Product Tag: song book

song book

Showing all 2 results

Show:

මලක් වුණේ ඇයි නුඹ මට

Highlights:

ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.

සඳ තරු මල් ගී මුතු වල්

Highlights:

විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්‍රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping