වූහ. වේදේහ- චූලනි- කේවට්ට ආදීන්ගේ චරිත ප්‍රධාන වශයෙන් එහි නිරූපණය වන්නේය.

බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය

Highlights:

බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “තමා බේරා ගත හැක්කේ තමාට පමණය. වෙන කිසිවෙකුටත් එය කළ නොහැක. තමා තමාවම මනාව හික්මවා ගැනීමෙන් තමාගේම ගැලවුම් කාරයා බවට පත්වේ. බුදුන් වහන්සේට කළ හැක්කේ මාර්ගය පෙන්වා දීමට පමණය.”

බැති සිතින් දන් දෙමු (නිර්මාංශ දානයකට මග)

Highlights:

දීම නම් තමන් සතු දෙයක අයිතිය අත්හැරීමය. දීම ඉතා දුෂ්කර වූත්, දුලබ වූත්, උතුම් වූත්, බුද්ධිමත් වූත් ක්‍රියාවකි.

මෙම කෘතියේ දානයක් පිරිනමන පිළිවෙළ සහ අදාළ දානය සඳහා සකස් කරනු ලබන ව්‍යංජන වර්ග සකස් කර ගන්නා ආකාරය සඳහන්වේ.

රෝග නිවාරණයට බුදු දහම

Highlights:

රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රතිකාර වැදගත් වන්නා සේම ආහාර, විහරණ වල වැදගත්කම මෙයින් පෙන්වා දී තිබේ. මෙම ග්‍රන්ථයෙහි, රෝග වලක්වා ගැනීම සඳහා පංචශීල ප්‍රතිපදාවේ වැදගත්කම, පරිසර සං‍රක්ෂණයෙහි වැදගත්කම හා ආහාර රටාවෙහි වැදගත්කම යනාදී කායික හා වාචසික චරණයෙහි නිවැරදි භාවය පෙන්වා දෙයි.

දීපවංසය

Highlights:

දීපවංසය ශ්‍රී ලංකාවේ පැරණිතම වංශකථාව ලෙස පිළිගැනේ. දීපවංසය විශිෂ්ට කෘතියක් බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ය. පර්යේෂකයන්ට අවශ්‍ය කරුණු ගැන සැලකීමේ දී එය මහාවංශයට වඩා වැදගත් බවත්, මිථ්‍යා කථා අඩුවෙන් ඇති බවත් සඳහන් කළ හැකි ය.

දීපවංසය

Highlights:

දීපවංසය ශ්‍රී ලංකාවේ පැරණිතම වංශකථාව ලෙස පිළිගැනේ. දීපවංසය විශිෂ්ට කෘතියක් බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ය. පර්යේෂකයන්ට අවශ්‍ය කරුණු ගැන සැලකීමේ දී එය මහාවංශයට වඩා වැදගත් බවත්, මිථ්‍යා කථා අඩුවෙන් ඇති බවත් සඳහන් කළ හැකි ය.

පොකුරු සංඛ්‍යා

Highlights:

මෙහි ඇතුළත් වන්නේ සාමාන්‍ය භාවිතයේ දී හමුවන පොකුරු සංඛ්‍යා පදයි. සියලු ම සමුහවාචී සංඛ්‍යා හෙවත් පොකුරු පද එක් රැස්කළහොත් එය පිටුදහස් ගණනකින් යුක්ත අතිවිශාල කෘතියක් වනු ඇත.

 

බුද්ධ කාලීන සංඝ සමාජය

Highlights:

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තවෙයි. පළමුවන කොටසින් එදා දඹදිව පැවැති ආගමික පසුබිමත්, විමුක්ති ගවේශකයන්ගේ පහළවීමත්, සංඝ සමාජයේ ආරම්භය හා ව්‍යාප්තියත්, වරින්වර සංඝ සමාජයේ ඇතිවු වෙනස්කම් පිළිබඳවත් කරුණු විස්තර වෙයි. දෙවන කොටසින් පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන්ව ඇති තෙරවරුන්ගේ ජීවිත කථා අටුවා විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත.

පංසුකූල බණ

Highlights:

කිසිවෙකු මියගිය විට ඔහු වෙනුවෙන් සිදුකෙරෙන චිරාගත බෞද්ධාගමික චාරිත්‍රවිධි සමුහයක් වෙයි. අද දවසේ ‘සංසුකූලය’ යන නමින් හැඳින්වෙන්නේ ඒ චාරිත්‍ර සමූහයයි. බොහෝ විට මෙම වචනය පොදු ජනයා අතර ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ‘පංසුකූල’ යනුවෙනි. එම වචනය මෙම ග්‍රන්ථයෙහි ‘පංසුකූල’යනුවෙන් ගෙන ඇත්තේ පාලි සම්ප්‍රදායට මුල්තැන දෙමිනි. ‘පංසු’ යන පාලි වචනයෙහි මූලික වශයෙන් ‘පස්,දුවිලි’ යන කෝෂාර්ථයන් ගැබ්ව ඇත. ‘පංසුකූල’ යන්න දුවිලි ගොඩ/කුණු ගොඩ යන අර්ථ දනවයි. ‘පංසුකූල චීවර’ යැයි කී විට එහි අපේක්ෂිත අර්ථය වන්නේ පස් ගොඩකින්,කුණු ගොඩකින් හෝ ඊට සමාන තැනකින් සොයාගත් වස්ත්‍රයකින් සකසා ගත් චීවරය යන්නයි.

ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය

Highlights:

මෙය සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවකි. ගව පට්ටි හිමියෙකු වූ ධනිය, ධනවත් අයෙකි. මෙ දින ඔහු තම ගවයින්ට තණ කවා පි‍යාදර බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි හේ ප්‍රීතියට පත්විය. මහා වැසි වසින්නැයි වළාවන්ට හඬනගා කියන්නට විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දුර සිට මේ සිදුවීම දිවැසින් දුටු සේක. තමන් වහන්සේ නො වැඩියහොත් මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.

භික්ෂුවගේ උරුමය හා කාර්ය භාරය

Highlights:

මහා සංඝරත්නය නිතර නිතර නිබඳව නිරන්තරව පුළුවන් හැම විටම එක්රැස් වෙනවා නම්, එක්රැස්වීම බහුල වශයෙන් සිදුවෙනවා නම් “වුද්ධියෙව” ඒකාන්තයෙන් අභිවෘද්ධියක්ම වන්නේය. “නො පරිහාණි” පිරිහීමක් නො වන්නේය. ඉතාම වැදගත් අවවාදයක් බුදුන් වහන්සේ වදාළේ.

ආටානාටිය සූත්‍රය

Highlights:

අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.

සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.

රතන සූත්‍ර වර්ණනාව

Highlights:

අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.

ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දේශිත කාව්‍ය රසය හා භාෂාව

Highlights:
  1. කාව්‍ය නිරූපණය
  2. දෝෂ නිරූපණය
  3. රස නිරූපණය
  4. ගුණ නිරූපණය
  5. අලංකාර නිරූපණය
  6. රීති නිරූපණය
  7. රසාස්වාදන නිරූපණය
  8. පාලි සංස්කෘත භාෂා නිරූපණය
  9. සිංහල භාෂා නිරූපණය
  10. ශබ්ද නිරූපණය

මිනිස් ලොවෙන් ප්‍රෙතලොවට (ප්‍රෙතවස්තු ඇසුරෙන්)

Highlights:
  1. පසේබුදුන්වහන්සේගේ පාත්‍රය බිඳ ප්‍රේතයෙක් වූ රජපුතා
  2. බොරුවට දිවුරා විමාන ප්‍රේතියක් වූ උපාසිකාව
  3. විහිළුවට වස්ත්‍ර සඟවා නග්න වූ ප්‍රේතයා
  4. කුණු ගඳ ගසන මුඛය පණුවන් කන ප්‍රේතයා
  5. සිඟමන් යැදි මහධන සිටුපුත්‍රයා
  6. ප්‍රේතයෙකු වූ මුව වැද්දා
  7. සැටදහසක් යකුළු පහර කන ප්‍රේතයා
  8. දරුවන් ලිහු බැඳ යන මව්පිය ප්‍රේතයෝ
  9. නිරුවත් විමාන ප්‍රේතිය
  10. කසල හිස මත දමා ප්‍රේතියක් වු මත්තා….

සිහනාද සූත්‍රය

Highlights:

දීඝ නිකායෙහි සිලක්ඛන්ධයෙහි අටවැනිව ඇති සූත්‍රය සීහනාද සූත්‍රයයි. එම සූත්‍රයට වස්තු වී ඇත්තේ “කස්සප” නැමැති අචේලකයකු බුදුරදුන් කරා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරදුන් විසින් කරන ලද සංවාදයකි. සමහරු මෙම සූත්‍රයට කස්සප සීහනාද සූත්‍රයයි ද ව්‍යවහාර කරන නමුත්, තථාගතයන් වහන්සේ විසින් අචේලක කස්සප ඉදිරියේ කරන ලද සිංහනාදයට කස්සපගේ නම යෙදීම සුදුසු නොවේ. තථාගතයන් වහන්සේගේ අභීත සිංහනාදය ඉතාමත් විසිතුරු ලෙස දැක්වෙන මෙම සුත්‍රයට උචිත වන්නේ “සිහනාද සූත්‍රය” යන්න මැයි.

කාලාම සූත්‍රය සහ චින්තන නිදහස

Highlights:

පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටකාගත සාධකය වශයෙන් කාලාම සූත්‍රය  බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදු සමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් තර්ක කර්න වියත් අය මෙන් ම, ඕනෑම කරුණක් ස්වාධීනව සොයා බලා නිවැරදි යයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදු සමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සූත්‍රය ය.

අග්ගඤ්ඤ සූත්‍ර අනුවාදය

Highlights:

අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි අරමුණ වූයේ කුලභේදය පිළිබඳව පැවැති විවිධ දුර්මත ප්‍රතික්ෂේප කිරීමත්, සියලුම මනුෂ්‍ය‍යන් එකම සම්භවයකින් හටගත්තවුන් බවත්, ඔවුන්ගේ වර්ණය, කථා කරන භාෂාව වෙනස් වුවත්, සියලුම මනුෂ්‍ය‍යන් සමාන බවත් ප්‍රකාශ කිරීමය. මෙහිදී අවුරුදු කෝටි ගණනක් ගතවීමේදී මිනිසා විකාශයට හෙවත් පරිණාමයට පත්වූ බව වාසෙට්ඨ සහ භාරද්වාජ යන සාමනේරවරුන් දෙදෙනාට පැහැදිලි කරන බුදුරදුන් මහපොළොවේ සහ මිනිසාගේ සම්භවය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන ලදී.

දස පුණ්‍ය ක්‍රියා විභාගය

Highlights:

01 දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය

02 සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම

03 භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම

04 අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම

05 වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම

06 ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම

07 පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

08 ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම

09 ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම

10 දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම

දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි.

කරණීය මෙත්ත සූත්‍රය

Highlights:

1. කරණීය මත්ථකුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කෝ උජූ ච සූජූ ච

සුවචෝ චස්ස මුදු අනතිමානී

අදහස

ශාන්ත වූ නිවන ලබා ගෙන නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි. ඔතෑනි නොවන අලස නොවන ශීලාදි ගුණධර්ම පිරීමට සමතකු විය යුතුය.

නොදත් දෙය දන්නා සේ නො කරන දෙය කරන සේ කරන වරද නො කරන සේ පෙනී සිටින කපටියකු නොවී අවංක පුද්ගලයකු විය යුතු ය. හොඳට ම අවංක පුද්ගලයකු විය යුතු ය. ධර්මය විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනකු විය යුතු ය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැණිව කථා කරන නොයෙක් ප්‍ර‍ශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයකු විය යුතු ය. ජාති ගෝත්‍රාදිය හිස මුදුනට ගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයකු විය යුතු ය.

සිගාලෝවාද සූත්‍රය

Highlights:

බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක නම් වූ එක ගෘහපතියෙක් තෙත් වූ හිසකෙස් ඇතිව, තෙත වස්ත්‍රයන් පිටින් දිශා හයකට වැඳ නමස්කාර කරන ආකාරය දුටහ.
එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් “කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ” යි විමසූහ.
එවිට සිඟාලක ගෘහපතියා “ස්වාමිනී මගේ පියා මියයන විට ‘දරුවා සදිශාවන්ට නමස්කාර කරන්න’ යි උපදෙස් දුන්නේය. එනිසා මෙසේ දිශාවන්ට නමස්කාර කරමි” යි පිළිතුරු දුනි.
එවිට බුදුන් වහන්සේ “ගෘහපති පුත්‍රය, බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන්නේ මීට වඩා වෙනස් ආකාරයක ටැ” යි වදාළහ.

මහා පරිනිර්වාණ සූත්‍රය

Highlights:

බුදුන් වහන්සේගේ අවසාන කාලය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. දෙවි කෙනෙකු නොවූ උත්තරීතර මනුෂ්‍යයකුගේ ආදර්ශවත් ශාස්තෘවරයකුගේ සැබෑ ස්වරූපය, මෙම සූත්‍රය තුළින් අපට මතුව පෙනෙයි.

සාමාන්‍ය මිනිසකු ද අසූවිය තරම් ජීවිත කාලයක් සපිරුණු විට මතුවන පොදු දුබලතා බුදුන්වහන්සේට ද විය. තම කයේ තතු උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

ආනන්දය! දැන් මම ජරාවට පත්ව සිටිමි. දැන් මා මහල්ලෙකි. මගේ වයස දැන් අසූවකි. දිරූ, ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවා තබා ගන්නා සේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටිමි.

බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.

මහාවංශය සිංහල

Highlights:

විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වේ. මහානාම මාහිමියන් විසින් ලියන්නට පටන්ගත් මහාවංශය පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙන් මේ දක්වා නිර්මාණය වී ඇත. පොතේ අවසානයට එකතු කර ඇති අකාරාදී ග්‍රන්ථපද විවරණය පොතේ වටිනාකම වර්ධනය කරයි..

The Buddhist Way Of Life ( For Pre- School and Year 1 Students)

Highlights:

ToDay our Children are open to all from of
unwholesome influences.children particularly
are vulnerable to such negative influences
and if they are not guided away from those,
it could have a deleterious effect on future
society.Buddhist values and practices which
we have treasured and upheld over time immemorial
can be a strong protective shield for the tender
aged innocent minds against this onslaught of
negative influences in our present day society.

සැදැහැ වඩන දඹදිව වන්දනා

Highlights:

දඹදිව වන්දනා අත්පොත” ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම “අත්පොතකි”. වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා දී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping