‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.