Product Tag: Katha

Katha

Showing all 8 results

Show:

මහදැන්මුත්තා සහ ගෝල පිරිස

Highlights:

මහදැනුමත්තා අපේ ජන කතන්දරවල කියැවෙන බොහොම අපූරු කෙනෙක්. එයාගෙයි, එයාගේ ගෝලයන්ගෙයි කතන්දර අහන, කියවන කාටත් ඒවා කිසිදා අමතක නොවන්නේ ඒ කතන්දර ඒ තරමටම රසවත් නිසයි.

BUY EBOOK VERSION

ටිකිරි කතන්දර

Highlights:

සුන්දරත්වයෙන් පිරි ලෝකයට කුඩා දරුවන් බෙහෙවින්ම කැමැත්තක් දක්වයි. ටිකිරි කතන්දර කෘතිය දරුවන්ගේ ඒ සමීප බව තව තවත් වර්ධනය කරයි. කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් මනාව හඳුනා ගනිමින් නිර්මාණය කරන ලද මෙය ඔවුන්ගේ ගුණධර්ම, ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට බෙහෙවින් උපකාර වෙයි.

ගුණසේන ළමා කතා 2

Highlights:

ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි දෙවැන්නයි.

ගුණසේන ළමා කතා 1

Highlights:

ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි පළමුවැන්නයි.

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

1 ★
1 ★
2 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
2
Highlights:

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

කතා අහුර

Highlights:

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්‌’ ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

ඇගේ කතාව

Highlights:

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වු පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය.දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත.

සාන්ත නිකලස් හි අතුරුදන් වූ කත

Highlights:

මානව ජිවන අත්දැකීම් විශ්ව සාධරණය. ඒවා පෙරදිග අපරදිග හෝ රට රටවල ස්වභාවය අනුව හෝ වර්ග කළ නොහැකිය. මානව සිතුම් පැතුම්, මානව චර්යාවන් ව්ශ්විය වන බැවින් ලෝක සාහිත්‍යය වින්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ය .එහෙත් කොදෙව් දුප්පත්කම පරීවර්තන මගින් ලෝක සාහිත්‍යය සමීප කිරීම සීමිත කොට ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping