Product Tag: Dayawansha Jayakody

Dayawansha Jayakody

Showing all 29 results

Show:

දුක ශෝකය හා විෂාදය

Highlights:

සිතින් හා ගතින් විඳවීම ‘දුක’ යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය,කෝපය,වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.

රන්සරණි

Highlights:

“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”

රජ පැටියා සහ හිඟන පැටියා

Highlights:

දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.

ඕලු 3

Highlights:

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

ලෝචනා

Highlights:

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.

ඕලු 4

Highlights:

පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.

“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”

පරසතුරෝ

Highlights:

උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.

කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.

ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ‍සනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය

Highlights:

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ශ්‍රී ලාංකේය සංස්කෘතිය, අභිමානය, බෞද්ධාගමික පුණරුදය, අවිහිංසාවාදය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයනු ලැබූ සමාජ මෙහෙවර වර්තමානයේ ශ්‍රී ලංකාද්විපයේ ජාතික සංවර්ධනයට උරදෙන ආධ්‍යාත්මික සංවර්ධන ආකල්ප ක්‍රියාත්මක කරන රටේ තිරසාර සංවර්ධනයට සක්‍රීයව දායකවු ජාතික වීරවරයෙකූ ලෙස සැලකිය හැක.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම භාගයයි.

අන්ධකාර තාරකාව

Highlights:

මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන
අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබේ.
ඒ අනුව
“පිටස්තරයා” සහ “අවජාතකයා”
යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ මිනිසුන්
ම මිසක පිටස්තරයෝ හෝ
අවජාතකයෝ නොවෙති.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

අමතක වූ දේශය

Highlights:

පළමුවැනි ලෝක යුද සමයයි. නෞකාවක ගමන් ගනිමින් සිටි ධෛර්ය සම්පන්න තරුණයකු වු බෝවන් ජේ. ටයිලර් මරණයට මුහුණ දෙන්නේ නැවට එල්ල වු ටෝර්පිඩෝ ප්‍රහාරයක් සමඟිනි. කෙසේ හෝ දිවි බේරාගන්නා ඔහු සබ්මැරීනයකට ගොඩ වඳින්නේ සයුර මැද දී හමු වු අසාමාන්‍ය හැසිරීම් රටා සහිත රූමතියක වු ලීසා සමඟිනි. ඔවුන් ගේ ගමන කෙළවර වන්නේ එතෙක් ලෝකය නොදැන සිටි, ලෝකයට අමතකව ගිය කාලයක විසු බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වු දේශයෙනි. කාල අගාධයක් බඳු වූ එම දේශයේදී බෝවන් ජේ. ටයිලර් ඇතුළු පිරිස විවිධ අනතුරුවලට මුහුණ දෙමින් යෙදෙන වීර චාරිකාව මෙම කෘතියෙන් ඉතා සරළ සුගම බසින් රසවත්ව විස්තර කෙරෙයි.

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

සුදු හාමිනේ

Highlights:

මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය‍ ගැතිය.

ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ.

මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

දානය නිර්වාණාවබෝධය පිණිස ද?

Highlights:

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2

Highlights:

හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.

දෙමස්සිනෝ

Highlights:

බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ ‘දෙමස්සිනෝ’ වෑයම් කරන බව පෙනී යයි.

අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන ‘දෙමස්සිනෝ’, ‘ආදර ගඟ ගලන දෑස’ කිවු කතාව නිමාවකට ගෙන එයි.

සත්විල මහා සුභදාවෝ

Highlights:

“පිංචි,නන්දනී උපදිනව දැකල තියෙනවලු. එක පාරටම බිමට වැටුණලු.” නන්දනී යනු ඔවුන්ගේ මාමාගේ දියණියයි. බාල සොයුරියෝ සිය කටවල් වසා ගත්හ. ඔවුන් වට පිට බැලුවේ තවත් කිසිවෙකුට ඒ බැවු ඇසුණේ දැයි දැන ගැනීමටය.

එතැනට ආ වැඩිමල් සෝයුරියක් කට වර්ද්දා ගත් එකියගේ කටට ගැසුවාය.

“මේකිගේ පැහිච්ච කතා. පිංචි මුන් නරක් කරලා”
පහර කෑ සෝයුරිය හඬන්නට තරම් අහිංසක කතාවක් අද කියා නැත.

එ කෙණෙහි සිය ප්‍රේම කාන්තාව දැක අත දිගු කළා වු කාම පුරුෂයෙකුගේ සේ අම්මා සිය සැමියා සිහිනෙන් මෙන් දුටුවාය. එකෙණෙහි කර්මජවාත චලනය විය.

ඇල්ලඋඩ යයි හඳුන්වන ලද ඉදිරිපස මිදුල කෙළවරට වී සිටි දරු පිරිසට ළදරුවාණ කෙනෙකුගේ කෑ ගැසීමක් ඇසිණ. සියල්ලෝම එක් වර විමතියට පත් වුහ.

උං ගියාදෙං

Highlights:

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද
නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර
හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්
සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ
සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.
එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්
නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව
යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල
ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට
තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්
ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

මිළිඳු රාජ ප්‍රශ්නය 01

Highlights:

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණී වුත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වුත් ග්‍රන්ථ රත්නයකි. මිළිදු මහරජුගේත්,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වු කල්හි ය.

ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

Highlights:

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.
“ඔහු අවදිව සිටියේය……..”
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.

මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව

Highlights:

මහා වනාන්තරය ද වන සතුන් ද
තවත් බොහෝ හැලහැප්පීම් ද අළලා ලියැවුණු පොත පත
කියවීම මහත් ආශ්වාදයක් කොට ගත් පඨක පිරිස්
ලෝ පුරා විහිදී විසිරි සිටි.
“මිනී කන ව්‍යාඝ්‍රයන්” යන වචන කිහිපය පවා
යමෙකුගේ සියොලඟ භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය.
මිනී කන ව්‍යාඝ්‍රයකු හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු
සිහිනයකි!
ඒ නපුරු හීනය ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ
මිනී කන ව්‍යාඝ්‍රයන ට මැදිවුවකුගේ අත්දැකීම්
සමගිනි.

ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ

Highlights:

වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්‍රන්ථ රත්නයකි.

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

Highlights:

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”

උදාර අපේක්ෂා 1

Highlights:

ඔහු හැම නියෝගයක් ගානේ මා සොහොන් කොත උඩ වැරෙන් පැද්දු හැටියට මට ක්ලාන්ත ගතියක් දැනිණ. මා බියෙන් මුසපත් වන බවක් දැනිණ “අනේ සර්, ඔච්චර මාව ගස්සන්න එපා”

“එපා?” යයි ගර්ජනය කර මෙවර ඔහු මා පැද්දු වේගයට දේවස්ථානයද පැද්දුණ බවක් පෙනිණ. පසුව ඔහු මගේ දෑත් ඉහළට ඇද්ද වේගයට මම සොහොන් කොත මත හිටගත්තෙමි.

චාල්ස් ඩිකන්ස් 1812 පෙබරවාරි 7 දා එංගලන්තයේ පෝට්ස් මවුත් ප්‍රදේශයේ උපන්නෙකි’. කුඩා කාලයේදීම ඔහුගේ පියාට සිරගත වීමට සිදුවූ නිසාම ඩිකන්ස්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුයේය එහෙත් පසු කාලීනව ඔහු විසි වසරක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පුවත්පතක් සංස්කරණය කල අතර නවකතා පහළොවක්ද රචනා කළේය. ඒ අතරින් උදාර අපේක්ෂා ( Great Expectations ) කෘතිය අති අතිවිෂිස්ට නිර්මානයකි

සුදු හැඳ ගත් කාන්තාව 1

Highlights:

විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.

මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

Highlights:

සෘද්ධි ලැබු පමණින් නිර්වාණය නොලැබෙන අතර සෘද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබු දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ජ් රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය ප්‍රකට ය. ශ්‍රාවක වු පිළින්දිවච්ජ් තෙරුන්ගේ සෘද්ධි බලය එසේ නම් ශාස්තෘ වු බුදුරජානන් වහන්සේගේ සෘද්ධි බලය කෙසේ දැ,යි කිව යුතු නැත.

මාස්ටර්මන් රෙඩි

Highlights:

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. “මාස්ටර්මන් රෙඩි” නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද “මාස්ටර්මන් රෙඩිගේ” මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.

සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping