Product Tag: shabdakosha

shabdakosha

Showing all 16 results

Show:

මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)

Highlights:

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය (කුඩා)

Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයෙන් තරුණ පරපුරට වඩාත් ගැළපෙන පරිදි තෝරා ගත් වචන අඩංගු කොට, කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය කොට තිබේ. පහසුවෙන් රැගෙන යා හැකි පරිදි නිර්මාණය කොට ඇති මෙහි සම්පාදකවරයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් සංස්කාරවරයකු සහ ග්‍රන්ථ කතුවරයකු වන පර්සි ජයමාන්න මහතාය.

පාලි -සිංහල අකාරාදිය

Highlights:

පාලි බස ඉගෙන ගන්නා සියලු දෙනාට ඉතා ප්‍රයෝජනවත් වන මේ ආකාරාදිය දැනට පාලි බසෙහි භාවිතයෙහි පවතින වචන බොහෝ ගණනක අරුත් සිංහලෙන් දක්වයි. පිරිවෙන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් ය.

ගුණසේන පින්තූර ශබ්දකෝෂය

Highlights:

පාසල් අධ්‍යාපනයේ දී භාවිත වන විශේෂ වදන් ඇතුළත්, දරුවන්ගේ විෂය පථයට ගැළපෙන, අර්ථය වඩාත් පැහැදිලි කරන අරමුණින් වර්ණ සිතුවම් ද ඇතුළත් කොට, ප්‍රවීණ අධ්‍යාපනඥයන්ගේ හා විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ සංස්කරණය කෙරුණු, ගුණසේන ළමා ශබ්දකෝෂය ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනයට ශක්තිමත් ඇතිවැලකි

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – පොකට්

Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.

සිංහල-ඉතාලි- ඉංග්‍රීසි ශබ්දකෝෂය

Highlights:

ඉතාලි භාෂාව ඉගෙනුම ලබන සියලු දෙනාටම නිසැක ලෙසම ප්‍රයෝජනවත් වන මෙම ශබ්දකෝෂය පොදුවේ භාවිත වන ඉතාලි වදන් රැසක් ඉදිරිපත් කරයි. ඉතාලිය පිළිබඳ දිගු කාලයක අත්දැකීම් ඇති මෙම කතුවරයා සාමාන්‍ය භාවිතයේ පවතින වදන් රාශියක් මෙයට ඇතුළත්කොට තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඉතාලි බස පිළිබඳ උනන්දුවක් දක්වන්නවුන්ට ද මෙය එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.

ගුණසේන සිංහල – සිංහල (කුඩා) ශබ්දකෝෂය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිංහල භාෂාවේ පොදුවේ යෙදෙන බොහෝ වදන් සහ ඒවායේ අර්ථ මෙහි අඩංගු වේ. පාසල් දරුවන් ඉළක්ක කොටගෙන විශේෂයෙන් සම්පාදනය කෙරුණ ද, සිංහල භාෂාව හා සාහිත්‍ය හදාරන ඕනෑම අයෙකුට මෙම ශබ්දකෝෂය සුදුසුය.

ආධුනික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

Highlights:

ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන 6000 කටත් වඩා අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙහි කතුවරයා වන මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව ද මනා පරිචයක් ඇති බැවින් මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.

ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය

Highlights:

බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.

ගුණසේන ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය

Highlights:

ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන බොහොමයක් අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.

ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය

Highlights:

ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.

මහා සිංහල ශබ්දකෝෂය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.

මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Highlights:

ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.

මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Highlights:

ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

5 ★
5 ★
4 Ratings
5 ★
4
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය

Highlights:

ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping