Product Tag: Dayawansha Saha Jayakody Samagama

Dayawansha Saha Jayakody Samagama

Showing all 7 results

Show:

ධම්මදින්නා මහා රහත් තෙරණිය

Highlights:

දැන් මේ පශ්චිමභව යෙහි ( අවසාන ආත්ම භාවයෙහි ) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වු එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.

තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර ” විශාඛ” නැමති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වු විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළඹ දහම් අසා අනාගාමි ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවදි බව ලැබුවෙමි. පැවදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වු ත් අතිශයින් ම සියුම් වු ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.”

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

අරලිය මල් ආරාමය

Highlights:

“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”

“ඒක තමයි මට උනෙත්…”

“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”

“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”

“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

බිම් ගෙයි සිර කරුවා

Highlights:

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. ඒ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

පියෙර් සහ ශෝං

Highlights:

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

සංදෘෂ්ටි

Highlights:

බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්‍යා සංකල්ප පිසදමා සත්‍ය‍ය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙම ග්‍රන්ථය මගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්‍රන්ථයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping