Product Tag: SADEEPA PRAKASAKAYO

SADEEPA PRAKASAKAYO

Showing all 5 results

Show:

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.

අහිමි සෙනෙහස

Highlights:

අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන
ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ
කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි
රෑ දවස ගතවුණේ.

ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා
ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ
යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.

වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර
ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා
කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම
වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.

නිරෝගී දිවියකට අක්මා බද්ධය සඳහා අත්වැලක්

Highlights:

උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ අංශයේ වෛද්‍යවරුන් විසින් රචිත මෙම ග්‍රන්ථය අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සඳහා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ රෝගීන් හට අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන තොරතුරු දිර්ඝ වශයෙන් සඳහන් කර ඇත. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස්පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවට අත්වැලක් වනු ඇත.

ඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු

Highlights:

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු
තත්ත්වයක පැවතුණත් මරණය කවදා
කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට
කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම
ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා
අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ
අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ
අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන
අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත
දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා
මානසික වශයෙන් නීරෝගිභාවය
රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා
කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

පියයුරු පිලිකා හඳුනා ගනිමු

Highlights:

1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්‍රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති ‘පියයුරු පිළිකා හඳුනාගනිමු’ නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්‍යතාවයනිසි ලෙස සපුරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping