Product Tag: Religion & Beliefs

Religion & Beliefs

Showing all 12 results

Show:

කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍ර ප්‍රත්‍යවලෝකන

Highlights:
අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත, මහාචාර්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාම්න්ද්‍ර ප්‍රත්‍යවලෝකන ග්‍රන්ථය සිංහල භාෂා සාහිත්‍යය ප්‍රදානය කෙරෙන නව මාදිලියේ සාහිත්‍ය නිර්මාණයකි. සම්භාවිත පුද්ගල චරිත හා ආයතනයක් පදනම් කොටගෙන දශක හත අටක කාල පරාසයක් තුළ දේශයක සිදු වූ සමාජ, ආර්ථක , දේශපාලන හා සංස්කෘතික විපරිනාමය විචාරාත්මක විවරණයකට යොමු කළ අයුරු මෙම කෘතිය මගින් දැක බලාගත හැක.

වෛදික ආගමික සංකල්ප හා සම්බුදු දහම

Highlights:
වෛදික සමාජයේ ආගමික පසුබිම සහ මුල් බුදු සමයෙහි මූළික ඉගැන්වීම් පිළිබද යම් අවබෝධයක් මේ ග්‍රන්ථය තුළින් ලබා ගත හැක.

ආරාධනා සහිත දේවශාන්තිය

Highlights:
දේව කටයුතුවල නිරත් වූවනට හා දෙවියනට පහන් තබන පුද පුජා පවත්වන බැතිමතුනට දැනට භාවිත කරන පැරැණි කන්නලවු එකතු කොට සැපයු කන්නලවු පොතත් දෙවියන් සදහා රචිත පැරැණි ස්ත්‍රෝත්‍ර එකතු කොට සැපයූ ස්ත්‍රෝත්‍ර රත්නයන් ප්‍රමාණවත් නොවන හෙයින් දේව ආරාධනා සහිත දේව ශානතිය සැකසුම අවශය විය.

සරස්වතී නිඝණ්ඩුව

Highlights:
සරස්වතී නිඝණ්ඩුව සියවස් ගණනාවක සිට මෙරට වෛදය ශාස්ත්‍රය හදාරණ ආයුනිකයනට පිහිටවෙම්න් ජාතිය සතුවී පවත්නා සප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

Highlights:
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්‍යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.

සැරියුත් මහ රහතන් වහන්සේ

Highlights:
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්‍රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.

උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

Highlights:
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය වනාහි අප මහා ශාන්ති නායක ශක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකා නමයි. එසේ ම සෘද්ධිමත් භික්ෂූණීන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. මෙහි අතුලත් වන්නේ එතුමියගේ ජීවිත කථාව හා සම්බන්ධ තවත් කථා පුවතය.

අංගුලිමාල මහ රහතන් වහන්සේ

Highlights:
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ

Highlights:
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ

Highlights:
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

සිතට ආහාර

Highlights:
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.

අද්භූත ලෝකය පියවි ලෙසින්

Highlights:
ශ්‍රී ලාංකේය ජන සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට සිදුකරනු ලැබු හේතුවාදි ගවේෂණ අළලා සිංහලෙන් ලියවුණු ප්‍රථම කෘතිය 2001 වසරේ එළිදැක්වු “ජනකාන්ත මිථයා මත” ග්‍රන්ථයයි.
එය සම්පාදනය කළ ශ්‍රී ලාංකේය ජන විශ්වාස පිළිබද පර්‍යේෂක තිලක් සේනාසිංහයන් විසින් සම්පාදිත මෙම කෘතිය ද අප සමාජයේ ගුප්ත විශ්වාස නම් වන් අදුරු පරාසය වෙත එල්ල කළ
දීප්තිමත් විද්‍යාත්මක සහ යථර්ථවාදි ආලෝක ධාරාවක් මෙනි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping