Product Tag: Dayawansha Jayakodi Publisher

Dayawansha Jayakodi Publisher

Showing all 8 results

Show:

ධම්මදින්නා මහා රහත් තෙරණිය

Highlights:

දැන් මේ පශ්චිමභව යෙහි ( අවසාන ආත්ම භාවයෙහි ) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වු එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.

තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර ” විශාඛ” නැමති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වු විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළඹ දහම් අසා අනාගාමි ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවදි බව ලැබුවෙමි. පැවදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වු ත් අතිශයින් ම සියුම් වු ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.”

ඉවට්

Highlights:

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පණ්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

ලෝක සංවිධාන 4

Highlights:

ලෝක සංවිධාන ග්‍රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

හාදුව

Highlights:

ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනෙකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ “හාදුව”, “ඉඕනිච්”, “ගුසේෆ්”, “කලා කරුවෙකු ගේ කථාව”, “කටු ඇඹිල්ල” හා “පළගැටියා” නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.

මහ මිහිඳු හිමි

Highlights:

“බලවත් සොම්නසින් පසුවනු පෙනේ?”

“නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

තෙර තරණය (සුදු නෙළුම – 2)

Highlights:

“අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා ! මම උස්සාගෙන ඇවිත්….”

“මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?”

“උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරිස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියා සිටියාය! ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවෙ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.”

“ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?”

“පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නත් බැහැ.”

සිංහලේ ජාතික සටන්

Highlights:

මුරසි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්‍රීසි පාලකයෝ ප්‍රංශ ජාතික විශ්‍රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්‍රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එය සටහන් අනුව,මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.

කුදු ගැසී සිටි මහ නිළමේ මුරසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්‍රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය.

“ දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමේ… මුකුත් නැතිවෙලා ද?”

“ ඔව් මිත්‍රයා… මම මගේ නැතිවී ගිය සිංහල ප්‍රෞඪත්වය හොයනවා ”

මවු බිමේ නිදසහ දෙස බස රැස පිළිබඳ ව පිරීහි ගිය සිතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය. (සිංහලේ ජාතික සටන් – 195 වන පිටුව )

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping