Product Tag: janaki sooriyaarachchi

janaki sooriyaarachchi

Showing all 22 results

Show:

නපුරු මන්තරකාරි

Highlights:

සකුනි කළුවරේම වට පිට බැලුවා.
“අම්මා,අම්මා,මම ආවා.”
සකුනි හයියෙන් කීවා.
ඒත් අම්මාගේ සද්දයක් නෑ.

දුවන සපත්තු

Highlights:

හැමදාම උදේට අපේ ගෙදර හරි කලබල.
චූටි මල්ලි එහාට දුවනවා, මෙහාට දුවනවා, පොත් මේස අවුස්සනවා.
එයා ඉතින් උදේට තමයි හැම දේම හොයන්නෙ.
“අම්මා, කෝ මගේ කලිසම?”
“අක්කේ, කෝ මගේ පොත් බෑග් එක?”
“කෝ, මගේ පැන්සල?” හැමදාම උදේට චූටි මල්ලි ගේ
පුරාම දුවමින් කලබල කරනවා.
“ඉස්කෝලෙ ගිහින් ආවාම හැම දේම පිළිවෙලකට
තියනවා නම් ඔහොම කරදරයක් නැහැනේ!”
අම්මා හැමදාම කියනවා.
ඒත් එයාට හැමදාම ඒවා අමතක වෙනවා.

හඳ හාවා මගේ අතේ

Highlights:

මගේ චුටි මල්ලියා හරිම දඟයා. අම්මා කියන්නෙ දඟ මල්ලක් කියලා. එක විදියකට නම් ඉන්නම බෑ. වැලි ගොඩේ පෙරළෙනවා, ගස් උඩ නගිනවා, බලුහාමිගෙ පිට උඩ යනවා, කොට්ට උඩ පිනුම් ගහනවා, දඟ වැඩ ඉවරයක් නෑ. දඟ වැඩිවෙලා සමහර දාට අම්මගෙන් හොඳටම බැණුම් අහනවා. ඊට පස්සෙ කෝච්චියක් “හෑ.. ඈ…ඈ..”  ගාලා අඬනවා. තාත්තා එනකල්ම බොරුවට අඬලා, ඊට පස්සෙ සීනි මුරුක්කු, චොකලට් ඉල්ල ගන්නවා. එතකොට නම් ඉතින් මටත් හොඳයි.

ටක-ටක ටක-ටක

Highlights:

ටක – ටක  ටක – ටක
ටක – ටක  ටක – ටක
ටයරය යට ටක – ටක

බක – බක  බක- බක
ගහ යට  ජක -බක

චූටි මල්ලියා

Highlights:

ඒත් අපේ ගෙදර ඉන්නවානෙ පුංචි කරදරකාරයෙක්. ඒ තමා මගේ චුටි මල්ලියා. එයාගෙන් මේ එකක්වත් බේරගන්න බැහැනෙ. මම මොනවා හරි අඳින්න හැදුවොත් එයාත් එනවා ඒකෙ කුරුටු ගාන්න. එයාටත් පුළුවන් කියලයි හිතේ.

එයාට ඕනෙ දේට ඉඩක් දුන්නෙ නැත්තම් ඉතින් වැඩ ගොඩයි. අතින් අදිනවා, කොළ ඉරනවා, පාට කූරු කඩනවා, මටත් ගහනවා. අනේ ඇත්තටම මේ මල්ලියාගෙන් තියෙන කරදරයක්. වෙලාවකට දෙන්න හිතෙනවා හොඳ ගුටියක්. ඒත් ඉතින් එයා මගේම චූටි මල්ලියානේ.

බුකුං බුකුං

Highlights:

හිඹුටු වාරෙට හිඹුටු කැලේ හරිම ලස්සනයි.
කහ පාටට ගෙඩි හැදිලා අතුවල එල්ලෙනවා,
මුළු පළාතම සුවඳයි.
ඒ සුවඳට ඈත ඉන්න පුංචි සත්තු, කුරුල්ලො, වවුලො හිඹුටු කැලේ දිහාට ඇදිලා එනවා.
හිඹුටු වැල්වල එල්ලිලා මේ සත්තු බඩ පිරෙන්න හිඹුටු කනවා.
මේ කැලේ හිටියා පුංචි වඳුරු පැටියෙක්. එයාගෙ අම්මයි තාත්තයි එයාට ආදරේට කීවෙ “බුකුං බුකුං” කියලා
බුකුං බුකුං හරිම දඟකාරයා. හැමදේටම කලබලයි.

The Ugly Princess

Highlights:

Once upon a time, in a far away land, a mighty king ruled over a great, beautiful kingdom. The king and his queen had everything they desired at the tip of their fingers, except for one thing, a child. They longed for a child so much, that they sought solutions from all the doctors, astrologers and magicians in the land. But despite all the potions, spells and predications, they remained childless.

හපනි

Highlights:

මේ මගේ අම්මයි තාත්තයි.
උදේට දෙන්නාම වැඩට යන්න කලබලේ.
තේ හදනවා, බත් උයනවා, ඇඳුම් මදිනවා.
මමත් හෙමින් ඇඳෙන් බැහැලා එනවා.
මටත් පුළුවන් උදව් වෙන්න.
“මේ තියෙන්නෙ තාත්තගෙ සපත්තු දෙක.”
“මෙන්න අම්මගෙ කොණ්ඩ කටුව.

නෙලුම් මලයි සමනලයයි

Highlights:

ඈත කැලේ මැද ලස්සන පොකුණක් තිබුණා
නෙලුම් මලක් සුවඳ දිදී පිපිලා හිටියා

මලට ආදරේ කළ පොඩි සමනල් පැටියා
මල වටකර කැරකි කැරකි අත්තටු සැලුවා

නෙලුම් මලයි සමනලයයි හරිම යාළුවෝ
හිනා වෙවී බලා හිටියෙ පුංචි මාළුවෝ

මම ආසම පාට

Highlights:

කහ මල
කහ මාලය
කහ පාට මට ලස්සනද?

රතු මල
රතු සමනලයා
රතු පාට ගවුම අඳින්නද?

නිල් මල්
නිල් කලිසම
නිල් පාට කලිසම මට දිග වැඩිද?

සරුංගලේ හොරු අරන්

Highlights:

චූටි මල්ලිගෙ චූටි අයියා සරුංගලයක් හැදුවා.
ලස්සනම ලස්සන චූටි සරුංගලයක්.
චූටි අයියා හරි සතුටින් සරුංගලය උඩ යැව්වා.
හුළං පාරත් එක්ක සරුංගලය උඩ ගියා.
උඩ– උඩ– උඩ– උඩ ගියා.
අහ් අනේ–!
එක පාරටම සරුංගලය නොපෙනී ගියා.
වලාකුළු අතරින් නොපෙනී ගියා.

මල් කැකුළ

Highlights:

“සුරංගනාවි මට චූටි බබෙක් එවලා. නංගියෙක්ද මල්ලියෙක්ද කියලා තවම දන්නෙ නෑ. මම නම් හිතන්නෙ මල්ලියෙක්ම තමයි!”
සුපිපි සුදු පූසිට විස්තරේ කීවා.
සුදු පූසි “ඤාව්” කිය කියා අහගෙන හිටියා.
අලුත ගෙනා බෝනික්කටත් කීවා.
බෝනික්කා ඔළුව නමාගෙන අහගෙන හිටියා.
මල්වල පැණි බොන්න එන කුරුල්ලන්ටත් කීවා.
පැණි කුරුල්ලො “ක්වීක් ක්වීක්” කිය කියා අහගෙන හිටියා.
සුපිපිට හරිම සතුටුයි. එයා මේ ආරංචිය හැමෝටම කීවා.
මල්ලි බබා එනකල් සුපිපිට ඉවසිල්ලක් නෑ.

කෝ හඳ මාමා?

Highlights:

“ම්හ්, ම්හ්,” හඳමාමා අඬන්න පටන්ගත්තා.
කඳුළු බිංඳු මුහුදටත් වැටුණා.
එතකොටම සුළං රළක් එතනට ආවා.
“ඇයි හඳමාමා අඬන්නෙ?” සුළං රළ ඇහුවා.
“අද මගේ මූණ පෙනෙන්නෙ නෑ.” හඳමාමා අඬ අඬා කීවා.
“අනේ හඳමාමෙ, මම නම් දන්නේ නෑ ඒ ඇයි කියලා.”
සුළං රළ කීවා.

ටිකිරි ගී

Highlights:

නැගිට්ටාම පාන්දරින්
දවස ලොකුයි හරි පහසුයි
දවල් වෙලා ඇහැරුණොතින්
මුළු දවසම හරි කරදර

උදේට බත් ගොඩක් කමු
මුං ඇට කඩලත් හොඳලු
කවුද කවුද කන්නෙ නැත්තෙ
ලොකු වෙන්නට බැරි වෙයිලු

දොයි අම්මා

Highlights:

වැඩට ගිහින් දවසම
විවේකයක් නැතුවම
උදේ ඉඳන් රෑ වනතුරු
වැඩ වැඩ වැඩ දවසම

මම යනතුරු නින්දට
කියයි කතා රස කර
ඒත් අම්ම නිදියන තුරු
කවුරුත් නෑ තනියට

බව්ව මගේ රොකී

Highlights:

බව්ව මගේ රොකී
මගෙ වලිගේ වැනී
හැම තිස්සෙම මගෙ පස්සෙන්
මට නෑ කිසි තනී

රොකියට දවසම
සෙල්ලමටයි හිත
පොත පත වැඩ නෑ කියලා
බැණුම් ගොඩයි මට

මමත් යනවා ඉස්කෝලේ

Highlights:

“අම්මා මටත් යන්න ඕනෙ ඉස්කෝලෙ.”
මම කෙඳිරි ගානවා.
“ඉස්කෝලෙ යන්න තව ටිකක් ලොකු වෙන්න ඕනෙ.” අම්මා කියනවා.
ඉක්මනට ලොකු වෙන්න ගොඩක් කන්න ඕනෙලු.
මම කෑවා බඩ පිම්බෙනකල්.. හැමදාම.
ගොඩක් ගොඩා…ක් කෑවා.
ඉක්මනට ලොකු වුණා.
“චූටි පුතාට ළඟදීම ඉස්කෝලෙ යන්න පුළුවන් වෙයි.” තාත්තා කීවා.
මට හරි සතුටුයි.

යාළු මාළු

Highlights:

මාදං කැලේ මැද පුංචි පොකුණක් තිබුණා.
ඕලු නෙළුම් මල් පිපිලා
පොකුණ හරිම ලස්සනයි.
මේ පොකුණෙ හිටියා පුංචි මාළු යාළුවෝ දෙන්නෙක්. එක් කෙනෙක්ගෙ නම රතූ. අනික් එක්කෙනාගෙ නම කළුෑ. මේ රතූයි කළුෑයි හරිම යාළුයි.
මේ දෙන්නා නිතරම හිටියෙ එකටමයි.
ඒ නිසා එයාලට රංචුවෙ අනික් අය කීවෙ “යාළු-මාළු” කියලයි.

මම ආසයි අම්මා වෙන්න

Highlights:

එක දවසක් උදේ මිනූ නැගිටලා අඬන්න පටන් ගත්තා.
“ඇයි මේ අඬන්නෙ?” අම්මා ඇහුවා.
“මටත් ඕනෙ අම්මා කෙනෙක් වෙන්න.”
මිනු අඬ අඬා කීවා.
“ඉතින් කෝ බබෙක්?” අම්මා කීවා.
“බබෙක් ගෙනෙමු කඩෙන්.” මිනු කීවා.
“බබෙක් කඩෙන්?” අම්මා ඇහුවා
“ඔව්, ඔව්, අපි කඩෙන් ගෙනෙමු බබෙක්”

මටත් ඉන්නවා නංගි බබෙක්

Highlights:

සමනලයෝ මල් පැණි සොයනා
බලන්න මේ කවුදැයි කියලා
මලක් කියා රැවටුණිද ඔයා
මේ මගෙ ලස්සන සුදු නංගා

වැහිළිහිණි පැටියා

Highlights:

“ක්වීක්, ක්වීක් ! ගැටපිච්චි, ගැටපිච්චි !”

වැහිළිහිණි පැටියා මල් වැට ළගට ඇවිත් කෑ ගැහුවා.

“කෝ මේ ගැටපිච්චි?”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping