Product Tag: Sandamadhavee Publishers

Sandamadhavee Publishers

Showing all 6 results

Show:

වජ්‍ර කස්තුරි

Highlights:

“පටන්ගත්ත හැටියේම ප්‍රශ්න කියවන්න මමත් ආස නැහැ චූටී..නමුත් ඔයාට වගේ ජීවිතය ඔහේ වෙච්චාවේ කියලා හරවගෙන යන්න පුළුවන් පාරක නෙමෙයි මම ඉන්නේ. මම කාගේ කවුද, එතකොට මගේ අතීතය
ගැන ඔයා දැනගන්න ඕනේ චූටී.. ඔය හිතේ තියෙන ඔක්කොම
හරි වෙන්න ඇති. මේ ආදරයත් වෙන්න ඇති. ඒ වගේම මමත්
ඔයාට ආදරෙයිත් තමයි. නමුත් ඇත්ත තිත්තයි චූටී..ඒ ඇත්ත
අපිට වඩා ඔයාගේ අම්මාට තේරෙනවා. අම්මා ඉන්න තැන ගැන
මටත් හොඳට තේරෙනවා. මොකද මමත් එහෙම වෙලා ජීවිතයෙන්
හෙම්බත් වෙච්ච මනුස්සයෙක් නිසා” මේඝ ඔහේ කතාකළා.

“ම..මට ඔයා කියන ඒවා දැන් හිතන්න බයයි අයියේ.. මොකද
එතකොට මට මේ දැනෙන සැනසීම නැතිවෙයි. ඔයාට බැරිද ඔය
හැමදේම මට ඉස්සරහ දවසකදී කියන්න? එතකල් ඔයාට පුළුවන්ද
මේ වගේ මගේ අතක් අල්ලගෙන හෙමිහිට මෙහෙම ඇඟිලි එහා
මෙහා කරන්න? තව පුළුවන් නේද මගේ කොණ්ඩේ අස්සෙන් මේ
විදියට ඔයාගේ නහය තියාගෙන ඉන්න” විහේලි අඩුම ඔළුවවත්
උස්සන්නේ නැතිව ඒ ඉරියව්වෙන්ම අහද්දී මේඝ ඉබේම ගොළු වුණා.

සදහටම ඔබගේමයි

Highlights:

“මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ.
එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න
පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත්
කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට
ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ
ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන
අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ.
මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ
නැහැනේ වෙන කෙනෙක්…

යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ
හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි
මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා
ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට
අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා
වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට
පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න
මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ…
මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.”

අරිත සිංහබාහු.

පමාවී පිපුණු මල්

Highlights:

“ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා
හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම්
මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට
ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන
එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු
ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට
ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ
දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන.
අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක්
වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ
තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”

නුවී නුගාරා

Highlights:

“ජීවිතේ මට කවදාවත් විශ්වාසවන්ත මනුස්සයෙක් හිටියේ නැහැ. හැබැයි දවසක විජේ ඒ විශ්වාසය මට දුන්නා. මගේ දරුවාට තාත්තෙක්ගේ යුතුකම් කළා මගේ පුතා චූටි කාලේ වැටි වැටි පස්සෙන් දිව්වේ හෙක්ටර්ගේ පස්සේ නෙමෙයි විජේගේ පස්සේ. පුතා වැටුණම දුවලා ගිහින් වඩාගත්තේ විජේ මිසක් හෙක්ටර් නෙමෙයි. දරුවට අසනීපයක් උනාම ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වෙත් ඒ මනුස්සයම තමයි. මම නරෙති දාක මගේ දරුවාට බලන්න ඉන්න මනුස්සයා ලවා මම මිනීමරවන්නේ නෑ. මම අඬගහන පමාවට මිනියක් ගහක එල්ලන්න, වළක් කපන්න, මට එකට මිනිස්සු සීයක් ඉන්නවා. මිස්ට එකක් වැරදුනා. මිස් හිතුවද මම එල්ලුම් ගහට නියමවෙද්දීත් මම මගේ පුතාව තනිකරයි කියලා? මිස් දරු දුක තාම අඳුනන්නේ නැහැ. මගේ පුතාව මගෙන් පස්සේ බලාගන්න කෙනෙක් ඉන්නම ඕනේ. විජේ ඒක කරයි. ඒ අත් දෙකේ කාගෙවත් ලේ ගෑවිලා නැහැ”

මනෝහාරි

Highlights:

ගැහැණු හිතක පතුලකට එබෙන්නට,
ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින්
සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැණු රුව ළඟ ඇහැරෙන්න
පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත් ළඟ
ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි
සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්.
පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර
කලාවක්. එය නිවී ගිය නිද්‍රාශීලි කලාවක්.
ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන්
ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන
පිරිමි හිතක සියුමැලි මෘදු බව
අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර
ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර
වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක
බැල්මකට, එකම එක ස්පර්ශයකට,
එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච
පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව
ගැහැනු හිත් මහ හයියෙන් අල්ලාගෙන
ඉන්නේ තමන්ගේ ආත්මයෙන්මයි.

මට පෙර සිටි ඇය

Highlights:

අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping