Product Tag: Dayawansha Jayakody Publisher

Dayawansha Jayakody Publisher

Showing all 36 results

Show:

දුක ශෝකය හා විෂාදය

Highlights:

සිතින් හා ගතින් විඳවීම ‘දුක’ යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය,කෝපය,වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.

රන්සරණි

Highlights:

“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”

රජ පැටියා සහ හිඟන පැටියා

Highlights:

දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.

ඕලු 3

Highlights:

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

ලෝචනා

Highlights:

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.

ඕලු 4

Highlights:

පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.

“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”

පරසතුරෝ

Highlights:

උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.

කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.

ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ‍සනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය

Highlights:

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ශ්‍රී ලාංකේය සංස්කෘතිය, අභිමානය, බෞද්ධාගමික පුණරුදය, අවිහිංසාවාදය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයනු ලැබූ සමාජ මෙහෙවර වර්තමානයේ ශ්‍රී ලංකාද්විපයේ ජාතික සංවර්ධනයට උරදෙන ආධ්‍යාත්මික සංවර්ධන ආකල්ප ක්‍රියාත්මක කරන රටේ තිරසාර සංවර්ධනයට සක්‍රීයව දායකවු ජාතික වීරවරයෙකූ ලෙස සැලකිය හැක.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම භාගයයි.

දෙබෑයෝ

Highlights:

දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.

අන්ධකාර තාරකාව

Highlights:

මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන
අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබේ.
ඒ අනුව
“පිටස්තරයා” සහ “අවජාතකයා”
යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ මිනිසුන්
ම මිසක පිටස්තරයෝ හෝ
අවජාතකයෝ නොවෙති.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

ඇලන්ගේ බිරිද

Highlights:

එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය අළලා ලියන ලද නවකතා අතරින් සිවු වැන්න වන “ඇලන ගේ බිරිඳ ” ( ALLAN’ s WIFE ) නමැති මේ නව ප්‍රබන්ධයට පාදක වී ඇත්තේ, එංගන්තයෙහී කුඩා දැරියක ව සිටිය දී තමා විසින් ජිවිතය බේරා දෙනු ලැබ. පසු ව අප්‍රිකාවේ රුදුරු මරු කතරක අතරමං ව සිටිය දී දෛවෝපගත ලෙස තමා ගේ දිවි ගළවා ගනු ලැබු ස්ටෙලා කාර්සන් නැමැති ඉංග්‍රිසි ජාතික තරුණිය සහ ඇලන් ක්වාටර්මේන් අතරේ ඇති වන ප්‍රේම වෘත්තාන්තය යි. ඔවුන් ගේ ප්‍ර්‍රේමය විවාහයෙන්, කූට ප්‍රාප්තියට පත් වුව ද, කෙටි කලකින් සිදු වන වියෝගයෙන්, මේ කතාන්දරය කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍ය‍යක් බවට පත් වෙයි.

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

සුදු හාමිනේ

Highlights:

මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය‍ ගැතිය.

ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ.

මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.

බිම් ගෙයි සිර කරුවා

Highlights:

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. ඒ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

පියෙර් සහ ශෝං

Highlights:

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

දානය නිර්වාණාවබෝධය පිණිස ද?

Highlights:

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2

Highlights:

හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.

දෙමස්සිනෝ

Highlights:

බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ ‘දෙමස්සිනෝ’ වෑයම් කරන බව පෙනී යයි.

අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන ‘දෙමස්සිනෝ’, ‘ආදර ගඟ ගලන දෑස’ කිවු කතාව නිමාවකට ගෙන එයි.

සත්විල මහා සුභදාවෝ

Highlights:

“පිංචි,නන්දනී උපදිනව දැකල තියෙනවලු. එක පාරටම බිමට වැටුණලු.” නන්දනී යනු ඔවුන්ගේ මාමාගේ දියණියයි. බාල සොයුරියෝ සිය කටවල් වසා ගත්හ. ඔවුන් වට පිට බැලුවේ තවත් කිසිවෙකුට ඒ බැවු ඇසුණේ දැයි දැන ගැනීමටය.

එතැනට ආ වැඩිමල් සෝයුරියක් කට වර්ද්දා ගත් එකියගේ කටට ගැසුවාය.

“මේකිගේ පැහිච්ච කතා. පිංචි මුන් නරක් කරලා”
පහර කෑ සෝයුරිය හඬන්නට තරම් අහිංසක කතාවක් අද කියා නැත.

එ කෙණෙහි සිය ප්‍රේම කාන්තාව දැක අත දිගු කළා වු කාම පුරුෂයෙකුගේ සේ අම්මා සිය සැමියා සිහිනෙන් මෙන් දුටුවාය. එකෙණෙහි කර්මජවාත චලනය විය.

ඇල්ලඋඩ යයි හඳුන්වන ලද ඉදිරිපස මිදුල කෙළවරට වී සිටි දරු පිරිසට ළදරුවාණ කෙනෙකුගේ කෑ ගැසීමක් ඇසිණ. සියල්ලෝම එක් වර විමතියට පත් වුහ.

යාරා යාත්‍රික

Highlights:

“යාර යාත්‍රිකා” ඔස්ට්‍රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවු ශ්‍රි ලංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජිවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජිවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේය

ඔස්ට්‍රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට්‍රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබෝරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා “සොරාගත් පරම්පරාවක” තතු විදහා දක්වන එය, ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය,සංස්තිය, කලාව, චිත්‍රශිල්පය හා “ඩ්‍රීම්ටයිම්” නම් අධ්‍යාත්මය වෙනුවෙන් කරන උත්සර්ගයක්ද වේ. වික්ටෝරියාවේ කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික කේන්ද්‍ර, පුස්තකාල හා ඇබොරිජින්වරුන්ගේ පුජ්‍යස්ථාන සොයා යන “යාර යාත්‍රිකා” සංස්කෘතික චාරිකාවක්ද වේ.

උං ගියාදෙං

Highlights:

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද
නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර
හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්
සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ
සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.
එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්
නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව
යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල
ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට
තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්
ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

මිළිඳු රාජ ප්‍රශ්නය 01

Highlights:

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණී වුත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වුත් ග්‍රන්ථ රත්නයකි. මිළිදු මහරජුගේත්,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වු කල්හි ය.

ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

Highlights:

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.
“ඔහු අවදිව සිටියේය……..”
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.

හඳුන්මල් කඩුල්ල

Highlights:

‘හඳුන්මල් කඩුල්ල’ මඟින් සිදුවී ඇත්තේ පෙර කී වටවන්දනාවට හා වන්ධනාකාරයාගේ මරණයට බද්ධ කරමින් යටත්විජිතවාදීන්ට එරෙහි වු උඩරට විමුක්‍ති අරගලය, ම්ලේච්ජ මර්දනය, විමුක්තිකාමීන්ගේ අධිෂ්ඨානය,බ්‍රිතාන්‍ය යටත්විජිතවාදි ආණ්ඩුව මඟින් ගෙන එන ලද ජනතා ද්‍රොහී අණපනත්, අනාඥා හා බ්‍රිතාන්‍ය පරිපලනයේ බිහිසුණු බව කියාපෑමයි

මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

දඟකාර ළමයි

Highlights:

මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.

සාගත මහ රහතන් වහන්සේ

Highlights:

“මහණෙනි, මගේ මේ ශාසනයේ තේජෝ ධාතු සමාපත්තියට
සමවදින භික්ෂුන් අතුරින් සාගත භික්ෂුව අග්‍ර වේ.”

අස්සජි මහ රහතන් වහන්සේ

Highlights:

“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.

මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.

මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”

සැරියුත් මහ රහතන් වහන්සේ.

ඈ හෙවත් අයේෂා 2

Highlights:

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය. 

ඈ හෙවත් අයේෂා 1

Highlights:

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා ” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.

රූප විපර්යාසය

Highlights:

මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.

බැස්කර්විල් දඩබල්ලා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping