Product Tag: sarath wijesooriya

sarath wijesooriya

Showing all 22 results

Show:

බිතු සිතුවම් වැනි මිතුදම්

Highlights:

“මට මේ වාත අමාරුව හැදුණෙ වෙන ඒව කරලයි. ඒ දවස් වල හෙණ කට්ට අව්වේ රබර් වළවල් කපන්න ගිහින්. දවසක් මට හොඳටම දැනුණ උදැල්ල පස්සට ගන්න කොට මුදුන් යට ලීයක් කැඩුණ වගේ කොඳු ඇටේ දිගේ මොකක්ද එකක් පුපුරණව… උන් මන් අස් කරෝතින් නම් මන් ඔතන ගිනි තියලයි නවතින්නෙ..”

සිතින් සිතක් රිදෙනා හැටි

Highlights:

මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් “සිත් රිදීම්” හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.

පෙම්වතුන්, පෙම්වතියන්, අඹු සැමියන්, දෙමාපියන්, දරුවන්, අසල්වාසීන් පමණක් නොව එකට වැඩ කරන අය අතර ද සිත් රිදීම් ඇතිවීම සොබාවයයි. හේතු ඇතුව ද නැතුව ද සිත් රිදෙන තත්වයන් තිබේ. කිසිදු කිසිවිටක කිසිවෙකුගේ සිතක් නොරිද වූ කෙනෙකු නැත. සමහර සිත් රිදීම් දුර දිග ගොස් අවසාන මනුෂ්‍ය සම්බන්ධතා ද බිඳ වැටේ. මේ තත්වය ගැන අවබෝධයක් ලබාදීමට “සිතින් සිතක් රිදෙනා හැටි” නම් කෘතිය සම්පාදනය කර ඇත.

අවබෝධයෙන් ජීවත් වීම

Highlights:

‘දැනුම’ සහ ‘අවබෝධය’ යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‘දැනුම’ ලබා ගත හැකිය – ලබා දිය හැකිය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය – අත්කර දිය නොහැකිය. ‘අවබෝධය’ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ ‘අත්දැකීම්’ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට – මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. ‘තේරුම් ගැනීම’ – දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් – ජීවිතය පෙනෙන්නේ නැත.

‘මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත.101

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‘ජීවිතාවබෝධය’ වෙනුවෙන් ලියන ලද්දකි.

සැනසුම පිණිසයි

Highlights:

මේ කෘතියේහි ඇතුළත් වන්නේ සත්‍ය අත්දැකීම් ය. ඒවායෙන් බහුතරයක් මගේ ය. සමහර ඒවා අන්‍ය‍යන්ගේ ය. සියල්ල අවධිමත් ලෙස තැන් තැන්වල සටහන් කර තිබුණි. සමහර සටහන් කියවන විට හැම අත්දැකීමකම කිසියම් අපූර්වත්වයක් ඇතැයි මට සිතුණි. එනිසා ඒවායෙන් පනහක් සංග්‍රහ කර මේ කෘතිය සම්පාදනය කර ඇත.

නිර්මාණ අධ්‍යයනය

Highlights:

සාහිත්‍ය ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්ගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය නිර්මාණාත්මක කටයුත්තක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කිසියම් අලෝකයක් සැපයීම මේ කෘතිය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

මගේ නඩුව ඉවරයි

Highlights:

අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්‍රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.

මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්‍රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.

ගුරු භූමිකාවට පෙරවදනක්

Highlights:

ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.

ආදරයයි කරුණාවයි

Highlights:

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි.

පැහැරගෙන යාමට පෙර

Highlights:

නිදහස තරම් වටිනා යමක් තිබේ ද?

ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.

මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?

ආදරණීය දෙමාපියනි

Highlights:

දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත් වන නූතන දෙමාපියන්, වෙනස් වෙමින් විපරීත වන සමාජයක ජීවත්වන නූතන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, අවසන් දරුවන් දෙයාකාරයකින් අසාර්ථක ඵල ලබන්නේ ය. එක් ඵලයක් නම් දරුවන් අධ්‍යාපනය පමණක් නොව ජීවිතය ද අසාර්ථක කර ගැනීමයි. අනෙක් ඵලය නම් අධ්‍යාපනය සාර්ථක කර ගත්ත ද, ජීවිතය අසාර්ථක කර ගැනීමයි. ඒ මන් ද?

දරුවන්ට ගහන්න එපා

Highlights:

පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.

දිනෙන් දින ප්‍රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.

ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.

තාත්තා

Highlights:

“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.

මිනිපිරියගේ ලියුම

Highlights:

පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.

මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.

දයාබර තාත්තාට

Highlights:

මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.

මිහිරි හැඟුම්

Highlights:

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.

“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.

ඇසට නො පෙනෙන සිතට නො දැනෙන

Highlights:

අප ඇසුරු කරන අප දන්නා හඳුනන සම්හර පුද්ගලයන් සිතා මතා, එසේ නැතහොත් කිසිම අදහසක් අරමුණක් නැතිව, කරන කියන දෑ නිසා ‘සිතක් රිදෙන පෙළෙන සැටි’ වටහා ගැනීම අසීරුය. ඇසට නොපෙනෙන, සිතට නොදැනෙන එවන් සත්‍ය අත්දැකීම් මෙහි අන්තර්ගතය. ඒවා ජීවිතය හා සමාජය තේරුම් ගැනීමට උපකාර වේ යැයි කිව හැකිය.

පුතාට ලියමි

Highlights:

“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.

හෙට අලුත් ජීවිතයක්

Highlights:

සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.

මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.

සිතුවිලි කළවම

Highlights:

ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.

ආදරණීය දරුවනි

Highlights:

මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්‍තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

විමුක්තිය

Highlights:

යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද ‌මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping