Product Tag: grade 3

grade 3

Showing all 8 results

Show:

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ඡේද හා පැවරුම් 2 වාරය සහ 3 වාරය – 3 ශ්‍රේණිය

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3, 4, 5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය 2 වාරය සහ 3 වාරය සඳහා සම්පාදිත කෘතියයි.

3 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍ය‍යනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.

 

3 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.

Spoken Through Essays Grade 3

Highlights:

Spoken Through Essays Book from grade 3 to 10 have been written. A link may flow through all the books. These books help both students and English teachers.To be good essay writters and be fluent in english, these are very good texts for students. Mainly, a student can find school syllabus related simple essays in these books. He is also supported to learn grammatical structures and a large number of learn grammatical structures and a large number of common words. Next, he is directed for improving his spoken english. Furthermore, if the students are weak in leaning english they can start with lower grade books.

Computer In Action 3 With Window 10 And Microsoft Office 2013

Highlights:
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students

Grade 3 Environmental Studies Skilled-Based Activity Book

Highlights:

Grade 3 Environmental Studies Skilled-Based Activity Book
Prepared in accordance with the new syllabus for the first,
second and third terms.

කුමාර රචනය 3 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

BUY EBOOK VERSION

කුමාරොදය 3 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping