Product Tag: Shiva

Shiva

Showing all 3 results

Show:

ශිව – වායුපුත්‍රවරුන්ගේ ශපථය

Highlights:

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?

ශිව – මෙලුහාවේ අමරණීයයෝ

Highlights:

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැණි ප‍්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

ශිව – නාගයන්ගේ රහස

Highlights:

නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු  ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping