Product Tag: Keti Katha

Keti Katha

Showing all 11 results

Show:

සිරිමලී – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.

වැඩකට නැති පොත

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.

BUY EBOOK VERSION

බඩු උකස් ගන්නාගේ බිරිඳ හා තවත් ජපන් කෙටි කතා

Highlights:

ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් පරිවර්තනය කරන ලද ජපන් කෙටිකතා හතක එකතුවක් ‘බඩු උකස් ගන්නාගේ බිරිඳ‘ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. මෙහි යෂුඕකා ෂෝතරෝ, අකියාබා ෂුන්, අබෙ කෝබෝ, හනියා යුතකා, යසුනරි කවබතා, ඉනගකි තරුහෝ සහ මිෂිමා යුකියෝ යන සුප්‍රකට ජපන් කතුවරුන්ගේ කෙටි කතා ඇතුළත් ය.

BUY EBOOK VERSION

අම්මා සහ සඳ එළිය

Highlights:

සිනමා නිර්මාණකරුවකු වූ අශෝක හඳගම විසින් ලියන ලද කෙටි කතා 8 ක එකතුවක් ලෙස මෙම කෘතිය ප්‍රකාශයට පත් වේ. කතුවරයා විසින් වදර 10 ක් තිස්සේ පුවත්පත්වලට ලියන ලද කෙටි කතා මෙහි ඇතුළත්ය. එම කාලය තුළ සමාජය තුළ සිදුවී හැලහැප්පීම්වල යම් යම් පිළිබිඹු මේ කෙටිකතා තුළින් මතුවන බව පෙනේ.

BUY EBOOK VERSION

එකෝමත් එක දවසකට පස්සේ

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙහි පළමු කොටස් ලෙසින් ‘එකෝමත් එක දවසක ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION

තුත්තිරි

Highlights:

‘තුත්තරි‘ යනු දයා ද අල්විස් ලේඛිකාව විසින් නිර්මාණය කරන ලද කෙටිකතා එකතුවකි. මෙය මුලින්ම ප්‍රකාශයට පත් ව ඇත්තේ 1963 වසරේ දී ය. ප්‍රකාශයට පත් කරන ලද්දේ ද ඇම්.ඩී. ගුණසේන සමාගම මගින්ම ය. ලේඛිකාවගේ ජීවන අත්දැකීම් ද කැටි කරගනිමින් කරන ලද නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.  

BUY EBOOK VERSION

රතු රෝස මල

Highlights:

සිංහල කෙටිකතාව පෝෂණය කිරීමෙහි ලා කැපවුණු නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සුවිශේෂී භූමිකාවක් වෙයි. ඔහු කෙටිකතාවේ වස්තු විෂය මෙන්ම ආකෘතිය, චරිත නිරූපණය අතින් ද නව දිශානතියක් පිළිබඳ අධ්‍යයනය කළේ ය.

BUY EBOOK VERSION

නන්ද හා සරණ

Highlights:

නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.

BUY EBOOK VERSION

සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාශනය

Highlights:

නූතන සිංහල කෙටිකතාව 18 හා 19 වැනි සියවස්වල උපත ලැබුයේ යැයි සැලකෙන නමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ඒකමතික පිළිගැනීමක් නැත. මේ පිළිබඳව පළවී ඇති මත සියල්ලක්ම විශ්ලේෂණය කොට පොදු අදහසක් ඉදිරිපත් කිරීමක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

1 ★
1 ★
2 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
2
Highlights:

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

ගැහැනියක් සහ තවත් කෙටි කතා

Highlights:

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය. “මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping