Product Tag: Translation Books

Translation Books

Showing all 23 results

Show:

ජීවිතය යළි ලදිමි

Highlights:
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකි ද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැගව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිදු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය.

අනෙක් මව්වරුන් ජීවිතාශාවෙන් තම දරුවන් අතරමග දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තෙම නැහෙයි.

සමාජ ඉතිහාසයේ ඉතා අදුරුම යුගයකදී මානව බැදීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළගාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළිකරයි.

ආධිපත්‍ය

Highlights:
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු‍, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම,  අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය.

පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.

නයිටිංගේල්ගේ රහස

Highlights:
ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?

ජීවිතයම ඔබේ නමින්

Highlights:
නැන්සි සහ මයිකල් ප්‍රේමයට ගෞරව කළහ. ප්‍රේමයෙන් බැඳී සිටියහ. ඔවුන් නොදැන සිටියේ ප්‍රේමයේ දැඩි පරීක්ෂාව ඔවුන් ඉදිරියේ ඇති බවය.
කොටර් – හිල්යාඞ් වෙළෙඃද අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු කඩවසම් මයිකල් වූයේය.
නැන්සි, රූමත් එහෙත් ආතක් පාතක් නැති අනාථ චිත‍්‍ර ශිල්පිනියක වූවාය.
කිසි දිනෙක එකිනෙකාගෙන් සමු නොගන්නා බවට ඔවුහු පොරොන්දු දී සිටියහ.
එය ලෙයින්, කඳුළින්, ඩහදියෙන් සපුරාලන ආත්මීය පොරොන්දුවක් ද වූයේය.

තෝර්ගේ මිටිය

Highlights:

ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය – ලෝක නවයේම තියන බලවත්ම බලවේගය – නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා.ඒත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, ඒක සතුරාගේ අතට පත්වෙලා.

මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම ඒක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක‍්‍රමණයට එරෙහිව මරණීය රාජධානි අනාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්නෙන් දැවේවි.

අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- ඒ වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.

ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01

Highlights:
 එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;
” ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ”
එතකොට අනිත් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
“මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයට කසාද බැන්දොත්,
මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ !”
………………………………………………………………..ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි.
මිනිස් ලේ එක්වරක් රස බැලු ව්‍යාඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.
මෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි.
ඝාතකයාගේ මීළග ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු
වෙත වීමට ඉඩ තිබේ.

දෙහදක සටන

Highlights:
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වුවාය. මාකි වුල්කන් සහ ආර්‍යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවර්ස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධවනයකට පොළබවා ගන්නේ උපක්‍රමශිලීවය. ඔහු අතරමඟ ගම්බඳ නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩීයාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනිම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලසුමක් බව දැනගැනීමෙන් ආර්‍යා කැරොලයින් භීතියට පත්වේ. අවසානයේ ඇය පරිපූර්ණ ප්‍රීතිමත් බව අත්කර ගත්තේ කෙසේද යන්න මේ සරාගී මෙන්ම භීතිය ඇතිකරවනසුලු සාහසික ප්‍රේම වෘතාන්තයේ සටහන්ව ඇත.

හිට්ලර්ගේ දින සටහන්

Highlights:

Selling Hitler’ නමැති කෘතිය බ්‍රිතාන්‍ය‍යේ මාධ්‍යවේදියෙකු වන රොබට් හැරිස්ගේ කෘතියකි. හිට්ලර් විසින් වර්ෂ දහතුනකට ආසන්න කාලයක් අවිචාරවත් ඒකාධිපති පාලනයක් ගෙන යමින් මිලියන හැටක පමණ ලෝක ජනතාවක් අකාලයේ මියයාම හා ගණන් හිලවු බැලිය නොහැකි දේපළ විනාශයක් සිදුකිරීම සම්බන්ධ සියළු තොරතුරු හා ඔහුගේ ජීවිතය සම්බන්ධ අනෙකුත් තොරතුරු අලලා සිරිසේන රත්නායක විසින් මෙය “හිට්ලර්ගේ දින සටහන්’ ලෙස පරිවර්තනය කර ඇත.

වුල්ෆන් -The Wolfen

Highlights:
වුල්ෆනයන් හෙවත් වියර්වුල්ෆයන් මේ අද්විතිය භීෂණ පුවතෙහි තේමාවයි. ඔවුහු මෑන්හැට්න් නගරයෙහි ම රැළ ගණනින් ජීවත්වෙති.සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ සොයන්නට බලන්නට කිසිවකු නැති මහලු අසරන මිනිසුන් ය. තරුණ පොලිස් භටයන් දෙදෙනෙකු අඥාන ලෙස ඝාතනය කෙරුණු විට ජෝර්ජ් විල්සන් සහ බෙකි නෙෆ් යන රහස් පරීක්ෂකයන් ඒ රාජකාරිය සඳහා යොදවනු ලැබේ. එහෙත් නොබෝ කලකින් ම වුල්ෆනයෝ රහස් පරීක්ෂකයන් දෙ දෙන දඩයම් කිරීම අරඹති.
වුල්ෆනයන් යනු වෘකයන් බවට පරිවර්තනය වුණු මිනිසුන් නොවේ. ඔවුහු එහෙම පිටින් ම වෙනස් සත්ත්ව විශේෂයක් වෙති. බොහෝ දුරටම මිනිසා ගේ මුහුණ වැනි මුහුණු ද අත් වැනි ගාත්‍රා ද ආඝ්‍රාණයේ සහ ශ්‍රවනයේ පුදුමාකාර බලයෙහි ප්‍රතිඵලයක් වූ අධිමානුෂික බුද්ධි මහිමයන් ද ඔවුනට ඇත.

මහායොද්ධ කල්කි : ශිව අසිපත

Highlights:
සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන්  මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.

ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි – ශිව අසිපත හමාර කතාවේදී ය.

ඇමසෝනියා

Highlights:
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරම්න් පැය කීපයක් තුළදී මරණයට පත්වේ.
නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින් අවසානයේදී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයාගැනීමට ඔවුහු සමත් වෙයි.ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?

මිනිසාට කිසිිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේවිද?

බුද්ධ – THE BUDDHA

Highlights:
මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.

පොල් රුප්පා සහ මුතු පංති

Highlights:
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

සිතට ආහාර

Highlights:
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.

සකුන්තලා

Highlights:
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි

හන්ටිං පාටි

Highlights:
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !

දූවිලි දේදුන්න

Highlights:
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.

නිල් දියමන්තියේ අබිරහස

Highlights:
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.

ගිගිරි හඬේ අබිරහස

Highlights:
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

විවාහකයා

Highlights:
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.

හැරී සහ හෝප්

Highlights:
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping