Product Tag: pariwarthana

pariwarthana

Showing all 32 results

Show:

GUNASENA CLASSICS – මොන්ටි ක්‍රිස්ටෝ සිටුවරයා

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Count of Monte Christo නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි.  ඇලෙක්සැන්ඩර් ඩූමා විසින් රචිත මේ කෘතිය අමතක නොවන චරිත සහ වික්‍රමාන්විත සිදුවීම් සහිත අපූරු කතාවක් වන අතර එමඟින් ද්‍රෝහිකම, ප්‍රේමය, වික්‍රමය සහ අභිරහස යන කාරණා තුළින් පාඨකයා තුළ ගැඹුරු ජීවන දර්ශනයක් ඇතිකරන්නට සමත්ව තිබේ. සම්භාව්‍ය කෘතියක් වුව ද භාෂා ශෛලිය හා කතා අන්තර්ගතය ඉතා සරල ආකාරයකින් ගළා යයි. 

 

 

කිම්

Highlights:

මෙය සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මාන ලාභී ලේඛකයකු වූ රඞ්යාර්ඞ් කිප්ලින්ගේ ‘කිම්’ නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. කතාව ගෙතී ඇත්තේ දිළිඳු අයර්ලන්ත යුවලක් මිය යාමෙන් පසු අනාථ අඩියකට පත්වන කිම් නම් දරුවා වටාය. මේ දරුවා ලාහෝරයේ වීදිවල සිඟාකමින් ජීවත් වෙයි. ඔහුට වයස්ගත ටිබෙට් ලාමාවරයකු හමු වන අතර එතැන් පටන් ඔහුගේ ජීවිතය වෙනත් මගකට පත් වෙයි.

BUY EBOOK VERSION

GUNASENA CLASSICS – මායාකර ඔස්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Wonderful Wizard of Oz නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි. එල්. ෆ්‍රෑන්ක් බවුම් විසින් රචිත සහ 1900 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද The Wonderful Wizard of Oz නම් වූ ළමා කෘතිය, සුවිශේෂී ඇමරිකානු පසුබිමක් සහිතව සාපෙක්ෂව මෑත යුගයේ බිහි වූ නිර්මාණයකි. එය මෑතකාලීන නිර්මාණයක් වුවත් උසස් ළමා කෘතියක් ලෙස ළොව පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

GUNASENA CLASSICS – ටොම් සෝයර්

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Tom Sawyer නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. සම්භාව්‍ය නිර්මාණවලට කැමති ඕනෑම අයෙකුට කියවිය හැකි කදිම කෘතියක් වන මෙහි අන්තර්ගතවන්නේ ටොම් නමැති දඟකාර පිරිමි ළමයෙකු සහ ඔහු විසින් සිදුකරනු ලබන බොහෝ කූඨ උපක්‍රම සහ අවදානම් සහිත වික්‍රමාන්විතයන් පිළිබඳව ය. ඔහුට සිඩ් නම් සහෝදරයෙක් සහ මේරි නම් සහෝදරියක් සිටී. ටොම් කෙතරම් දඟකාරයකු වුවත් ඔහුව රැකබලා ගන්නා පොලි නැන්දා ඔහුට දැඩි සෙනෙහසක් දක්වයි.

අරාබි නිසොල්ලාසයෙන් කතා

Highlights:

‘ඉස්ලාමීය ස්වර්ණමය යුගය’ නමින් හඳුන්වනු ලැබූ සමයේ නිර්මාණය වූ මැද පෙරදිග ජනකතා රැසක එකතුවක් වූ One Thousand and One Nights (‘එක් දහස් එක් රැය’) හි ඇතුළත් කිහිපයක් සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘අරාබි නිසොල්ලාසයෙන් කතා’ ලෙස මෙසේ ප්‍රකාශයට පත්ව තිබේ. සියවස් ගණනාවක් තිස්සේ විවිධ කතුවරුන් විසින් ලියන ලද කතා බොහෝ ගණනක් මෙහි ඇතුළත්ය. අලි බාබා සහ හොරු හතලිහ, ඇලඩින් සහ පුදුම පහණ, සින්ඞ්බෑඞ්ගේ චාරිකා යනු මෙහි ඇතුළත් කතා සමහරෙකි.

BUY EBOOK VERSION

පැහැරගැනීම

Highlights:

ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවකු වූ ආර්. එල්. ස්ටීවන්සන් (රොබට් ලුවී ස්ටීවන්සන්) විසින් ලියන ලද ඓතිහාසික සහ වික්‍රමාන්විත නවකතාවක් වූ Kidnapped හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි. 18 වැනි සියවසේ ස්කොට්ලන්ත සමාජයේ සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් මෙම නවකතාව රචනා වී ඇත. කතාව ගෙතී ඇත්තේ උත්තම පුරුෂ රීතියට වන අතර ප්‍රධාන චරිතය වන ඬේවිඞ් මුහුණ දුන් අත්දැකීම් මෙහි සඳහන් කරයි. සිය මාමා විසින් ඔහුව පැහැර ගන්නා ආකාරය, හුදෙකලා දූපතක තනිව කාලය ගත කළ ආකාරය සිත් අදගන්නා අයුරින් විස්තර කෙරෙන අතර මෙහි එන චරිත බොහොමයක් සමකාලීන ස්කොට් සමාජයේ සිටි සැබෑ පුද්ගලයන්ම වීම විශේෂත්වයකි. මෙම කෘතියෙහි අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘ළමා කොල්ලය’ නමින් ගුණසේන කෘතියක් ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ.

BUY EBOOK VERSION

GUNASENA CLASSICS – නිදන් දූපත

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Treasure Island නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. නිධානයක් ඇති දූපතක සිතියමක් අතැතිව ඒ දූපතට ගමන් කරන තරුණයකු පිළිබඳ කතාවකි. නමුත් එකම ගැටලුව නම් නැවේ මුහුදු කොල්ලකරුවන් සිටීම සහ ඔවුන්ට නිධානය අවශ්‍ය වීමයි. තරුණයාට ඔහු සොයන නිධානය හමුවෙයිද? ඔහු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවේද?

GUNASENA CLASSICS – රෝමියෝ ජුලියට් සහ තවත් කතා

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ විලියම් ශේක්ෂ්පියර් විසින් රචිත නිර්මාණ කිහිපයක සංක්ෂිප්ත සිංහල පරිවර්තනකි. විලියම් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය රචකයෙකු, කවියෙකු සහ නළුවෙකු වූ අතර ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා මෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා ලෙස ද සැලකේ. රෝමියෝ ජුලියට් ඇතුළුව ඔහු විසින් කරන ලද නිර්මාණ කිහිපයක් මෙහි අන්තර්ගත වේ.

GUNASENA CLASSICS – අසූ දවසකින් ළොව වටා

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Around the World in Eighty Days නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. මෙය ප්‍රංශ ප්‍රංශ ලේඛක ජූල්ස් වර්න් විසින් රචිත වික්‍රමාන්විත නවකතාවක් වන අතර එය 1872 දී ප්‍රංශ භාෂාවෙන් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරිණි. කතාවේදී ලන්ඩනයේ පිලියාස් ෆෝග් සහ ප්‍රංශ ජාතික පාස්පාර්ට්අවුට් දින 80 ක් තුළ ලොව වටා සංචරය කරන බවට ඔට්ටුවක් අල්ලයි. ඔවුන් ඔට්ටුව දිනනු ඇතිද? මේ කෘතිය තුළින් ඔබට ඒ සියල්ල දැනගත හැකි ය.

 

අභිරහස් දොස්තර

Highlights:

ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවකු වූ ආර්. එල්. ස්ටීවන්සන් (රොබට් ලුවී ස්ටීවන්සන්) විසින් ලියන ලද Strange Case of Dr Jekyll and Mr Hyde හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘අබිරහස් දොස්තර’ ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ. මේ කතාවෙන් කියවෙන්නේ ගේබි්‍රයෙල් ජෝන් නම් ලන්ඩන් නීතිඥයකු විසින් සිය මිතුරන් දෙදෙනෙකු වූ වෛද්‍ය හෙන්රි ජෙකිල් සහ එඞ්වර්ඞ් හයිඩ් යන දෙදෙනා අතර දකින්නට ලැබෙන අද්භූත සිදුවීම් පිළිබඳ කරන්නා වූ ගවේෂණයකි. මේ චරිත දෙක ගතිගුණ අතින් එකිනෙකට වෙනස්ය. එක් පුද්ගලයකු ගතිගුණ අතින් යහපත් වන අතර අනෙකා දුෂ්ටයෙකි. එකම පුද්ගලයකු තුළ වරෙක හොඳත් වරෙක නරකත් ඇති විට එවැන්නකු හඳුන්වන්නට භාවිත කරන යෙදුමක් ලෙස ද Dr Jekyll and Mr Hyde යන්න ඉංග්‍රීසි භාෂාව තුළ ප්‍රකටය. මෙය සිංහල බසින් ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ යන්නට බෙහෙවින් සමානය.

BUY EBOOK VERSION

ගලිවර්

Highlights:

අයර්ලන්ත ජාතික ලේඛකයකු සහ පූජකයකු වූ ජොනතන් ස්විෆ්ට් විසින් ලියන ලද මෙම නවකතාව ලෝකයේ අතිශය ජනප්‍රිය නිර්මාණවලින් එකකි. ඉංග්‍රීසි ජාතික කිවියකු වූ ජෝන් වරෙක පවසා තිබුණේ මේ කෘතිය පාලක පංතියේ සිට ළදරු පාසල දක්වා එකසේ ජනප්‍රිය කෘතියක් බවය.

 

රොබින්සන් කෲසෝ

Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

BUY EBOOK VERSION

ගව් විසි දහසක් මුහුද යටින්

Highlights:

ප්‍රංශ ජාතික ලේඛක ජූල්ස් වර්න් විසින් ලියා වර්ෂ 1870 දී ප්‍රකාශයට පත් කරන ලද Twenty Thousand Leagues Under the Seas: A Tour of the Underwater World සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ කෘතියෙහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙය වේ. 1867 වර්ෂයේ ප්‍රංශයේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී Plongeur නම් ප්‍රංශ සබ්මැරීනයේ ආකෘතියක් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙහි කර්තෘ ජූල්ස් වර්න්ට මෙම සාහිත්‍ය නිර්මාණය කිරීම සඳහා අදහස පහළ වී ඇත්තේ එයින් පසුව බව කියැවේ.

BUY EBOOK VERSION

සුවිසල් පැතුම්

Highlights:

සුප්‍රකට ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වැනි නවකතාව වූ Great Expectation හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සුවිසල් පැතුම්’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් (මෙය ද ගුණසේන ප්‍රකාශනයක් ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවතී) හැරුණු විට උත්තම පුරුෂයෙන් ලියන ලද ඔහුගේ දෙවැනි නවකතාව වන්නේ මෙයයි. 19 වැනි සියවසේ මැද භාගයේ එංගලන්තයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ආශ්‍රිත සිදුවීම් මෙම නවකතාවෙන් පිළිබිඹු වේ. කතාව ගෙතී ඇත්තේ ‘පිප්’ නම් අනාථ දරුවකු වටාය.

කාල යාත්‍රාව

Highlights:

‘කාල යාත්‍රාව’ යනු සුප්‍රකට ලේඛක එච්.ජී. වෙල්ස් විසින් ලියා, වර්ෂ 1895 දී ප්‍රකාශයට පත් කරන ලද විද්‍යා ප්‍රබන්ධයක් වූ The Time Machine හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. කතාව ගෙතී ඇත්තේ වික්ටෝරියානු විද්‍යාඥයකු වටාය. ඔහු කාලය ඔස්සේ ගමන් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරන අතර, ඔහු එයින් ක්‍රි.ව. 802,701 තරම් අනාගතයකට ගමන් කරයි. එසේ ගමන් කොට ඒ අනාගත ලෝකයේ ඔහු දකින දෑ මේ කෘතියෙන් විස්තර කරයි.

BUY EBOOK VERSION

GUNASENA CLASSICS – බ්ලැක් බියුටි

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Black Beauty නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. මෙය බ්ලැක් බියුටි නම් අශ්වයාගේ ජීවිත කතාව විස්තර කරන කළු අශ්වයෙකු පිළිබඳ කදිම කෘතියකි. මේ අශ්වයා ගොවිපළක්  අතහැර තවත් ගොවිපළක් කරා යන ගමනේ දී නව හිමිකරුවන් සහ අශ්වයන් යන බොහෝ දෙනෙකු ඔහු මුණ ගැසේ. මෙය ඔබට සතුට මෙන්ම දුක ද ඇති කරන්නක් වුවත්  සුඛාන්තයක් ඇති කෘතියක් වේ.

එමා

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Emma නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

අදිසි මිනිසා

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

හකල්බර් ෆින්ගේ වික්‍රම

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Adventures of Huckleberry Finn නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

අයිවන්හෝ

Highlights:

‘අයිවන්හෝ’ යනු සර් වෝල්ටර් ස්කොට් විසින් ලියා වර්ෂ 1819 දී ප්‍රකාශයට පත් කරන ලද Ivanhoe කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. යථාර්තවාදී නව කතාවක් වන මෙය මධ්‍යතන එංගලන්තය පසුබිම් කොට ගනිමින් ලියැවී තිබේ. කතාව ගෙතී ඇත්තේ මධ්‍යතන එංගලන්තයේ වංශවත් පවුලක් වටාය. මේ සමයේ එංගලන්තයේ බලය පැවැතියේ නෝමන්වරු අතය. නෝමන් රජකු වූ රිචඞ් රජුට පාක්ෂිත්වය දැක්වීම නිසා අයිවන්හෝ හි සර් විල්ෆ්‍රඞ් සිය පියාගේ උදහසට ලක් වෙයි. මෙය ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වූ ස්කොට් නවකාව ලෙස ද ප්‍රකටය.

BUY EBOOK VERSION

ටිකිරි ළඳුන්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Little Women නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ David Copperfield නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

ළමා කොල්ලය

Highlights:

19 වැනි සියවසෙහි විසූ ශ්‍රේෂ්ඨ කතුවරයකු වූ ආර්.එල්. ස්ටීවන්සන් විසින් රචනා කරන ලද කෘතීන් අතරින් ඉහළින් වැජඹෙන් ‘ද කිඩ්නැප්ඩ්’ නවකතාවේ සිංහල පරිවර්තනය “ළමා කොල්ලය” නමින් ප්‍රකාශයට පත් ව තිබේ.

BUY EBOOK VERSION

රොබින්සන් කෲසෝ

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

BUY EBOOK VERSION

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

BUY EBOOK VERSION

යහපත් යාත්‍රිකයා

Highlights:

කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.

BUY EBOOK VERSION

කුලීකාර කතා වස්තුව

Highlights:

සිංගප්පූරුව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සමයේ එරට පැවති සමාජ ක්‍රමය පිළිබිඹු කරමින්, සත්‍ය කතාවක් අනුසාරයෙන් ලියැවුණු නවකතාවක සිංහල පරිවර්තනයයි.

BUY EBOOK VERSION

සෙනෙහසක උරුමය

Highlights:

එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.

BUY EBOOK VERSION

සාර භූමි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

පර්ල් එස. බක් නම් ඇමරිකානු කතුවරිය විසින් ‘ගුඩ් අර්ත්’ නමින් නිර්මාණය කරන ලද මෙම කෘතියට 1932 වසරේ දී පුලිට්සර් සම්මානය ද, 1938 වසරේ දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ද හිමි විය. වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙලූ තියුණු බැල්මක් වැනි ය.

ඇනා කැරනිනා

Highlights:

ඇනා කැරනිනා යනු ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත කෘතියකි. සාර් රජවරුන් රුසියාව පාලනය කළ 1870 වැනි සමයක ලියැවුණු බැවින් මෙහි චරිතවලින් බොහොමයක් ධනවක් පැලැන්තියට හා රජවරුන්ට අයත් වේ. එම සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නට ද මෙයින් මහඟු පිටිවහලක් ලැබේ.

BUY EBOOK VERSION

හර්කියුලිස් සහ වෙනත් කතා

Highlights:

ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.

ගලිවරය

Highlights:

කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping