මහ මිහිඳු හිමි
“බලවත් සොම්නසින් පසුවනු පෙනේ?”
“නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”
යසෝදාව
” දුව, මම මහත් අසහනයෙන් පසුවෙමි.”
“ඇයි නැන්දා?”
“ඔබ දෙ දෙන නිසා ය. කුටියට පිවිසීමට පෙරාතුව මා කීවා අමතකවිණි ද? ඔබ දෙ දෙනගේ වගකීම් සම්භාරය මා හිස මත ය. උපදෙස් පරිදි එක් නුවුයේ ඇයි දැයි කියන් දුව?”
“අහෝ නැන්දා. එයට ඔහුගේ මනාපයක් නොවිය මාගේ මනාපයකුත් නැත. තිරි සතුන් සේ නොහැසිරීමට අපි සම්මතකොට ගතිමු. මා පැතූ පරිදි ම ඔහු නම් බඹ උතුමෙකි!”
පරසතුරෝ
උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.
කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.
ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑසනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.
දෙබෑයෝ
දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.
පිච්චමල
නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ.