නොපෙනෙන අමනුෂ්‍යයන්ගෙන් සිදු වන විපත්
අමනුෂ්‍යයන් යනු කවුරුන්ද? අමනුෂ්‍යයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ කුමක්ද? යන්න ධර්මානූකූලව මෙම ග්‍රන්ථය තුළින් පහදා දී ඇත.
මනස දකින පියවි ලොව
- මරණාසන්න අත්දැකීම්වලදී හමු වූ මළගිය ඇත්තෝ
- සිරුර රෝහල් ඇඳේ තිබියදී මා එයට ඉහළින් සිටිනු දුටුවා
- මට ලෙඩක් දුකක් එන විට අම්මාට එය සිහිනෙන් පෙනෙනවා
- ශ්‍රී ලංකාවේ සිටි පුතාගේ මරණය අමෙරිකාවේදී මව මනසින් දකී….යනාදිය
අමනුෂ්‍යයන් නිසා හටගන්නා රෝග (හොල්මන් අවතාර තුළ ඇති ධර්මානුකූල පදනම)
අමනුෂ්‍යයන් නිසා හටගන්නා රෝග නමැති මෙම ග්‍රන්ථයෙන් විවිධ අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසාට ඇතිවන කායික මානසික රෝග ගැන ක්‍රමාණුකූල පර්යේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කර තිබේ.
අහිමි සෙනෙහස
අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන
ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ
කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි
රෑ දවස ගතවුණේ.
ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා
ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ
යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.
වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර
ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා
කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම
වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.
යොවුන් වියට ලිංගික අධ්‍යාපනය
ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍යයේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.
සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍යය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.
Minieela – මිණිඊල
මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වුයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දි හදුන්වා දෙන ලද්දේ ශ්‍රි ලාංකික රාජ පරම්පරවෙ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇදුමක් ලෙසින් ය්. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි.එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනිමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්‍රබෝධය පමණක් තිබිණි.
.