Product Tag: Dayawansha Jayakody and Company

Dayawansha Jayakody and Company

Showing all 28 results

Show:

දුක ශෝකය හා විෂාදය

Highlights:

සිතින් හා ගතින් විඳවීම ‘දුක’ යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය,කෝපය,වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.

රන්සරණි

Highlights:

“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”

රජ පැටියා සහ හිඟන පැටියා

Highlights:

දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.

ඕලු 3

Highlights:

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

ලෝචනා

Highlights:

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.

ඕලු 4

Highlights:

පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.

“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

පරසතුරෝ

Highlights:

උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.

කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.

ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ‍සනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය

Highlights:

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ශ්‍රී ලාංකේය සංස්කෘතිය, අභිමානය, බෞද්ධාගමික පුණරුදය, අවිහිංසාවාදය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයනු ලැබූ සමාජ මෙහෙවර වර්තමානයේ ශ්‍රී ලංකාද්විපයේ ජාතික සංවර්ධනයට උරදෙන ආධ්‍යාත්මික සංවර්ධන ආකල්ප ක්‍රියාත්මක කරන රටේ තිරසාර සංවර්ධනයට සක්‍රීයව දායකවු ජාතික වීරවරයෙකූ ලෙස සැලකිය හැක.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම භාගයයි.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.

දෙබෑයෝ

Highlights:

දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.

අන්ධකාර තාරකාව

Highlights:

මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන
අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබේ.
ඒ අනුව
“පිටස්තරයා” සහ “අවජාතකයා”
යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ මිනිසුන්
ම මිසක පිටස්තරයෝ හෝ
අවජාතකයෝ නොවෙති.

අමතක වූ දේශය

Highlights:

පළමුවැනි ලෝක යුද සමයයි. නෞකාවක ගමන් ගනිමින් සිටි ධෛර්ය සම්පන්න තරුණයකු වු බෝවන් ජේ. ටයිලර් මරණයට මුහුණ දෙන්නේ නැවට එල්ල වු ටෝර්පිඩෝ ප්‍රහාරයක් සමඟිනි. කෙසේ හෝ දිවි බේරාගන්නා ඔහු සබ්මැරීනයකට ගොඩ වඳින්නේ සයුර මැද දී හමු වු අසාමාන්‍ය හැසිරීම් රටා සහිත රූමතියක වු ලීසා සමඟිනි. ඔවුන් ගේ ගමන කෙළවර වන්නේ එතෙක් ලෝකය නොදැන සිටි, ලෝකයට අමතකව ගිය කාලයක විසු බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වු දේශයෙනි. කාල අගාධයක් බඳු වූ එම දේශයේදී බෝවන් ජේ. ටයිලර් ඇතුළු පිරිස විවිධ අනතුරුවලට මුහුණ දෙමින් යෙදෙන වීර චාරිකාව මෙම කෘතියෙන් ඉතා සරළ සුගම බසින් රසවත්ව විස්තර කෙරෙයි.

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

සුදු හාමිනේ

Highlights:

මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය‍ ගැතිය.

ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ.

මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.

පියෙර් සහ ශෝං

Highlights:

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

දානය නිර්වාණාවබෝධය පිණිස ද?

Highlights:

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2

Highlights:

හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.

ලෝක සංවිධාන 3

Highlights:

ලෝක සංවිධාන ග්‍රන්ථයේ තෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

සත්විල මහා සුභදාවෝ

Highlights:

“පිංචි,නන්දනී උපදිනව දැකල තියෙනවලු. එක පාරටම බිමට වැටුණලු.” නන්දනී යනු ඔවුන්ගේ මාමාගේ දියණියයි. බාල සොයුරියෝ සිය කටවල් වසා ගත්හ. ඔවුන් වට පිට බැලුවේ තවත් කිසිවෙකුට ඒ බැවු ඇසුණේ දැයි දැන ගැනීමටය.

එතැනට ආ වැඩිමල් සෝයුරියක් කට වර්ද්දා ගත් එකියගේ කටට ගැසුවාය.

“මේකිගේ පැහිච්ච කතා. පිංචි මුන් නරක් කරලා”
පහර කෑ සෝයුරිය හඬන්නට තරම් අහිංසක කතාවක් අද කියා නැත.

එ කෙණෙහි සිය ප්‍රේම කාන්තාව දැක අත දිගු කළා වු කාම පුරුෂයෙකුගේ සේ අම්මා සිය සැමියා සිහිනෙන් මෙන් දුටුවාය. එකෙණෙහි කර්මජවාත චලනය විය.

ඇල්ලඋඩ යයි හඳුන්වන ලද ඉදිරිපස මිදුල කෙළවරට වී සිටි දරු පිරිසට ළදරුවාණ කෙනෙකුගේ කෑ ගැසීමක් ඇසිණ. සියල්ලෝම එක් වර විමතියට පත් වුහ.

උං ගියාදෙං

Highlights:

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද
නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර
හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්
සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ
සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.
එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්
නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව
යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල
ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට
තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්
ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

මිළිඳු රාජ ප්‍රශ්නය 01

Highlights:

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණී වුත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වුත් ග්‍රන්ථ රත්නයකි. මිළිදු මහරජුගේත්,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වු කල්හි ය.

ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

Highlights:

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.
“ඔහු අවදිව සිටියේය……..”
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.

හඳුන්මල් කඩුල්ල

Highlights:

‘හඳුන්මල් කඩුල්ල’ මඟින් සිදුවී ඇත්තේ පෙර කී වටවන්දනාවට හා වන්ධනාකාරයාගේ මරණයට බද්ධ කරමින් යටත්විජිතවාදීන්ට එරෙහි වු උඩරට විමුක්‍ති අරගලය, ම්ලේච්ජ මර්දනය, විමුක්තිකාමීන්ගේ අධිෂ්ඨානය,බ්‍රිතාන්‍ය යටත්විජිතවාදි ආණ්ඩුව මඟින් ගෙන එන ලද ජනතා ද්‍රොහී අණපනත්, අනාඥා හා බ්‍රිතාන්‍ය පරිපලනයේ බිහිසුණු බව කියාපෑමයි

ෆ්‍රැන්කන්ස්ටයින්

Highlights:

ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්
මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි
යෙදෙන්නේ, මිනිස්සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු
නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි
කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු,
පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස්
රකුසාගෙන් පලා යයි.

සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ
මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන්
පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත
අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තරකෙරෙන
මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ
ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක
ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි. 

 මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්,
මානව දයාවත්, සමකාලීනවිද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම්
පිළිබඳ විස්තීර්ණ විග්‍රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස්
ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී ⁣
මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය
දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ
භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ
ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත. 

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping